UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සියලුම දේ අතහැර යනවාමයි

සියලුම දේ අතහැර යනවාමයි

 

මෙහි මුල් කොටස වෙසක් අමාවක (ජුනි 04) පත්‍රයේ පළ විය.

එම ශරීරය තුළ සිතක් තිබෙන අතර මරණය යනු ශරීරය අතහැර යාමයි. ඉපදෙනවා යනු, ශරීරය තුළ තිබුණ සිත අලුත් වාහනයක් ගන්නවා වගේ දෙයක්. රියදුරෙක් එක වාහනයකින් සැතපුම් දෙකක් ගමන් කර තවත් වාහනයකින් සැතපුම් තුනක් ගොස් තවත් වාහනයකින් සැතපුම් හතරක් ගොස්, තවත් වාහනයකින් සැතපුම් පහක් ගිය විට සැතපුම් ගණනාවක් ගොස් තිබෙන්නේ එකම රියදුරා වුණාට වාහනය වෙනස් වුණා. එකම රියදුරා සැතපුම් ගණනාවක් ගියද, වාහනය වෙනස් වූ එකක්. වෙන වෙන වාහනවල එකම රියදුරකු ගමන් කළා වගෙයි. අපිත් ශරීරය නමැති වාහනය එක එක කාලසීමාවන් තුළ ටික දුරක් රැගෙන ගිහින් එය අතහැර දමල වෙනත් සියලුම දේ අතහැර යනවාමයි වාහනයක් අරගෙන යනවා.

සලකා බැලිය යුතු ඊලඟ කරුණ නම්, ජීවිත කාලයක් පුරාවට අප විවිධාකාරයෙන් වෙහෙස වහන්සි දරමින්,හම්බකළාවු , සියල්ලම අප වියදම් කරන්නේ ටික දවසක් තිබෙන ශරීරයටද? සමස්ත ජීවිත කාලය පුරාවටම හම්බ කරන දේ වියදම් කරනු ලබන්නේ ශරීරය වෙනුවෙන්ද? සිත වෙනුවෙන්ද? ඔන්න සළකා බැලිය යුතු වැදගත්ම කාරණාවයි. අප වියදම් කරන්නේ කෑම සදහාත්,බීම සදහාත් ඇඳුම් පැළඳුම් සදහාත් , බේත් හේත් සදහාත් කරන්නාවූ වියදම් ශරීරයටද? සිතටද? කමින් බොමින් නඩත්තු කරනු ලැබුවේ ශරීරයද? සිතද? සමහරු බීල බීල වෙරි කරනු ලබන්නේ ශරීරයද? සිතද? ඇඳුමෙන් පැළඳුමෙන් වසාගනු ලබන්නේත්, සුවඳ ගල්වමින් සුවඳ කරනු ලබන්නේත්, ශරීරයද? සිතද?බෙහෙත් පෙති, කුඩු වර්ග , එන්නත් වර්ග, ගුලි කල්ක චූර්ණ සියල්ල බීල සුවපත් කරනු ලබන්නේ ශරීරයද ? සිතද? මෙම සියල්ලම කරමින් ශරීරය නඩත්තු කරනු ලබන්නේ අවුරුදු සියයට අඩු කාලසීමාවක් තුළමැරිල අවසන් කරන්නයි. ජීවිත කාලය තුළම හම්බකරල හම්බකරල ජීවිත කාලය තුළම ශරීරය නඩත්තු කරල කරල ශරීරය මැරුණට පසුව සිත වෙනුවෙන් කුමක් හෝ දෙයක් කර තිබුණේ ම නැත්නම්, සිත මහපාරට බහින හිගන්නෙක් වගේයි. ශරීරය අතහැර දුක්ඛිත ගමනක් යාමට මහ පාරට බහිනවා. අප ළඟ සිටි පුද්ගලයකු ෂොපින් කවරයකට සරම් කඩමාල්ලක් දමාගෙන පයේ සෙරෙප්පු දෙකක් වත් නොමැතිව අහිංසකව මහපාරට වැටිල බස් හෝල්ටි එකක සිටිනවා වගෙයි. යන එන මං නැති උන්හිටි තැන් නැති පුද්ගලයකු වෙලා මහපාරට බහින අයෙකු වගේ සිත අසරණවෙලා. සිත අහිංසක වෙලා. එම සිත මහපාරට වැටිලා ජීවිත කාලයට හම්බකරපු සියල්ලම වියදම් කර ඇත්තේ ශරීරයට මිස සිතට නොෙවි.

