UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වාහල්කඩ

ගල්කිස්ස දක්ෂිණාරාමයේ සියවසක ගමන් මග

දකුණු සිරිලක වූ කලී මෙරට බිහි වූ වියතුන්ටත් බුද්ධිමතුන්ටත් සුගතශාසනය බබුළුවාලීමට සමත් ශාසනානුලෝමී යති පරම්පරාවකටත් නිජභූමිය විය යන්න අතිශෝක්තියක් නොවේ. එවන් උත්තුංග භූමියෙන් අගනුවරට සම්ප්‍රාප්ත වී බොදු දන මන පුබුදු කරවන යතිවරුන්ගෙන් සුශෝභිත ගල්කිස්ස දක්ෂිණාරාමය නමැති පින් බිම 2016 ජූලි 03 වන දිනට ශතවර්ෂ පූර්ණ සංවත්සරය සමරනුයේ අභිමානවත් ඉතිහාසයක් නිමවා නවමු මං පෙතකට පියවර තබමිනි. මෙම සටහන තදානුස්මරණය සඳහා ය. 1916 ජූලි 03 වන දින ගල්කිස්ස වතුමුල්ල ප්‍රදේශයේ පර්චස් 17 ක පමණ කුඩා පෙදෙස දක්ෂිණාරාම විහාරස්ථ පුණ්‍ය භූමිය ලෙස ස්ථාපිත විය. මුල් වකවානුවේ දී ‘ආවාසය පන්සල’ යැයි ව්‍යවහාරයට පැමිණි මෙම අරමට පළමු පියවර තබා නේතෘත්වය හොබවූවෝ දික්වැල්ලේ ශ්‍රී ගුණරතන නාහිමියෝය. උන්වහන්සේගේ කලණ බව හිතාධ්‍යාශය නිසාවෙන් දකුණු පළාතේ මහ සඟරුවනට අගනුවර නේවාසිකාගාරයක් බඳු වූයේ නම් ඒ අප විහාරස්ථානයයි. එහෙයින් ම එය ‘දක්ෂිණාරාමය’ ලෙස හඳුන්වනු ලැබීය.

ඉතිරිය»

 

උඳුවප් අව අටවක පෝය

උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 20 වන දා අඟහරුවාදා අපරභාග 06.43 ට ලබයි. 21 වන දා බදාදා අපරභාග 08.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 21 වනදා බදාදාය.

 

මීළඟ පෝය දෙසැම්බර් 28 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 21

Full Moonඅමාවක

දෙසැම්බර් 28

First Quarterපුර අටවක

ජනවාරි 05

Full Moonපසෙලාස්වක

ජනවාරි 12


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]