UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අසාර්ථක වූ පුද්ගලයා සාර්ථක වූ සියලු දෙනාට ප්‍රශ්නයක් වෙයි

අසාර්ථක වූ පුද්ගලයා සාර්ථක වූ සියලු දෙනාට ප්‍රශ්නයක් වෙයි

මෙහි තවත් කොටසක් පොසොන් පුර අටවක (ජුනි 12 ) පත්‍රයේ පළ විය.

කු ඩා දරුවන් ට තරහව පිට කිරීම සඳහා හැඬීම හැර වෙන කළයුතු දෙයක් නැහැ. මංගල උත්සවවලදී ඇතැම් අමිමාවරුන් ඉකිගසමින් හඬනු ලබන දර්ශන පැරණි චිත්‍රපට තුළ දක්නට ලැබෙයි. මංගල උත්සවය තුළ කතාව පවත්වන පිරිස් එය සතුටු කඳුලු වගුරවමින් හඬන බව ප්‍රකාශ කරනු ලැබුවත් එම අම්මා හඬන ඇත්ත චෛතසිකය ඉතාම සියුම්ව විමසා බැලුව හොත් එයට හේතුව වන කාරණාව සතුටක් නොවේ. එයට විශාල ගැටළුවක් තිබෙන අතර විසිපස් අවුරුද්දක් තම පුතා හදා වඩා කිරි පොවා කැත කුණු අතගා හදාවඩා පාසල් යවා උගන්වා රැකියාවක්ද සොයා දුන් කොල්ලා කොහෙන්දෝ ආපු පරාණයකට හසුවෙන්න යනවා. මෙතනින් පස්සේ පුතා නටන්නේ කාගේ පදයට අවශ්‍ය ආකාරයටද? කියා සිතනවිට හඬනවාට වඩා හැඬෙනවා. එම අවස්ථාවේ ඉකිගසමින් කදුළු කැට කඩා හැලෙනවා. වෙන කළ යතු දෙයක් නැහැ. මංගල කටයුත්ත සූදානම් කරනු ලබන්නේ අමිමාම වුණාට තමන්ගේ නිෂ්පාදනය වෙනත් අයෙකු අතට පත්වනවා දකින විට ඇතිවන ද්වේෂය ඇතිවන තරහව, එලියට දමන තමනුත් නොදන්නා ප්‍රකාශන මාධ්‍ය හැඬීමයි. සතුටු කදුළු ලෙස ප්‍රකාශ කළත් එය සතුටු කදුළු නොවේ. අලුත් සඳක් ගෙට පායා එනදා හඬන්න එපා අම්මේ. එතරම් කාලයක් අම්මාගේ තාත්තාගේ ජීවිතයේත් ගෙදර මුළුතැන්ගෙය සිට සියලුම නිවස තුළ ප්‍රධානත්වය රැගෙන කටයුතු කරනු ලැබුවේ අමිමා වුණාට දැන් ඇයට විශ්‍රාම යාමට කාලය පැමිණිලා. මේ වන විට තම පුතා නෝනා මහත්මයකු ගෙදර කැන්දාගෙන එන අවස්ථාව. මෙතරමි කාලයක් කළාවූ ගෙදර කටයුතු වලින් විශ්‍රාම යාමට කාලය පැමිණිලා . එම නිසා දැන් එම තත්වය අතහරින්න හැකි විය යුතුයි. අම්මා ඊර්ෂ්‍යා නොකර එය උහුලා ගත යුතුයි. එය දැන් අතහැර