මෙයට පෙර බොහෝ ඉඩකඩම් තිබුණත් දැන් ඒවා කොහේද? ගෙනාවෙත් නැහැ. මෙයට පෙර දෙමවිපියන්, ස්වාමිපුරුෂවරු භාර්යා වන්, දූ දරුවන් , නෑදෑයන් අපට හිටියාට ඒ අය දැන් නැහැ. අලුතෙන් ශරීරයක් ලැබුණ ගමන් එතැන් පටන් අලුතෙන් සියල්ලම නැවත ලබාගත යුතුයි. ඉඩකඩම් , ගේ දොර, යානවාහන, දුවා දරුවන් සියල්ලම නැවත අලුතෙන් ලබා ගත යුතුයි. ඒවා සියල්ලම ශරීරයට පමණක් සම්බන්ධතා තිබෙන දේවල් බව අප අවබෝධ කරගත යුතුයි. නිවන් දකින්නේ සිතයි. එම ශරීරය තුළ සිතක් තිබෙන අතර මරණය යනු ශරීරය අතහැර යාමයි. ඉපදෙනවා යනු ශරීරය තුළ තිබුණ සිත අලුත් වාහනයක් ගන්නවා වගේ දෙයක් . රියදුරෙකු එක වාහනයකින් සැතපුම් දෙකක් ගමන් කර වෙනත් වාහනයකින් සැතපුම් තුනක් ගොස් තවත් වාහනයකින් සැතපුම් හතරක් ගොස් වෙනත් වාහනයකින් සැතපුම් පහක් ගිය විට සැතපුම් ගණනාවක් ගිහින් තිබෙන්නේ එකම රියදුරා වුණාට වාහනය වෙනස්. එකම රියදුරා සැතපුම් ගණනාවක් ගියද , වාහනය වෙනස් වූ එකක්. වෙන වෙන වාහනවල එකම රියදුරකු ගමන් කළා වගෙයි. අපගේ ශරීරය නමැති වාහනය එක එක කාලසීමාවන් තුළ ටික දුරක් ගෙනගිහින් එය අතහැර දමා වෙනත් ශරීරයක් රැගෙන යනවා.

සළකා බැලිය යුතු ඊළඟ කරුණ නම්, ජීවිත කාලයක් පුරාවටම අප විවිධාකාරයෙන් වෙහෙස මහන්සි දරමින්, හමිබකළාවූ, සියල්ලම අප වියදම් කරන්නේ ටික දවසක් තිබෙන ශරීරයටද? හැමදාම අප සමඟ සිටින සිතටද? සමස්ත ජීවිත කාලය පුරාවටම හමිබ කරන දේවල් වියදමි කරනු ලබන්නේ ශරීරය වෙනුවෙන්ද? සිත වෙනුවෙන්ද? යන්න සළකා බැලිය යුතු වැදගත් කාරණාවයි. කෑම බීම , ඇඳුම් පැළඳුම් , බේත් හේත්, සඳහා අප වියදම් කරන්නේ ශරීරයටද? සිතටද? කාල කාල නඩත්තු කරනු ලැබුවේ ශරීරයද? සිතද? සමහරු බීීලා වෙරි කරනු ලබන්නේ ශරීරයද? සිතද ? ඇඳුම් පැළඳුමින් සැරසිලා සුවඳ ගල්වමින් සුවඳවත් කරනු ලබන්නේ ශරීරයද? සිතද? මෙම සියල්ලම කරමින් ශරීරය නඩත්තු කරනු ලබන්නේ අවුරුදු සියයකට අඩු කාල සීමාවක් තුළ මැරිලා අවසන් කරන්නාවූ ශරීරයක් සදහායි. ජීවිත කාලයම හමිබ කරලා හමිබ කරලා ජීවිත කාලය තුළම ශරීරය නඩත්තු කරල ශරීරය මැරුණට පසුව සිත වෙනුවෙන්ම කුමක් හෝ දෙයක් කර තිබුණේම නැත්නම්, සිත මහපාරට බහින හිඟන්නෙක් වගේ ශරීරය අතහැර දුක්ඛිත ගමනක් යන්න මහ පාරට බහිනවා. අප ළඟ සිටි පුද්ගලයකු ෂොපින් කවරයකට සරම් කඩමාල්ලක් දමාගෙන පයේ සෙරෙප්පු දෙකක් වත් නැතිව අහිංසකව මහපාරට වැටිල බස් හෝල්ටි එකක ඉන්නවා වගෙයි. යන එන මං නැතිව උන්හිටි තැන් නැති පුද්ගලයකු වෙලා මහපාරට බහින අයෙකු වගේ සිත අසරණ වෙලා . සිත අහිංසක වෙලා. ජීවිත කාලය පුරාම හමිබකරපුු සියල්ලම වියදම් කර ඇත්තේ ශරීරයට මිස සිතට නොවේ. එනිසා සිත මහපාරට වැටිලා.

