UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කටුමැටි ගෑ බිත්ති පුරා පළිඟු මැණික් එළිය දිලෙයි


කටුමැටි ගෑ බිත්ති පුරා පළිඟු මැණික් එළිය දිලෙයි

ශරීරය සහ ජීවිතය යනු දෙකක් මිස එකක් නොවන බව ඔබ අවබෝධ කරගන්නේ නම් මෙම සමාජය කොතරම් සුවදායක වනු ඇතිද ජීවිතයක පවතින්නාවූ සොඳුරු බව හා වටිනාකම ශරීරය තුළ නොමැත.

එසේ සෝදාපාලුවට ලක් වූ ජීවිතය අප විසින් කෙසේ හෝ ගොඩනගා ගත යුතුය. එවිට මේ සමාජය තුළින් විහිදෙන සොඳුරු මිනිසුන්ගේ ජීවන සුවද ඔබට විඳ ගත හැකියි. එක බත් පිඟානේ බත් කාපු අයියලා, මල්ලිලා මුහුණ බලන්නේ නැහැ. එහා පැත්තෙන් මෙහා පැත්තෙන් ළඟ ළඟ ගෙවල් තිබෙන අයියලා මල්ලිලා පෙර දවසේ දැලක් බැඳගෙන එහා පැත්තෙන් මෙහා පැත්තටත් මෙහා පැත්තෙන් එහා පැත්තටත් විසි වී යාමට බෝල ගසමින් සෙල්ලම් කළා. එසේ සෙල්ලම් කළ අයියලා මල්ලිලා මේ වන විට එහා පැත්තත් මෙහා පැත්තත් වෙන් වන ලෙසට මැදින් වැටක් සවිකර ඇති අතර එහා පැත්තෙන් මෙහා පැත්තට ගල් පහරවල් ද මෙහා පැත්තෙන් එහා පැත්තට ගල් පහරවල් ද එල්ලවනවා මිස බෝල පහරවල් විසි වන්නේ නැත. ශරීරය ලොකු වෙලා ලොකු වුණ ශරීරවලට තව පොඩි පොඩි ශරීර හම්බවෙලා මනුෂ්‍යත්වය පොඩි වෙලා ගිය ආකාරයයි. ශරීරය සහ ජීවිතය අතර තිබෙන ලොකු වෙනස එයයි. මහ ගෙදරට නඩු දමාගෙන අයියලා මල්ලිලා මුහුණ බලන්නේ නැහැ. මල්ලි, අයියාගේ මුහුණ බලන්නේ නැහැ. අයියයි මල්ලියි සැමදාම හමුවන්නේ උසාවියේදී පමණයි. කතා කරන්නේත් මුදල් වැයකරමින් තීතීඥ මහත්වරැන් මාර්ගයෙන් නොමිලයේ කතා බස් කළ අයියලා , මල්ලිලා දැන් මුදල් ගෙවලා කතා කරනවා

එක පිඟානෙ කෑම කාපු අක්කලා නංගිලා මුහුණට මුහුණ බලන්නේ නැහැ. රත්තරන් බඩු වලට නඩු දමාගෙන පුංචි අවධියේ එකට හැදුණු වැඩුණු අක්කලා නංගිලා අම්මා අසනීප වූ විට චුටි නංගිව නහවා කවල නිදිකරවන්න කියලා අම්මා කියන්නේ ලොකු අක්කාටයි. චුටි නංගිව හිල් පොල් කටිටෙන් නහවල හෙමිහිට බත් ඩිංගක් කවලා කකුල් දෙක උඩ තබාගෙන නළවල නිදිකරවපු චූටි නංගි අක්කාගේ මුහුණ බලන්නේ නැහැ. රත්තරන් බඩු වලට තරහ වෙලා. ශරීරයට වඩා ජීවිතය වෙනස්. ශරීරය උස් මහත් වෙන්න , උස් මහත් වෙන්න මිනිසුන්ට අහිමි වන්නේ ජීවිතයයි. ශරීරය පර්චස් ගණනකට කුඩා වූ විට තටිටු ගණනකට උඩ ගියාට අහසට යන්නේ නැහැ. අහස උසට ගොඩ වුණාට නැහැනෙ අහසේ රැඳෙන්නේ . ඒ නිසා ශරීරයත් සමඟ තිබෙන්නාවූ ගණුදෙනුවට වඩා ජීවිතතයත් සමඟ තිබෙන ගණුදෙනුව වෙනස්.

