UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රටේ සමස්ත ආර්ථිකය ශක්තිමත් කරමින්, ගොවිජනතාව ප්‍රමුඛ සමස්ත ජනතාවගේ ජීවන තත්ත්වය උසස් තත්ත්වයකට ගෙනවිත් ශක්තිමත් ආර්ථිකයක් හා සමෘද්ධිමත් රටක් ගොඩනැගීම සඳහා වූ මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියේ කළු ගඟ ජලාශ වේල්ලේ නිදන් වස්තු තැන්පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් මහ සඟරුවනෙහි සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයෙහි සිදු කෙරිණි. ජනාධිපතිතුමා සහ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා හා අමාත්‍යවරුන් වන සජිත් ප්‍රේමදාස, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, ගයන්ත කරුණාතිලක, නිමල් සිරිපාල ද සිල්වා මහත්වරු ඇතුළු මැති ඇමැතිවරු විශාල පිරිසක් එම අවස්ථාවට එක්වූහ.
 

 

ශ්‍රී දළදා සමිඳු තේවාවට මෙවර අස්ගිරි මහා නාහිමි

ඇසළ පුර පසළොස්වක පෝය දිනයෙන් පවත්වන ලද ශ්‍රී දළදා සමිඳු තේවාව මුර මාරුවෙන් තේවා කටයුතු මෙවර අස්ගිරිය මහා විහාරයෙන් බාර ගැනීමෙන් පසු ශ්‍රී දළදා සමිඳු තේවාව භාරව අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ අති ගෞරවාර්හ මහානායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහානායක මාහිමිපාණන් වහන්සේ පත්ව සිටී. අස්ගිරි පාර්ශ්වයේ මහානායක මාහිමිපාණන් වහන්සේ සමඟ අස්ගිරිය මහා විහාර කාරක මහා සංඝ සභාවේ කාරක සභික ශාස්ත්‍රවේදී කුඹුක් කඳන්වල පුඤ්ඤරතන හිමි, අස්ගිරිය මහා විහාරවාසී හරංකහව ශ්‍රී සංඝානන්ද නියෝජ්‍ය පරිවේණාධිපති ශාස්ත්‍රපති මැණික්හින්නේ රතනසාර හිමියෝ තේවාවෙහි නිරතව වැඩ සිටිති.

ඉතිරිය»

 

  ඇසළ අමාවක පෝය

  ඇසළ අමාවක පෝය අගෝස්තු 02 වන දා අඟහරුවාදා පූර්වභාග 03.14 ට ලබයි. 03 වනදා බදාදා පූර්ව භාග 02.14 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම අගෝස්තු 02 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය අගෝස්තු 10 වනදා බදාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 02

First Quarterපුර අටවක

අගෝස්තු 10

Full Moonපසෙලාස්වක

අගෝස්තු 17

Second Quarterඅව අටවක

අගෝස්තු 25


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]