දැමිය යුතුයි. එය ද්වේෂය දුරු කරගැනීමක් එය කවුරු හෝ කෙනකුන් ඉතා සන්තෝෂයෙන් එම තත්වය තේරුම් ගන්නවා නමි, තමන්ගේ නිෂ්පාදනය තවත් කෙනකුගේ අතට යාම පිළිබඳව,ඒ තුළ තමා අසාර්ථක වූ බවට තමා සමඟම ගැටුමක් ඇති නොවේ. එවිට තරහවක් ඇති නොවේ. ඒ සඳහා බොහොම උපේක්ෂාවෙන් මුහුණ දිය යුතුයි. නිසි කල වයස පැමිණි විට දරුවන් විවාහ කර දිය යුතු බව බුද්ධිමත්ව වටහා ගත හොත් එතැනින් එහාට ඉකිගසමින් හඬා වැටීමට කාරණාවක් නැහැ. ඉතාම සතුටින් ඉතිරි කටයුතු කරමින් සිටිය හැකියි. එය නිවැරැදිව අවබෝධ කරගතහොත් හඬන්නේ නැහැ. ද්වේෂය සතුටු කදුළු ලෙසද පැමිණිය හැකියි. මගේ නම්, ද්වේෂයක් ක්‍රෝධයක් නැති බවට ඇතැමි ඥාතීන් ඔබට ප්‍රකාශ කර ඇති. ඇතැමි ඥාතීන් කේලාම් කීමට පටන් ගන්නේම බුදු අක්කේ මම කියන්නේ කේලමක් නම්, නොවෙයි. මගේ තුන් හිතකවත් එහෙම දෙයක් නැහැ. එක්කෝ මේවා කියන්න ඕනෙත් නැහැ. යනුවෙන් යන්න උත්සාහ කරන ගමන්ම එය ප්‍රකාශ කරයි. ඇයට ඔබ දෙදෙනා බිඳවීමට අවශ්‍යතාවය ක් නැති බවට පෙන්නුම් කළ ද ඇයගේ අවශ්‍යතාවයම බිඳවීමයි. එම කේල ම කියා අවසානයේ මම කියූ බවට කටින් කෙළ බිංදුවක් හෙළන්න එපා කියලත් දිවිරීමක්ද කරයි. ඔහොම ඇවිලෙයි කියලා මම නම් හිතුවේ නැහැ . යනුවෙන්ද ප්‍රකාශ කරයි. මෙහෙම බවක් දන්නවා නම්, මම මේවා කියන්නේ නැහැ. ඇය වැරැද්දක් කළ බව දන්නා නිසාම එයා කළ වරද පිළිබඳව ඇය මනසින් විඳවයි. මම මෙයට සම්බන්ධ නැති බවට වද දෙන මනසට කියන්න උත්සාහ කරයි. මෙම කාරණා ඔබ වටහාගත යුතුයි. ක්‍රෝධය වෛරය මිනිසුන්ගේ සිත ආක්‍රමණය කර තියෙනවා. කෙතරම් භයානක ආකාරයට මිනිසුන්ගේ සිත ආක්‍රමණය කර තිබෙනවාද කියා කියනවා නමි, මේ වැඩ කරනු ලබන්නේ මෙවැනි සිතකින් බව ඒ අයවත් දන්නේ නැහැ. ක්‍රෝධය වැනි චෛතසික ධර්ම ඔවුන් නොදැනම පවත්වාගෙන යයි. ඊර්ෂ්‍යාව නමැති චෛතසික ධර්මයන් ක්‍රියාත්මක වන විටත්, මේ ක්‍රියාත්මක වන්නේ ඊර්ෂ්‍යාව බව බොහෝ දෙනා දන්නේ නැහැ.

