UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොරැල්ල අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානයේ පාරමිතා පෙරහර මැදින් පොහෝ දා

බොරැල්ල අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානයේ පාරමිතා පෙරහර මැදින් පොහෝ දා

කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ අතුලදස්සන බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික පාරමිතා පෙරහර මැදින් පුර පසළොස්වක පෝදිනයෙහි උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට අතුලදස්සන බෞද්ධ මධ්‍යස්ථානාධිපති අමරපුර සිරිසද්ධම්මවංස මහා නිකායේ සල්පිටි හේවාගම් දෙකෝරළයේ ප්‍රධාන සංඝ නායක බොරැල්ලේ අතුල නාහිමිපාණන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වයෙන් සංවිධානය කර ඇත. අතුලදස්සන බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන මෙම පාරමිතා පෙරහර බෝධිත්‍රයයෙන් ‘මහාබෝධි පාරමිතාව පදනම්කරගෙන සිදුවන්නකි. වාර්ෂිකව පැවැත්වෙන මෙම පාරමිතා පෙරහර තුළින් අපේක්ෂා කරන්නේ නැටුම්, ගැයුම්, වැයුම් තුළින් පෙරහරක් බලා නෙත් සිත් පිනවීමම නොවේ. තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පත්ව බුදුදහමේ යථාර්ථය කරා යොමුවීමයි.

එසේ නොමැතිනම් ශ්‍රද්ධාවෙන් යුතුව ඒ මගයන්නන්ට අනුබලයක් වීමයි. 1991 වර්ෂයේ මල් පෙරහරකින් ආරම්භව 2017 මැදින්පුර පසළොස්වක පෝදිනට 26 වෙනි වරටත් පවත්වනු ලබන මෙම පාරමිතා පෙරහර උඩරට පහතරට නැටුම්වලින් හා සියලු සංස්කෘතිකාංගයන්ගෙන් සමන්විත වේ. දේශීය විදේශීය සැදැහැවතුන්ගේ සහායයෙන් හා සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම පාරමිතා පෙරහර කොළඹ පුරවරයේ වාර්ෂිකව පැවැත්වෙන්නක් බව සඳහන් කළ හැකිය. මෙම පාරමිතා පෙරහරේ නිර්මාතෘවරයා වන්නේ බුද්ධශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම භාණක ත්‍රිපිටකාචාර්ය ශ්‍රී සද්ධර්මවාගීශ්වර ශ්‍රී සිද්ධාර්ථ මේධාලංකාර වංසාවතංස සල්පිටි හේවාගම් දෙකෝරළේ ප්‍රධාන සංඝ නායක බොරැල්ලේ අතුල නාහිමිපාණන් ය. සුපේශල ශික්ෂාකාමී යතිවරයාණන් වහන්සේ නමක් වන අතුල නාහිමිපාණන් වහන්සේ ජාතික, ආගමික, ශාසනික, සමාජයීය කටයුතුවල නිරතවෙමින් ජනහදවත් දහම් සිසිලෙන් සනහාලන හිමිනමකි. වාර්ෂික පෙරහරට අමතරව ලංකාවේ විවිධ පූජනීය ස්ථානයන් පදනම්කරගෙන පැවැත්වෙන තෙසැත්තෑ ඤාණ පූජාව, සෙංකඩගල පුරවරයේ ශ්‍රී දළදා මාළිගාවේ පැවැත්වෙන වාර්ෂික සංඝගත දක්ෂිණාව, දුෂ්කර පළාත්වල තෝරාගත් පාසල් කීපයක් උදෙසා ළමුන්ට ඇඳුම්, පැළඳුම් ආහාරපානාදිය ප්‍රදානය කිරීම ආදිය සඳහන් කළ හැකිය.

මේ සියලු සත්කාර්යයන් සඳහා අතුල නාහිමිපාණන්ට දායක දායිකාවන්ගේත්, ආශි‍්‍රතයන්ගේත් හිතෛෂීන්ගේත් නොමඳ සහාය මහත් ශක්තියක් වී ඇත. එසේම උන්වහන්සේගේ කුදුමහත් සියලු ප්‍රජා සත්කාරයන්ට උරදෙන ශිෂ්‍යවරයන් වහන්සේලා ද මහත් අනුබලයක් වී ඇත. අතුල දස්සනාරාමය, බොරැල්ල ගිලානෝපස්ථාන විහාරය යන උභය විහාරාධිකාරී බෝගහවැව රතන නාහිමිපාණන් වහන්සේ ද, ලන්ඩන් නුවර අතුලදස්සන බෞද්ධ මධ්‍යස්ථානාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක වඳුරඹ කස්සප නාහිමියන්ද, පරිවේණාචාර්ය පණ්ඩිත බොරැල්ලේ මංගල හිමියන්ද සඳහන් කරන්නේ ගෞරවයෙනි.

මෙම පාරමිතා පෙරහර පූජෝත්සවයට ගිහි පැවිදි ආරාධිතයන් රාශියක් මෙන්ම මැති ඇමැතිවරුන් රාශියක් ද සහභාගි වෙති.

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 11 වන දා සෙනසුරාදා අපරභාග 08.23 ට පොහොය ලබයි. 12 වන දා ඉරිදා අපරභාග 08.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 12 වන දා ඉරිදාය.

 

මීළඟ පෝය මාර්තු 20 වන දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 12

Second Quarterඅව අටවක

මාර්තු 20

Full Moonඅමාවක

මාර්තු 27

First Quarterපුර අටවක

අප්‍රේල් 03


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]