UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කප්රුක් පූජාවක් සහිත ගිරි භණ්ඩ පූජාවක්

කප්රුක් පූජාවක් සහිත ගිරි භණ්ඩ පූජාවක්

ඓතිහාසික මිහින්තලේ මහසෑයට ගිරිභණ්ඩ පූජාවත්, ලේක්හවුස් ආයතනයේ මූලිකත්වයෙන් සෑම පුර පසළොස්වක පොහෝ දිනකම සිදුකරන කප්රුක් පූජාවත් මිහින්තලා රාජමහා විහාරාධිපති, වළවාහැංගුණවැවේ ධම්මරතන නායක ස්වාමීන්වහන්සේගේ අනුශාසනා පරිදි 2017 – ජනවාරි 12 දුරුතු පුරපසළොස්වක පොහෝ දින ඉබ්බාගමුව නැලව පොත්ගුල් විහාරයේ හිරියාල හත්පත්තුවේ උප ප්‍රධාන සංඝ නායක උඩකැන්දවල චන්දවිමල නාහිමියන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එදින වැඩසටහන

උදෑසන 5.30 ට අටසිල් සමාදන් කරවීම හා බුද්ධ පූජාව පැවැත්වීම, 6.15 ට හීල් දානය පිරිනැමීම, 7.30 – 10.30 භාවනා කිරීම හා ධර්ම සාකච්ඡා පැවැත්වීම, ඉබ්බාගමුව, වලව්වත්තේ පදිංචි මහජන බැංකුවේ විශ්‍රාමලත් නිලධාරී ඊ.එම්. ඒකනායක මහතා විසින් සිදුකරනු ලැබේ. දවල් 10.30 – 11 සම්බුද්ධ පූජාව, 11 – 12 දවල් දානය පිරිනැමීම, 1.00 – 2 පිරිත් දේශනාව ප.ව. 2.30 සිට කප්රුක් පෙරහර මිහින්තලේ සාංචි විහාරයේ සිට මහසෑය දක්වා. 3.15 ට කප්රුක් පූජාව සහ ගිරිභාණ්ඩ පූජාව පැවැත්වීම. කුරුණෑගල බෞද්ධාලෝක පිරිවෙන් විද්‍යායතනාධිපති ඓතිහාසික ලුණුකඩ වැල්ල රාජමහා විහාරයෙහි භාරකාර ශාස්ත්‍රපති පණ්ඩිත කිරිදිගල්ලේ ඤාණරතන හිමියන් විසින් සහ සවස 5.30 සිට 6.30 දක්වා පිරිත් සජ්ඣායනය හා පිරිත් නූල් බෙදා දීම. මීගමුව කුරණ මංගල පාරේ පදිංචි ශ්‍රී ලාල් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

 

උඳුවප් අව අටවක පෝය

උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 20 වන දා අඟහරුවාදා අපරභාග 06.43 ට ලබයි. 21 වන දා බදාදා අපරභාග 08.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 21 වනදා බදාදාය.

 

මීළඟ පෝය දෙසැම්බර් 28 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 21

Full Moonඅමාවක

දෙසැම්බර් 28

First Quarterපුර අටවක

ජනවාරි 05

Full Moonපසෙලාස්වක

ජනවාරි 12


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]