අප සළකා බැලිය යුතු ඊළඟ කරුණ නම්, ජීවිත කාලයක් පුරාවට යමි යම් දේ ශරීරයට පුරුදු කළාට සිතට පුරුදු කරන්නේ නැත. ශරීරයට පුරුදු පුහුණු කරනු ලබන්නේ ව්‍යායාම පමණයි. මෙම කාරණා ප්‍රතික්ෂේප කරනවා නොවේ. අප සිත වෙනුවෙන් කරන්නාවූ කැප කිරීම ප්‍රමාණවත් නොවන බවයි. ව්‍යායාම, තනතුරු,හා වෙනත් භෞතික සම්පත් ඊළඟ ආත්මය සඳහා එම ශරීරයත් සමඟ ගමන් කරනවාද? සිතට යමක් පුරුදු කරනු ලැබුව හොත් එම සිතට පුරුදු කළාවූ දෙය ඊළඟ ආත්මයට ගමන් කරයි. මෑත ඉතිහාසයේ එක්තරා තරුණ යුවළකට ලැබුණ දරුවාට මහණ වීමට අවශ්‍යතාවයක් ඇතිවුණා. ඔවුන් අන්‍ය ආගමික පවුලක පිරිසක් වුවත් එම දරුවාට මහණවීමේ සිතිවිල්ලක් පහළ වූයේ ඇයි? ඇතැමි විට ගිය ආත්මභාවය තුළ හොඳ බෞද්ධයකු වෙලා ඉන්න ඇති. අප දැක තිබෙන පරිදි අසා තිබෙන පරිදි භාෂා දහ හතරකින් කතා කළ හැකි දරුවන් ඉපදිලා සිටිනවා. එම දරුවා බහ තෝරන වියේ සිටම භාෂා දහහතරකින් කතා කරනවා නම්, එය එසේ විය හැකිද? එය එසේ විය හැකියි. භෘෂාව පුරුදු පුහුණු කර ඇත්තේ සිතට මිස ශරීරයට නොවේ. ශරීරය මැරිලා ගියාට පුරුදු කළ සිත ඉතිරි වුණා. අපවත් වී වදාල අතිපූජනීය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වයස අවුරුදු අනූවේදීත් පරිගණක අධ්‍යාපනය ලැබුවා. ඔබ වහන්සේ පරිගණක ඉගෙන ගන්නේ ඇයි? අවුරුදු අනූවක් ගිහින් පරිගණක ඉගෙන ගැනීමෙන් වැඩක් නැහැනෙ .යන ප්‍රශ්නයට පිළිතුරු ලබාදුන් මහානායක ස්වාමින් වහන්සේ මතක් කරනු ලබුවේ මම ඉගෙන ගනු ලබන්නේ මේ ආත්මයට නොවෙයි. ඊළඟ ආත්මය සඳහායි. අප කන්නේ බොන්නේ අඳින්නේ පළඳින්නේ ශරීයට වුණාට ඉගෙන ගන්නේ සිතට මිස ශරීරයට නොවෙයි. සිත ඊළඟ ආත්ම භවයට යනවා. මේ ආත්මය තුළ දන්දීම සිතට පුරුදු පුහුණු කළහොත් , ඊළඟ ආත්ම භාවයටත් දන්දීම සිතට පුරුදු පුහුණු වෙලා යනවා. මේ ආත්ම භාවය තුළ ඊර්ෂ්‍යාව මූසලකම පමණක් පුරුදු කළහොත් ඊ ළඟ ආත්ම භාවයේදීත් උපදින විට එම මූසලකම අරගෙන උපදිනවා. කිසිම හේතුවක් නොමැතිව මූසලකම් කරන දරුවන් ඕනතරම් ඔබ දැක ඇති. අම්මත් තාත්තත් එසේ නොවේ නම්,අම්මත් , තාත්තත් නටන්නේ නැති, නටන කෙනෙක් පවුල තුළත් නැති, නටන කෙනෙක් දන්නේත් නැති දරුවන් අතර හොඳට නැටුම් පුරුදු දරුවන් සිටිය හැකියි. අම්මත් තාත්තත් චිත්‍ර අඳින්නේ නැති වුණාට චිත්‍ර අඳින අයෙකු පවුල තුළ නැති වුණාට එම පවුල තුළ උපදින දරුවකු හොඳ චිත්‍ර ශිල්පියකු විය හැකියි. කුඩා වයසේ සිට වයර් කෑලි බැටරි කෑලි පමණක්ම සොයමින් එවා ගැටගසමින් යමි යමි දේ හැදීමට උත්සාහ කරන්නාවූූ දරුවන් ඕිනෑතරම් ඔබ දැක ඇති. ඒ ගිය ආත්ම භාවය තුළින් රැගෙන ආ දේ විය හැකියි. ලෝකයේ ඕිනෑම රටක , නගරයක සිතියම් පෙන්වන විටම නිවැරැදිව පෙන්වන දැරියක පිළිබඳව පසු ගිය කාලයේදී වාර්තා වුණා. එම දැරියට එසේ ප්‍රකාශ කිරීමට ලැබුණ ශක්තිය කොහෙන්ද? සිත පුරුදු පුහුණු කළවිට ඇති වන තත්වයයි. සිතට දානය පුරුදු පුහුණු කළ විට ශරීරය අතහැර ගියත් ආත්මයෙන් ආත්මයට දානය පුරුදු වෙනවා. සිතට වෛරය පුරුදු කළ විට උපනුපන් ආත්මයෙන් ආත්මයට එම වෛරය ගමන් කළ හැකියි. ඇතැමි අය දකින විට අප සිත කැමැතිම නැහැ. කළ වරදකුත් නැති වුණාට පෙන්නන්න බැහැ. සිතට වෛරය පුරුදු කර ඇති ආකාරයයි. එය ආත්මයෙන් ආත්මයට ගමන් කරනවා. තරුණ යුවළකට සිටි එකම දරුවා ශිෂ්‍යත්ව විභාගය හොඳින් සමත්ව අධ්‍යාපනය සදහා කොළඹ ඉහළම පාසලකට අතුළත් වුණා.