ඇතැම් පුද්ගලයන් යමි කිසි අයකුගේ දූර්ගුණයන් කතා කරන විට එය උලුප්පමින් කතා කරයි . ඔහු අධ්‍යාපනික වශයෙන්, සමාජයීය පිළිගැනීම වශයෙන් , වෘත්තීයමය වශයෙන් ඉහළ තත්වයක , සිටිනවා නමි,ඔහු සෑම අතින්ම අපට වඩා ඉහළ ස්ථානයක බැබළෙනවා නම්, ඔහොම සිටියට ඒ අය අම්මාට එහෙම සළකන්නෙ නැහැනෙ. එවැනි පොඩි පොඩි ප්‍රකාශ කරයි. බැලූ බැල්මට අම්මාට සැලකීම හොඳ කාරණාවක් බවත් අම්මාට නොසැලකීම අයහපත් කාරණාවක් බවත් පෙන්නුම් කරමින් ප්‍රකාශ කරනු ලැබුවත් , ඔහුට කළයුතු ඇත්තම කාරණාව නම්,ඔහුට පහර දිය යුත්තේ අම්මාට නොසලකන කාරණාවට නොවෙයි. මෙම පුද්ගලයා ආර්ථිකමය වශයෙන්ද , සමාජමය වශයෙන්ද, අධ්‍යාපනයෙන්ද ඉහළ සමාජ තත්වයකින්ද තමා ඉක්මවා ඇති බැවින් තමා පරාජයට පත්වීමයි. පිළිගැනීමකින් තමාට වඩා ඉහළ මටිටමක සිටින නිසා එම අභියෝගය කිරීමට ගියහොත් ඔහුට වඩා තමන් පහළ මටිටමක සිටින නිසා ඊර්ෂ්‍යාවට කියන කාරණා බවට මිනිසුන් විශ්වාස කරයි. කාටත් පොදු කාරණාවක් වන අම්මාට , තාත්තාට සැළකීම , පින් දහමි කිරීම වැනි කාරණා අල්ලාගනී. අමාමාට තාත්තාට සැලකුවත් නැතත් එය අපට අදාළ වන කාරණාවක් නොවෙයි. අනුන්ගේ අම්මලාට තාත්තලාට සලකන ආකාරය බැලීම ඔබලාට අයිති කාරණාවක් බව බුදුපියාණන් වහන්සේ වදාරා නැත. එය නිවන් දැකීමට අවශ්‍ය වන විශේෂ කාරණාවක් බව බුද්ධ දේශනාව තුළ නැහැ. අම්මාට තාත්තාට සැලකීම ඔහුට අදාල ප්‍රශ්නයක් වන අතර ඔහු කරන කර්ම ඔහු රැගෙන යයි. එය අපට අවශ්‍ය නැහැ. අපට වඩා ඔහු සාර්ථක නිසාම අපට එය බලාගෙන සිටීමට නොහැති කම වෙනත් කාරණාවක් තුළින් ප්‍රකාශ කරනු ලබයි. සෑම අංශයකින්ම ඔහු අපට වඩා ඉහළ මටිටමක සාර්ථක වී සිටීම නිසාත් , අපගේ අසාර්ථක කම නිසා අපගේ යටි සිත තුළ නුරුස්සන ගතියක් ගොඩ නැගෙයි. අපගේ අසාර්ථකත්වය ඇතුළත අපට අප පිළිබඳව එන නොරිස්සුම අප අනෙකාට විරුද්ධව යොදවන වෙලාවල් තියෙනවා. ඔහු අපට ඊර්ෂ්‍යා කරන බවට සෘජුවම දැකගත හැකි අවස්ථා තිබෙන අතර අපට පෙනෙන්නේ නැතිව අපට නොදැනීම එය අප තුළ ක්‍රියාත්මක වන අවස්ථා ඕනතරම් තියෙනවා. එය නිවැරැදි ව ඔබ වටහා ගත යුතුයි. බොහෝ අවස්ථාවල සාර්ථක වූ පුද්ගලයන් අනෙකුත් අය හිංසා වට පීඩාවට පත් කරන්න උත්සාහ කරන්නේ නැහැ. තමා සාර්ථක නම්, අනෙකාගේ සාර්ථකත්වය තුළ කිසිදු අසහනයක් තමා තුළ ඇති වන්නේ නැහැ. ඉතාම අසාර්ථක වූ පුද්ගලයකුට සාර්ථක පුද්ගලයකු දෙස බලා ඊර්ෂ්‍යාව පැන නගිනවා.

