UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත්දා (27) පස්වරුවේ ශ්‍රී දළදා මාලිගාවට ගොස් දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් පසු අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහානායක මා හිමියන් බැහැ දැක උන්වහන්සේ සමඟ විශේෂ සාකච්ඡාවක නිරත වූ අයුරු. අමාත්‍ය එස්.බී. දිසානායක මහතාද මෙහි වේ.
ඡායාරූප - අසේල කුරුළුවංශ

තෙල්වත්ත දළුවතුමුල්ල බෝධිමළු විහාරය, හික්කඩුව පතන ශ්‍රී ධර්මාරාම විහාරය යන උභය විහාරාධිපති විශේෂ කර්මවාගාර්ය වේරගොඩ ධර්ම කීර්ති ශ්‍රී අමරවංශ කස්සප හිමියන් වෙත ‘ධර්මකීර්ති ශ්‍රී සිද්ධාර්ථ මේධංකර’ ගෞරව නාමය සහිත ගාලු වැල්ලබඩපත්තුවේ ප්‍රධාන සංඝ නායක පදවිය මල්වතු මහා විහාරයීය මංගල උපෝසථාගාරයේ දී මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නායක මාහිමියන් වහන්සේ විසින් පිරිනැමූ අවස්ථාව. ආචාර්ය නියංගොඩ විජිතසිරි අනුනාහිමි, අලුත්ගම ධම්මානන්ද නාහිමි සහ දිඹුල්කුඹුරේ විලධම්ම අනුනාහිමියෝ ඇතුළු මහ සඟරුවන ඊට සහභාගි වූහ.

මහරගම සිරි වජිරඤාණ ධර්මායතන උපෝසථාගාරයේ දී අමරපුර ධර්මරක්ෂිත මහානිකායේ වාර්ෂික උපසම්පදා පින්කම පසුගිය 16 වන දා දවස පුරා පැවැති අතර උපසම්පදා ලාභී හිමිවරු උප සම්පදාවට පෙර සාමණේර දස ශීලයෙහි පිහිටුවන ලද අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ. අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහානායක ශාස්ත්‍රපති පණ්ඩිත තිරිකුණාමලේ ආනන්ද මහානාහිමි, ආචාර්ය වටගෙදර විමලබුද්ධි අනුනාහිමියන් ප්‍රමුඛ කාරක මහා සංඝ සභාවේ ප්‍රධානත්වයෙන් එම පින්කම සිදු විය.
ඡායාරූපය මහරගම සමූහ

මෙම වසරේ ශ්‍රී දළදා මාළිගාවේ වස් ආරාධනාව මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මහා නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන මහ සඟරුවන වෙත සිදු කෙරිණි. කටුකැලේ ලේඩිබ්ලේක් ආරාමාධිපතිනි කොත්මලේ සුධර්මා සිල් මෑණියන් වහන්සේ 51 වන වතාවටත් වස් ආරාධනාව පිළිගන්වන ලද අතර මහනුවර රජ පිහිල්ල මාවතේ ශි‍්‍රයානන්ද විජේකෝන් මහතා සහ චාමලී විජේකෝන් මහත්මිය සහ දූ දරුවන් ඇතුළු දායක පිරිස මෙවර දායකත්වය දරනු ලැබේ.
සුනිල් ගුණවර්ධන (කුණ්ඩසාලේ සමූහ)

 
 

  ඇසළ අමාවක පෝය

  ඇසළ අමාවක පෝය අගෝස්තු 02 වන දා අඟහරුවාදා පූර්වභාග 03.14 ට ලබයි. 03 වනදා බදාදා පූර්ව භාග 02.14 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම අගෝස්තු 02 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය අගෝස්තු 10 වනදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 02

First Quarterපුර අටවක

අගෝස්තු 10

Full Moonපසෙලාස්වක

අගෝස්තු 17

Second Quarterඅව අටවක

අගෝස්තු 25


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]