අමිමාටයි තාත්තාටයි සිටි එකම දරුවා වුණාට එම දරුවාට මහණ වීමට අවශ්‍ය බව ප්‍රකාශ කළා. කුඩා කල සිට මහණ වීමට කතා කළා. ගෙදරින් බාගයක් සෙල්ලම් බඩු පුරවමින් දරුවාට එය අමතක කර දැමීමට එම තාත්තා කෙතරම් වෙහෙස වුණද, දරුවා නවතා ගැනීමට හැකි වුණේ නැහැ. දරුවා පැවිදි වුණා. ආත්මයෙන් ආත්මයට යන සිරිත් . ශරීරය සිත නොවේ. සිත ශරීරය නොවේ. අච්රං වතයං කායෝ කය බොහොම ටික කාලයක් වුවද සිත ටික කාලයක් නොවේ. ශරීරය ඇතුළත තිබෙන්නාවූ සිත ඊළඟ ට තවත් ශරීරයක් ගනිමින් පවත්වාගෙන යනවා. ආත්ම වාදයක් ප්‍රකාශ කරනවා නොවේ. විඤ්ඤාණ වාදයක් දක්වා බුදුසමය රැගෙන යනවා නොවෙයි. කුමක් හෝ චෛතසික පදාර්ථයන් අපගේ ශරීරය ආශ්‍රිතව පවතිනවා. එම ශරීරය ආශ්‍රිතව පවතින්නාවූ චෛතසික පදාර්ථය පෝෂණය ලබනුයේ සිත දූෂණය වීමට හැකියාව තිබෙන ලෝභ , ද්වේෂ, මෝහ යන අකුසල චේතනා තුළින් සිත පිරිසුදු විය හැක්කේ අලෝභ අද්වේෂ අමෝහ තුළින්. දාන මාන ශිල ආදී දේවලින් සිත පිරිසුදු විය හැකිය. මෛත්‍රිය , දයාව, කරුණාව අනුකම්පාව තුළින් සිත පිරිසුදු කළ හැකිය. ද්වේෂය වෛරය , ක්‍රෝධය තුළින් සිත දූෂිත විය හැකිය. මෙම දූෂිත වන්නාවූ සිත ඒ සියල්ලම රැගෙන යා හැකියි. කාපු බීපු ඇඳපැළඳවූ ශරීරය රැගෙන යන්නේ නැහැ. එම ශරීරය තියලා යනවා. අප කළ යුත්තේ ශරීරය වෙනුවෙන්ම යමක් කිරීමද? සිත වෙනුවෙන් යමක් කිරීමද? කන්නේ බොන්නේ බේත් හේත් කරන්නේ ශරීරයට වුණාට නිවන් දකිනු ලබන්නේ සිත නිසා සිත පෝෂණය කරගැනීමෙන් පමණයි ඊළඟ ආත්ම භාවය යහපත් ආත්මභාවයක් බවට පත්වන්නේ .