තමා සාර්ථක පුද්ගලයකු නමි, අනෙක් පුද්ගලයාගේ පොඩි පොඩි අඩුපාඩුවලට අකුරු කෑලි විසී කරන්න අවශ්‍ය නැහැ. අසාර්ථක කම පිළිබඳව විඳවමින් සිටින පුද්ගලයකු සාර්ථක වූ පුද්ගලයකුට සැනසිල්ලේ ජීවත් වෙන්න දෙන්නේ නැහැ.බොහෝ අවස්ථාවල පවුල් අතර ගැටළු පැන නගින්නේ මෙම හේතුව නිසයි. නැන්දම්මාට වඩා ලේලි සාර්ථක නම්, නැන්දම්මාට ලේලි පිළිබඳව ඊර්ෂ්‍යාව උහුලාගන්න බැහැ. ලේලියටවඩා නැන්දමිමා සාර්ථක නම්, ලේලියට ඊර්ෂ්‍යාව උහුලාගන්න බැහැ. ලේලි එක පැත්තකකින් පුපුරන කොට නැන්දම්මා අනෙක් පැත්තකින් පුපුරනවා. මෙයා ආක්‍රමණය කිරීමට මට බැරි වෙලා තිබෙන්නේ අහවලා නිසා බවට ඒ අය සිතනවා. ඇය නොසිටියා නමි, ම ම සාර්ථකයි කියලා සිතනවා. නැන්දමිමලාට ලේලිලා පෙන්නන්න බැහැ. ලේලිට නැන්දම්මා පෙන්නන්න බැහැ. සමහර වෙලාවට මාමණ්ඩියට බෑනා පෙන්නන්න බැහැ . බෑනලාට මාමණ්ඩිය පෙන්නන්න බැහැ. බෑනට මාමණ්ඩිය පරදවනකම් සැනසිල්ලක් නැහැ. මේ සේරම මානසික රෝග. මේ අය බෙහෙත් ගත යුතු වුවත් තමාට එහෙම ලෙඩක් නැහැ වගේ පෙන්වමින් සිටිනවා. ඒ අයගේ ඇතුළාන්තය තුළ වැඩ කරන චෛතසික නොදන්නාකම නිසාම වෙන වෙන හේතු කාරණා ප්‍රකාශ කරයි. තමන්ගේ ඇතුළාන්තය තුළ ක්‍රියාත්මක වන චෛතසිකය පිළිබඳව බුද්ධිය, ඤාණය, ප්‍රඥාව එන තුරු එම චෛතසිකයන් තුළ සිටින ඔහුට කිසිදු ලජ්ජාවක් බයක් නැහැ. හිරි ඔතප් දෙක නිර්මාණය වන්නේම අවබෝධය තුළ පමණයි. මම ඔහුට ඊර්ෂ්‍යා කරන්නේ නැති බවට ප්‍රකාශ කළාට ඔහු හෝ ඇය ක්‍රියාත්මක වන ආකාරය බලාගෙන සිටින විට එයාගේ සමිපූර්ණ තරගකාරයා මෙම පුද්ගලයා බව අවබෝධ වෙයි. ඊර්ෂ්‍යාව තුළ තිබෙන නරකම අවස්ථාව නමි, ඊර්ෂ්‍යාව මුලින්ම විනාශ කර දමන්නේ ඊර්ෂ්‍යා කරන පුද්ගලයායි. ඊර්ෂ්‍යා කරන්නා මුලින්ම ඊර්ෂ්‍යාව විසින් විනාශ කරනු ලබයි. අනෙකාට ඊර්ෂ්‍යාව කිරීම යනු අනෙකා විනාශ කිරීමට සිතා තමා වස පානය කිරීමයි. තමා ඇඳපු වැඩ සටහනට අනුව තව ටික කලකින් පත්තු වෙන බව සිතමින් බ ලා සිටියාට පත්තු වෙන්න පටන් ගන්නේ තමන්ට බව අවබෝධ කරගත යුතුයි. කිරි දොවපු ගමන් මිදෙන්නේ නැතිවා සේම කර්මයත් ඒ ආකාරයෙන් බලවත් වනතෙක් ප්‍රතිවිපාක ලබාදීම ප්‍රමාද වෙයි.

