UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

ධර්ම දේශනාව:

නුවණ ඇතිව එක දවසක් ජීවත්වීම වුවද උතුම්ය

අද ධර්ම දේශනාව සඳහා යොදාගත් ගාථාව අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් බාණු කොණ්ඩඤ්ඤ රහතන් වහන්සේ හා උන්වහන්සේ සමීපයේ පැවිදි වූ නවක භික්ෂූන් වහන්සේලා පිරිසක් අරමුණුකරගෙන දේශනා කරන ලද්දකි. තරුණවියේදී පැවිදි වූ එම කොණ්ඩඤ්ඤ හිමියන් බුදුරදුන්ගෙන් භාවනා කිරීමට අවශ්‍ය කමටහන් ගෙන වන ගත විය. ඉතා උනන්දුවෙන් භාවනා කර රහත් ඵලයට පත් වූ උන්වහන්සේ බුදුරදුන් හමුවීමට නැවත ගමන් කරන අතරමගදී රාත්‍රී කාලය ගත කිරීමට විශාල ගල් තලාවකට පිවිස එහි සමාපත්ති සුවයෙන් කල්ගත කළහ. මේ අවස්ථාවේ සොරු පිරිසක් තමන් පැහැරගත් බඩු මලුද සමඟ එම ගල්තලාවට පැමිණ ගල් තලාවේ ඇති කණුවකැයි සිතා බඩු මලු රහතන් වහන්සේගේ හිසමත තබා එහිම වැටී නිදාගත්තේ ය. පසුදින උදෑසන අවදිව බඩු මලු ටික ගැනීමට ගිය සොරු පිරිස නිසලව සිටින රහතන් වහන්සේ දැක, අමනුෂ්‍යයෙකැයි බියට පත්ව දිවයන්ට වූහ. තමන් බුද්ධ ශ්‍රාවකයෙකු නිසා බිය නොවන ලෙස ඔවුන්ට පැවසූ රහතන් වහන්සේ දහම් කරුණු කියා ඔවුන් සැනසීමට පත් කළහ.

ඉතිරිය»

 

  පොසොන් පුර අටවක පෝය

 පොසොන් පුර අටවක පෝය ජූනි මස 12 වන ඉරිදා පූර්ව භාග 00.48 ට ලබයි. 13 වන දා සඳුදා පූර්වභාග 02.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි මස 12 වනදාය.

මීළඟ පෝය ජූනි 19 වන දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 12

Full Moonපසෙලාස්වක

ජුනි 19

Second Quarterඅව අටවක

ජුනි 27

Full Moonඅමාවක

ජූලි 04


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]