ඇත්ත තිත්ත වුවද , අප එය නිවැරැදි ආකාරයෙන් දැනගැනීම වැදගත් වෙයි ගැහැනු සතුන් සහ පිරිමි සතුන් රැඳී සිටින්නේ කූඩ ුතුළ මිස ගෙවල්වල නොවෙයි. යමි කිසි ගෙදරක ගැහැනු සතෙකුයි, පිරිමි සතෙකුයි පැටවුනුයි පමණක් සිටිනවා නම් එය කූඩුවක් මිස නිවහනක් වන්නේ නැත. එම කූඩුව තුළත් බ්ත්ති වහල තිබුණට එහි ජීවත්වන්නේ පිරිමි සතයි, ගැහැනු සතයි පමණයි. මිනිසුන්ට ජීවිත නැහැ. එකම වාහනයක රැකියාව සඳහා ගමන් කරනු ලබන නෝනයි මහත්තයයි , දුවෙකුයි සිටින නිවසක් තුළ දරුවා දහම් පාසල් නොපැමිණෙන අතර පැමිණුනත් පෙර සේ අධ්‍යාපනය කටයුතුවල නියැලෙන්නේ නැහැ. හොඳට සිටි චුටි දියණිය පොත් පාඩම් කරන්නේ නැහැ. අති දක්ෂ දරුවකුට කුªමක් වුණාද මෙවැනි තත්වයක් බොහෝ දෙනකුට අදාළ නොවුනත් ඇතැමුන්ගේ දරුවන්ට මෙය අදාළ වෙයි. මෙම දරුවාට මෙවැනි තත්වයක් උදාවුනේ මවිපියන් දෙදෙනාගේ වරදින් . හොඳට අධ්‍යාපනය හදාරමින් සිටි දියණිය දැන් මවිපියන් සමඟ තරහෙන් කාලය ගත කරයි. දියණියට නිදාගැනීම සඳහා එක කාමරයකුත් ඊළඟ කාමරය අම්මාටත්, ඊළඟට පවතින්නේ නිවසෙහි ගබඩා කාමරය වන අතර එයටත් එහා කාමරය තාත්තා නිදා ගැනීම සඳහා පරිහරණය කරනු ලබයි. තාත්තලා අමිමලා ජීවිතය එපා කියා සිතෙනවා නම්, දරුවන්ට විභාගය එපා කියා සිතෙනවා. තාත්තාට අමිමා එපා කියා සිතෙනවා නම්,අම්මාට තාත්තා එපා කියා සිතෙනවා නමි, ළමයාට අධ්‍යාපනය එපා කියා සීතීම බරපතල ගැටළුවක්. මවිපියන් ගේ විරසක භාවය ඔවුන් දවල්ට රාත්‍රියට කියා ගන්නා වූ වචන ඔවුන්ගේ පිටවන වචන හැසීරීම් රටාවන් ආක්‍රමණශීලි හැසීරීම සෘජුවම දරුවාගේ ජීවිතයට බලපානු ලබයි. එම දරුවාගේ ශරීරයට බල නොපෑවත් එය මනසට බලපානු ලබයි. ශරීරයෙන් බාල නොවුණද දරුවාගේ අධ්‍යාපනයට බලපානු ලබයි. දරුවා අධ්‍යාපනය අතහරිනු ලබයි. දරුවාගේ ජීවිතයේ සිනහව නැතිව යයි . දරුවගේ ජීවිතයේ සතුට නැතිව යයි. දරුවා ජීවිතය අතහැර දමයි. අම්මා තාත්තා අතහැර දැමූ විට තාත්තා අම්මා අතහැර දැමූ විට මට ජීවිතය කුමකටද යනුවෙන් දරුවා කල්පනා කරයි. මෙය ලංකාව තුළ පවතින ජාතික ගැටළුවක්. මිනිස්සු ජීවිත නඩත්තු නොකර ශරීර නඩත්තු කරනවා. ඒ නිසාම නිවහනක් ඇතුළත තිබෙන්නාවූ සෙනෙහෙවන්ත දයාලූ බව පමණයි, මිනිසුන්ගේ ජීවිතය බවට පත්විය යුත්තෙ. අප්‍රමාණ අඩුපාඩුකම් තිබෙයි. අප්‍රමාණ ආර්ථික ගැටළු තිබෙයි. පහසුකම් වල අප්‍රමාණ අඩුපාඩුකම් තිබෙයි. ඒ්ත් මිනිසුන්ගේ ජීවිතය නැතිවීමට ඒ කිසිදු කාරණාවක් සාධාරණ හේතුවක් වන්නේ නැහැ. දහදොළොස් දෙනා එකට ජීවත් වුණ පැලවල් මෙම රට තුළ තිබුණා. කටුමැටි ගෑ බිත්ති පුරා පළිඟු මැණික් එළිය දිලුණා . ඒවා ඇතුළත ලස්සන පවුල් තිබුණා. ඒවා ඇතුළත් ලස්සන ජීවිත තිබුණා. බොහෝ භවබෝග සැප සම්පත් තිබුණෙ නැහැ. ඒ නිසා ජීවිිතය යනු කුමක්ද කියා අලුතෙන් ගැඹුරට සිතිය යුතු කාරණාවක්

මට මට වෙන්න මේ හොඳටම ඇති ඒත් මට ඌ වෙන්න තව ටිකක් මදි ත්‍රීවිල් රථයක ගසා තිබුණ මෙම වැකියෙහි ඒ ටික වෙන්න මේ ජීවිතය මදි. ඒ නිසා මට මේ හොඳටම ඇති.

