UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

නුගේගොඩ නාලන්දාරාමයේ නව සංඝාවාසය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අතින් ඉකුත්දා(11) විවෘත වූ අවස්ථාව. විහාරාධිපති තීනියාවල පාලිත හිමියෝද මෙහි වෙති.

කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාමාධිපති ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නා හිමියන්ගේ යතිවර දිවියට පනස් වසරක් පිරීම සහ උන්වහන්සේගේ ජන්ම දිනය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන්ගේ දූ දරුවන්ට වෘත්තීය පුහුණුව ලබාදීම සඳහා ස්ථාපිත කෙරුණු වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අතින් ඉකුත් දා (14) සීනිගමදී විවෘත විය. කොළඹ ගංගාරාමයට අනුබද්ධ ශ්‍රී ජිනරතන කාර්මික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ අනුශාඛාවක් වශයෙන් එය ක්‍රියාත්මකවන අතර හිටපු අමාත්‍යවරයෙකු වන එඩ්වින් තිලකරත්න මහතාගේ බිරිඳ විසින් කොළඹ ගංගාරාමයට පූජා කළ ඉඩමක එම මධ්‍යස්ථානය ඉදිකර තිබේ. ගංගාරාමවාසී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් පුහුණු මධ්‍යස්ථානයේ කටයුතු පිළිබඳ ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු පිරිසට කරුණු පැහැදිලි කළ අවස්ථාව.

අභාවප්‍රාප්ත තායිලන්ත රජතුමාට පින් පැමිණවීමේ පින්කමක් කොටහේන දීපදුත්තමාරාමයේදී රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා (13) පැවැත්විණි. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර මහා නාහිමි, ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමි, කොටුගොඩ ධම්මාවාස අනු නාහිමි, වස්කඩුවේ මහින්දවංශ මහා නාහිමි ඇතුළු මහසඟරුවන ඇතුළු පිරිසක් ඊට සහභාගි වූහ.

 

උඳුවප් අව අටවක පෝය

උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 20 වන දා අඟහරුවාදා අපරභාග 06.43 ට ලබයි. 21 වන දා බදාදා අපරභාග 08.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 21 වනදා බදාදාය.

 

මීළඟ පෝය දෙසැම්බර් 28 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 21

Full Moonඅමාවක

දෙසැම්බර් 28

First Quarterපුර අටවක

ජනවාරි 05

Full Moonපසෙලාස්වක

ජනවාරි 12


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]