නිතර නිතර සිතට පුරුදු කළ යුතු සොමනස්ස සහගත සිතිවිලි ඵලදායක වන්නේ ආත්මයෙන් ආත්මයටයි. ඔබ බණ අසන සද්පුරුෂයන් බවට පත්වන්නේ ගිය ආත්මභාවයන්හි ඔබ විසින් පුරුදු කළ සද්පුරුෂ සිතම පමණයි ඒ නිසා සද්පුරුෂයන්ගෙන් පිරුණ පවුලක අසද්පුරුෂයන් උපදින්නත් , අසද්පුරුෂයන්ගෙන් පිරුණ

පවුලක සද්පුරුෂයන් බිහිවිය හැකියි. ඉතාම අවාසනාවන්ත පවුල් ජීව්ත ගත කරන්නාවු පුද්ගලයන් ළඟ වාසනාවන්ත දරුවකු ඉපදීමට පුළුවන් . එම නිසා ශරීරය එකම ආකාරයෙන් පවතින්නේ නැහැ.

ඉතාම වැදගත් කාරණාව නම්, අප බෞද්ධයන් ලෙස අපගේ අවසාන ඵලය වන්නේ අමාමහ නිවන් දැකීමයි. එම නිවන් දකිනු ලබන්නේ ශරීරය නොවේ. නිවන් දකිනු ලබන්නේ සිතයි.