ප්‍රතිවිපාක ලැබීම ප්‍රමාද වුවත් ලඟා වීමට පටන් ගත් සැනින් එක දිගටම නවත්වා ගැනීමට නොහැකි තරමට පැමිණෙන විට අනිවාර්යෙන්ම එයට මුහුණ දීමට සිදුවෙයි. එම නිසා වටහා ගත යුතු කාරණාව නම්, අප නොදන්නා කමින් පවත්වාගෙන යන්නාවූ අකුසල් කර්ම තුළින් වැඩිම පව් ප්‍රමාණයක් කරගන්නා බව ඔබ නොදන්නා කාරණාවක්. තමන් ඊර්ෂ්‍යා කරන කෙනකු බව තමාට අවබෝධ වෙනවා නම්, ඔහු හෝ ඇය ඊර්ෂ්‍යාව මත පදනම් වුණ ක්‍රියාවන් බව ඔහු හෝ ඇය පිළිගනු ලබන්නේ නැත්නමි, ඔහු කවදාවත් ඊර්ෂ්‍යා කිරීමෙන් ඉවත්වන්නේ නැහැ. එම නිසා ඔබ හඳුනාගැනීමකින් තොරව හෝ අවිඤ්ඤාණිකව කරනු ලබන ක්‍රෝධය වෛරය ඊර්ෂ්‍යාව වැනි අකුසල කර්ම වැනි ඉතාම ප්‍රකට හැසිරීම් ඔබ හඳුනාගත යුතුයි. ඒවා හඳුනාගත හොත් ඔබ සිටිනවාට වඩා සාර්ථක පුද්ගලයකු විය හැකියි. අසාර්ථක පුද්ගලයකු පවුල තුළම නීත්‍යනුකූලව ගැට ගැසී සිටිනවා නමි, එම පුද්ගලයා කෙසේ හෝ යමි සාර්ථක තත්වයකට රැගෙන ඒම තුළ ඔබගේ සාර්ථකත්වයට හානි වීමට තිබෙන ඉඩ කඩ අඩුවෙනවා. පවුලක සිටින්නාවූ එක අසාර්ථක පුද්ගලයකුගේ ඊර්ෂ්‍යාව නිසා ඔහු විනාශ වෙනවා වගේම අනෙක් අයත් විනාශ කළ හැකියි. අසාර්ථක වූ පුද්ගලයා සාර්ථක වූ සියලු දෙනාටම කවදා හෝ ප්‍රශ්නයක් වෙනවා. එ නිසා ඔබ බුද්ධිමත් විය යුතුයි. අසාර්ථක පුද්ගලයන් සාර්ථක පුද්ගලයකු වෙටි සිටීම සාර්ථක පුද්ගලයකුට ප්‍රශ්නයක් වෙයි.එනිසා ඊර්ෂ්‍යාකාරයන් තමන් වෙටි නිර්මාණය කරගැනීම භයානක වන අතර පුද්ගලයෙක් තවත් පුද්ගලයකුට ඊර්ෂ්‍යා කරනු ලබන්නේ අසාර්ථක පුද්ගලයකු සාර්ථක පුද්ගලයකු සමීපයෙහි සිටිනා විටයි. සෑම විටම තමන් කටයුතු කරන විට තමන්ගේ සමීපතමයන් තමාට සමාන සාර්ථකත්වයක් සහිත අය ලඟා කරගැනීමට උනන්දු විය යුතුයි.


 

   පොසොන් පුර පසළොස්වක පෝය

  පොසොන් පුර පසළොස්වක පෝය ජුනි 19වන දා ඉරිදා අපරභාග 3.31ට ලබයි. 20වන දා සඳුදා අපරභාග 4.32 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 19වන දා ඉරිදාය.

මීළඟ පෝය ජුනි 27 වන දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 19

Second Quarterඅව අටවක

ජුනි 27

Full Moonඅමාවක

ජූලි 04

First Quarterපුර අටවක

ජූලි 11


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]