මට මම වෙන්න හොඳටම ඇති වුණත් මට ඔහු වෙන්න තව ටිකක් මදිවෙයි. ඒ ටික වෙන්න ආයුෂ කාලය මදි. ඒ නිසා මට මේ ඇති මම ඌ වීම යනු කුමක්දඅප කාට කාටත් අප වෙන්න හොඳටම ඇති මම මම වෙන්නෙ නැතිව අප , අප වෙන්නේ නැතිව අල්ලපු ගෙදර වගේ වීමට යාම නිසා මට මම වෙන්න හොඳටම ඇති වුණත් මට ඔහු වෙන්න තව ටිකක් මදි. මට ඔහු වෙන්න වුවමනායි. ඔහුට මෙන් විශාල මුදල් ප්‍රමාණයක් ඔහුගේ ආකාරයට ආහාර පාන ගෙවල් දොරවල් යාන වාහන එවැනි අය ආශ්‍රය කළ යුතුයි. ඒ වගේ වෙන්න ජීවිතය මදි එතරමි විශාල ප්‍රමාණයක් ්මුදල් හම්බ කිරීමට ආයුෂ මදි. මිනිසුන්ට ජීවිතය අමතක වීමත් ජීවිතය තුළ අතරමං වීමත් සිදුවන්නේ මම ඔහ ුවීමට දරණා වෑයම තුළයි. ඒ නිසාම අපට අප වෙන්න හැකි නම් මම මම වීම තුළ මිස මම ඔහු වීම තුළ නොසිටිය යුතුයි. මම මම වීම මිස මම ඔහු නොවීමටම යාම තුළ පුදුම සහනයක් ඇතිවෙයිි

ශරීරයක් තිබුණත් ජීවිතයක් තිබිය යුතුයි. ජීවිත නැති ශරීරයකට වඩා ජීවිතයක් තිබෙන ශරීිරයක් වටිනවා. ස්වාමියාට සැළකීම භාර්යාවට සැළකීම ආදරණිය ව ජීවත් වීම යන්න ජීවිතයට අයත් වන කාරණා මිස ශරීරයට අයත් නොවේ. අම්මාගේ තාත්තාගේ ගුණය දන්නවා හඳුනනවා කියන කාරණාවත් අම්මාට, තාත්තාට හැකි තරම් ආදරයෙන් සළකනවා කියන කාරණාව අයත් වන්නේ ජීීවිතයට මිස ශරීරයට නොවේ. ආදරණිය දරුවන් තුරුළට ගෙන ඇකයෙහි හොවා කිරි පොවා නලවා හුරතල් කොට ආදරයෙන් ඔවුන් හා කෙළි දෙලෙන් කාලය ගෙවන් කිරීම යනු ජීිවිතය ජීවත් කරවවීීම වනවා මිස ශරීරය ජීවත් කරවීම නොවේ. එය ශරීරයට හෝ පණට අදාළ දෙයක් නොවේ. ්එය ජීවිතයට පමණක් අදාළ වන්නාවූ කාරණාවක් වේ.

දරු මුණුපුරන් හා සොහොයුරු සොහොයුරියන් සමඟ ගමන් බිමන් යාම විනෝද චාරිකාවල නිරත වීම අයත් වන්නේ ජීවිතය ජීවත් කරවීමට මිස ශරීරය නඩත්තු කරවීම ට නොවේ සෑම සන්ධ්‍යාවක්ම සුන්දර සන්ධ්‍යාවක් සේ ඉතාමත්ම සතුටින් ගත කරන්නේ නම් එය ජීවිතය මිස ශරීරය නඩත්තු කරවීම නොවේ. සමිති සමාගම් වැනි පොදු කටයුතු කිරීම පොදු සමාජ සුබසාධනය උදෙසා කටයුතු කිරීම පොදු කාර්යයන් සදහා තමාගේ කාලය සහ පුද්ගලික ධනය කැප කිරීම ජීවිතය ජීවත් කරවීම සදහාම මිස ශරීරය නඩත්තු කරවීම සදහා නොවේ. සමාජ සම්මත ක්‍රියාවන් තුළ නියැළෙමින් පොදු සමාජ යහපත සඳහා කටයුතු කිරීම ජීවිතය ජීවත් කරවීම මිස ශරීරය නඩත්තු කිරීම නොවේ.

එලොවටත් නැති , මෙලොවටත් නැති, රටටත් නැති ඉදිරි ගමනක් නැතිව හුදකලාව ජීවත් වනවාය යනු හුදකලා ශරීර නඩත්තු කිරීම ජීවත් විම නොවේ.


 

  වෙසක් පුර පසළොස්වක පෝය

  වෙසක් පුර පසළොස්වක පෝය මැයි 21 වන දා සෙනසුරාදා පූර්ව භාග 12.42 ට ලබයි. 22 වන දා ඉරිදා පූර්වභාග 02.44 දක්වා පෝය පැවැත්වේ. සිල් සමාදන්වීම මැයි මස 21 වනදා සෙනසුරාදාය. 

මීළඟ පෝය මැයි 29 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 21

Second Quarterඅව අටවක

මැයි 29

Full Moonඅමාවක

ජුනි 04

First Quarterපුර අටවක

ජුනි 12


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]