UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය-2016 ආදර්ශ ප්‍රශ්නෝත්තර - බුද්ධ ධර්මය

අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය-2016:

ආදර්ශ ප්‍රශ්නෝත්තර - බුද්ධ ධර්මය

4 වන අභ්‍යාසය

1) චේතියඝර හෙවත් වටදාගෙය ස්තුපය සඳහා ඉදිවූ පියස්සක් සහිත ගෘහයකි. එමෙන්ම ස්තූපයේ ආරක්ෂාව සඳහා නිර්මාණය වූවකි. ලක්දිව හොඳම වටදාගය දක්නට ඇත්තේ,

1. පොළොන්නරුවේ හා මැදිරිගිරියේය
2.පොළොන්නරුවේ පබුලු වෙහෙරෙ හා අනුරාධපුර ථූපාරාමයේදීය
3.කතරගම කිරි වෙහෙර හා යුධගනා වෙහෙරය
4. මුතියංගණයේ හා කැලණියේය

2)වාහල්කඩ යනු ස්තූපයන්හි ගර්භයට සම්බන්ධ සිවුදිසාවට මුහුණලා තනන ලද අලංකාර තොරණක් වැනි අංගයකි. ලක්දිව හොඳම වාහල්කඩ දක්නට ඇත්තේ,

1. මිහින්තලේ සේල චෛතයය අසලය
2. මිහින්තලේ කණ්ඨක චෛත්‍යය අසලය
3. මිහින්තලේ මිස්සක පව්ව අසලය
4. මිහින්තලේ අම්බස්තල චෛත්‍යය අසලය

3)බෝධි වෘක්ෂයේ ආරක්ෂාව සඳහා බෝධීන් වහන්සේ වටා නමන ලද පියස්ස සහිත මණ්ඩපය බෝධිඝරය නම් වේ. ශ්‍රී ලංකාවේ කලාත්මක බවින් උසස්ම බෝධිඝරයක් දක්නට ඇත්තේ,

1. නිල්පණාගොඩය
2. නිල්ලක්ගමය
3. නිල්මල්ගොඩය
4. නීලම්මහරය

4)බෞද්ධ සිද්ධස්ථානයකට පිවිසෙන පියගැටපෙළක ආරම්භයේ දක්නට ලැබෙන අර්ධ කවාකාර ගල් පුවරුව සඳකඩ පහන නමින් හැඳින්වේ. ශ්‍රී ලංකාවේ කලාත්මක සඳකඩ පහන ලෙස නම් කර ඇත්තේ,

1.පොළොන්නරුවේ විද්‍යාධර ගුහාව ළඟ ඇති සඳකඩ පහනය
2. අනුරපුර ශ්‍රී මහා බෝධිය ළඟ ඇති සඳකඩ පහනය
3.අනුරපුර බිසෝ මාළිගාව ළඟ ඇති සඳකඩ පහනය
4. අනුරපුර රුවන් වැලි සෑය ළඟ ඇති සඳකඩ පහනය

5)අනුරපුර යුගයට අයත් සඳකඩ පහනින් භව චක්‍රය අර්ථවත් කරතැයි යන මතය දරණු ලබන්නේ,

1.පුරාවිද්‍යාඥ බෙන්ජමින් රෝලන්ඩ් මහතාය
2. පුරාවිද්‍යාඥ එච්. සී. පී බෙල් මහතාය
3.පුරාවිද්‍යාඥ සෙනරත් පරණවිතාන මහතාය
4. පුරාවිද්‍යාඥ මජුන්දාර් මහතාය

6) විහාර මන්දිරයක හෝ රාජකීය ගොඩනැඟිල්ලක දොරටු අලංකාර කරන අර්ධකවාකාර මුදුන සහිත ගල්පුවරු දෙක මුරගල නමින් හැඳින්වේ. දැනට විද්වතුන්ගේ සම්භාවනාවට ලක්වූ කලාත්මකම මුරගල හමුවන්නේ,

1. ලෝවාමහාපායේ දොරටුවෙන්ය
2 . අභයගිරියට අයත් රත්නප්‍රාසාද ගොඩනැගිල්ලෙන්ය
3. රුවන්වැලිසෑය අභියස ඇති දොරටුවෙන්ය
4. ථූපාරාමය අභියස ඇති පඩි පෙළෙන්ය

7) බෞද්ධ සිතුවම් මඟින් ජනතාවට බෝසත් චරිතය පිළිබඳව දැනුම ලබා දෙමින් ශ්‍රද්ධාව වර්ධනය කරන අතර ඔවුන්ගේ ජීවිත වලට ද කිසියම් ආදර්ශයක් ල බා දෙයි . පොළොන්නරු යුගයේ විශාලම සිතුවම් දක්නට ඇති ස්ථානය නම්

1. තිවංක පිළිම ගෙයයි
2. විද්‍යාධර ගුහාවයි
3. ථූපාරාම පිළිම ගෙයයි
4.පබුළු වෙහෙරයි

8) ගුරුළුගෝමී පඬිතුමන්ගේ විශාරද දැනුම ප්‍රකට කරන අසහාය ග්‍රන්ථය නම් මින් කුමක්ද?