ශරීරයට චේන් පොටක් තිබුණාට, ගිණුම් අංකයක් තිබුණාට, තනතුරක් තිබුණාට එය නිවන් දකින්නට බාධාවක් වන්නේ නැහැ. ඔබ සතු ඉඩකඩම් , යාන වාහන රන් රිදී මුතු මැණික් ආභරණ ශරීරය ට තිබුණාවේ. එය නිවනට හේතුවක්ද නොවෙයි. නිවන් දකිනු ලබන්නේ සිත නිසයි. ප්‍රශ්නය ඇතිවන්නේ ඇතැම් දෙනෙක් කරේ තිබ්ය යුතු චේන් පොට සිතට දමාගැනීමයි. සිතට චේන් දමපු ගමන් සිත නිවන් දක්වන්න බැහැ. කරට දැමිය යුතු චේන් පොට කරට දමල සිතෙන් ඉවත් කළ හොත් නිවන් දැකිය හැකියි. ලෝභකම සිත තුළ මිස ශරීරය තුළ නොවේ. චේන් පොට දැම්ය යුත්තේ ශරීරයට මිස සිතට නොවේ. ලෝභ කම සිතේ තබාගෙන චේන්පොට කරට දැමීම නොකළ යුතුයි. නිවන් දකින්නේ සිත නිසා ලෝභය සිතට බාධා කරන ආකාරයයි. . එම නිසා ශරීරයට ඉඩකඩම් , යානවාහන මිළ මුදල් . තිබුණාට ප්‍රශ්නයක් නැහැ. එය සිතේ තිබුණොත් පමණක් එය නිවනට බාධවක් වෙයි. තණ්හාය ජායතී සෝකෝ. තණ්හාව ඇතිවන්නේ සිත තුළයි. සිත තුළ තණ්හාව ආශාව නිසාම සිත තුළ දුක ඇතිවෙයි. එම නිසා චේන් පොට , මුදල් ගිණුම් , මුතු මැණික් ගේ දොර වතු පිටි ආශාවෙන් අතහැරීමට බැරි තරමට සිතෙන් අල්වාගෙන සිත තුළ දරාගෙන සිටිනවා නම්, නිවන් දකින්න බැහැ. මේ සියල්ල ශරීරය තුළින් අතහැරිය යුතුය යන්න පිළිබඳව නියමයක් නැති වුණාට සිතෙන් එය අතහැරිය යුත්තේ එය අනිවාර්යෙන්ම අතහැර යාමට සිදුවන නිසයි. අවුරුදු සියයකට වඩා අයිතිව සිටි කිසිවෙක් ඉන්නවාද? අවුරුදු සියයක් අයිති වුණ දෙයක් කාටවත් නැහැ. මෙ දේවල් එසේම පවතින අතර අයිතිය පමණක් වෙනස් වෙයි. ඒ නමැති තැනැත්තාට අයිති ඉඩම ටික කලකින් බී නමැත්තාට අයිති වන අතර තව කලකින් එම ඉඩම සී නමැත්තාට අයිති වූ ඉඩම වෙනස් නොවුුණාට අයිතිය පමණක් ශරීරවලට වෙනස් වී ඇත. එනිසාම තිබෙන්නාවූ සියලුම දේ තිබෙන්නේම අතහැර යාම මයි. තිබෙන්නාවු සියලුම දේ තිබෙන්නේම ශරීරයට පමණයි. තිබෙන්නේම දමා යාමටම නම්, සිතෙන් පමණක් අල්ලාගෙන සිටියාට ඇතිඵලය කුමක්ද? එය තිබෙන්නේම ශරීරයට නම්, සිතට එහි අයිතියකුත් නැහැනෙ. දමා යන්නේ ශරීරය නම්, සිතෙන් අල්වාගෙන සිටියාට ඇති වැඩකුත් නැහැ. තියෙන්නේම දමා යන්නටම නම්, එය අනිවාර්ය නම්, සිතෙන් ලෝබකමින් අතහරින්නට බැරි තරමට අල්ලාගෙන සිටිමේ තේරුමක් නැහැ. අචිරං වතයං කායෝ නිවැරැදිව වටහා ගනු ලැබුව හොත් සෝවාන් විය හැකියි. එම නිසාම නිවන් දකින්නේ ශරීරය නොව සිතයි. අච්රං වතයං කායෝ. අනිවාර්යෙන්ම මෙම ශරීරය ටික කාලයක්මයි.මෙය වටහාගෙන සිත නිවනට බාධාවක් කරනොගෙන ශරීරයට අයත් සියලුම දේ තිබියදී සිතින් එය ස්පර්ෂ නොකර සිටීමට ඔබට හැකියාව ලැබේවා .

 

  පොසොන් පුර අටවක පෝය

 පොසොන් පුර අටවක පෝය ජූනි මස 12 වන ඉරිදා පූර්ව භාග 00.48 ට ලබයි. 13 වන දා සඳුදා පූර්වභාග 02.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි මස 12 වනදාය.

මීළඟ පෝය ජූනි 19 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 12

Full Moonපසෙලාස්වක

ජුනි 19

Second Quarterඅව අටවක

ජුනි 27

Full Moonඅමාවක

ජූලි 04


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]