1. අමාවතුරය
2.බුත්සරණය
3.ධර්මප්‍රදීපිකාවය
4. මුවදෙව්දාවතය

9) පළමුවන කාශ්‍යප රජුගේ වාසස්ථානය වූ සීගිරිය බැලීමට ගිය ජනතාව එහි කැටපත් පවුරේ ලියා ඇති කුරුටු ගී ගණන ඉතා විශාලය. එයින් වැඩිම ප්‍රමාණයක් කියවා ඇත්තේ

1.නන්දසේන මුදියන්සේ මහාචාර්යය තුමාය
2.එච්. සී.පී බෙල් නමැති පුරාවිද්‍යාඥයාය
3.බෙන්ජමින් රෝලන්ඩ් පුරාවිද්‍යාඥයාය
4.මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන්ය

10)”දල්හ නේමේ” නම් සක්විති රජු ධාර්මිකව රට පාලනය කරන විට වටිනා සම්පත් හතක් පහළ විය. රාජ්‍යත්වයේ සංකේතය ද එම රත්නයන්ගේම එකක් විය. එම සත්ත රත්නයන්ගෙන් පළමුව පහළ වූයේ

1. චක්‍ර රත්නයයි
2. හස්ති රත්නයයි
3.අස්ව රත්නයයි
4. ස්ත්‍රී රත්නයයි

11)ආගම, සද්ධා, අධිගම සද්ධා, ඕකප්පන සද්ධා, පසාද සද්ධා, අවෙච්චප් පසාද සද්ධා ආදී වශයෙන් ශ්‍රද්ධාවෙහි විවිධ ප්‍රභේදයන් ඇත. මෙයින් අවෙච්චප් පසාද සද්ධා යනු

1. ත්‍රිවිධ රත්නය පිළිබඳව කරුණු දැන ඇති කරගන්නා ශ්‍රද්ධාවයි
2. බුද්ධ රත්නය පිළිබඳව කරුණු දැන ඇති කරගන්නා ශ්‍රද්ධාවයි
3. කරුණු නොදැන පදනමකින් තොරව ඇති කරගන්නා ශ්‍රද්ධාවයි
4. කරුණු කාරණා දැන ඇති කරගන්නා ශ්‍රද්ධාවයි

12) තමා හා වාද කිරීමට සරිලන අයෙකු මෙතෙක් පහළ වී නැතැයි සිතා උඩඟුවෙන් ක්‍රියා කොට සූර්යයා ලෝකය හමුවේ කණාමැදිරි එළිය වියකී යන්නා සේ බුදුරදුන් හමුවේ පරාජයට පත් වූයේ,

1. සුචිරෝම නම් වූ යක්ෂයාය
2. කරරෝම නම් වූ යක්ෂයාය
3. ආලවක නම් වූ යක්ෂයාය
4. සච්චක නම් වූ නිගණ්ඨ පුත්‍රයාය

13) ඉගෙනීමේදී මනස නිරවුල්ව තබා ගැනීම සඳහා බුදු දහමට අනුව වඩාත් යෝග්‍ය යැයි ඔබ යෝජනා කරන්නේ මින් කුමක්ද?

1. භාවනා කිරීමය
2. ක්‍රීඩා කිරීමය
3. නිදා ගැනීමය
4. නිශ්ශබ්දව සිටීමය

14)ගැටලුවකදී අදෘශ්‍යමාන බලවේග කෙරෙහි අවධානය යොමු නොකට ගැටලුව විශ්ලේෂණය කර ඇති තතු ඇති සැටියෙන් දැන හඳුනාගෙන විසඳුමක් ලබාගැනීම බුදු දහමෙහි හැඳින්වෙන්නේ,

1. අහේතුඅප්පච්චවාද නමින්ය
2. ඊෂ්වර නිර්මාණවාද නමින්ය
3. පටිච්චසමුප්පාද නමින්ය
4. පුබ්බකම්මවාද නමින්ය

15) වාර්ෂිකව දහම් පාසල් අතර පවත්වනු ලබන දහම් දැනුම තරඟයට සිසුවෙකුගෙන් ඇසූ මුල්ම ප්‍රශ්නය වූයේ ගේහසික ශීලය යනු කුමක්ද? යන්නය. මෙයට ඔහු දුන් නිවැරැදි පිළිතුර වූයේ,

1. දසසිල් යන්නය
2. අටසිල් යන්නය
3. පන්සිල් යන්නය
4. ආජීව අෂ්ඨමක සිල් යන්නය

පිළිතුරු

1-1
2–2
3–3
4–3
5–3
4–3
5–3
6–2
7–1
8–3
9–4
10–1
11–1
12–4
13–1
14–3
15–3

 

  නිකිණි අමාවක පෝය

 නිකිණි අමාවක පෝය අගෝස්තු 31 වනදා බදාදා අපරභාග 02.03 ට ලබයි. සැප්තැම්බර් 01 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 02.33 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 31 වනදා බදාදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 09 වනදා සිකුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 31

First Quarterපුර අටවක

සැප්තැම්බර් 09

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 16

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 23


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]