UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වෙසක් පුර පසළොස්වක 2016.05.21

බෞද්ධයාගේ උසස්ම ආගමික දිනය

සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පරම පූජනීය ආගමික දිනය වෙසක් පුර පසළොස්වක පොහොය දවසයි. ජීවිතයේ අන් කවරදාකටත් වඩා වටිනාම දිනයද වෙසක් දිනයයි. ඒ නිසාම වෙසක් දිනයේදී හිමිදිරියේම පිරිසුදුව සුදුවතින් සැරසී බුද්ධ පූජාවට සුදුසුදෑ සම්පාදනය කර ගනිමින් විහාරස්ථාන වෙත පිය නගනුයේ පෙහෙවස් සමාදන් වීමටය. එසේ පෙහෙවස් සමාදන්ව ධර්මදේශනා , භාවනා, ධර්ම සාකච්ඡා ආදී මහඟු පින්කම්වල දවස පුරා යෙදෙනුයේ වෙසක් දිනයෙහි ඇති මහඟු වටිනාකම තේරුම් ගන්නා හෙයිනි. හැම බොදු නිවසකම ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ අපරිමිත බුදුගුණ මෙනෙහි කරමින් අවම වශයෙන් පහනක් හෝ දල්වනුයේද වෙසක් සැරසිල්ලෙන් අලංකාර කරනුයේද බුදුරජාණන් වහන්සේ අනන්ත සත්ව වර්ගයා විෂයෙහි දැක්වු මහත් කරුණා ගුණයට උපහාර දැක්වීමක්ද වශයෙනි.

බුදුබව පතා සිදුහත් ගෞතම මහ බෝධිසත්වයන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා පිරූ දාන, සීල, නෙක්ඛම්ම, පඤ්ඤා, විරිය, ඛන්ති ,සච්ච, අධිට්ඨාන, මෙත්තා, උපේක්ඛා යන දස පාරමී දස උප පාරමී, දසපරමත්ථ පාරමී දම් සපිරීම මහා ආශ්චර්යවත්ය. ඒ අපමණ බුදු ගුණ සිහියට නැගෙන විට නිරන්තරයෙන් වෙසක් දිනය බුදුරජාණන් වහන්සේට උපහාර දැක්වීමට පෙළඹේ.

බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී බුදුගුණ මෙනෙහි කිරීම නිසාම ආධ්‍යාත්මික ගුණ වගාවන් තම තමන්ගේ ජීවිතවලට එකතු කර ගැනීමට උනන්දු වේ. ජීවිතයක ආර්ථික වශයෙන් භෞතිකව ලබන දියුණුව අගය කළ යුතුව ඇත. එහෙත් මනුෂ්‍යයා කවර දියුණුවක් අපේක්ෂා කළද බෞද්ධයා ආධ්‍යාත්මික වශයෙන් ගුණදහම් වගාවට පෙළඹෙනුයේ අසිරිමත් බෝසත් සිරිත සහ අසිරිමත් බුදු සිරිතද නිරන්තරයෙන් සිහියට නැගෙන හෙයිනි.

ශ්‍රී බුද්ධ වර්ෂ 2560 උදාවේදී මෙතෙක් තම ජීවිතයෙන් අතපසු වූ යමක් වේනම් සංසාරික ගමනේ සුවපත් භාවය සඳහා අඩුපාඩු මග හරව ගනිමින් ගුණ දහම් පෝෂණයට මුලපිරිය යුතුවේ.

වෙසක් දින සැමරීමට පුද්ගලයන් මෙන්ම විවිධ සංවිධාන නිරන්තරයෙන් ඒකරාශි වේ. බුදුරජාණන් වහන්සේට මෙන්ම බුදුදහමටද ගෞරවයක් වන අයුරින්ම වෙසක් සැමරීම සියලු දෙනාගේ වගකීම වනු ඇත. වෙසක් නිමිත්තෙන් පැවැත්වෙන වැඩසටහන් ශ්‍රද්ධාව වර්ධනය වන අයුරින් පැවැත්වීම මෙන්ම එම වැඩසටහන්වලින් අන්‍ය ජනතාවට බාධා නොවන අයුරින් සිදුකිරීමට කටයුතු සැලසිය යුතුවේ. ආමිෂ පුජාමය පින්කමක් වන දන්සල් පැවැත්වීම අගය කළ යුතුවේ. දීමෙන් ලැබෙන ආනිශංස ගැන දැනුම්වත්ව දන්සලක් පැවැත්වීම ආනිශංස දායක ක්‍රියාවකි. ඉතා සංයමයෙන් එබඳු කටයුතු වල නිරතවීමද ආදර්ශවත් වනු ඇත.

වෙසක් පින්කම මගින් දෙලොව යහපත උදාකර ගැනීමට අදිටනක් තබා ගත යුතුව ඇත. ඔළුබක්කන් නැටීම හෝ හොල්මන් ගුහා හෝ භූත මන්දිර නමින් වෙසක් දිනයට අනුචිත නොවනදෑ නොපැවැත්වීම කාලෝචිතය. තාවකාලික විනෝදාස්වාදයක් එමගින් සුළු පිරිසකට ලද හැකි වුවද වැඩි පිරිසක් ඊට අනු බල නොදෙන්නේ ශ්‍රද්ධාව මුල්වන සමයක් වන හෙයිනි.

දුටුවන්ගේ සිත් පහන්වන අයුරින් වෙසක් සැමරීම කළ යුත්තේ බෞද්ධයාට ඇති උසස්ම ආගමික දිනය වෙසක් වන හෙයිනි. ඒ පිළිබඳව අර්ථවත්ව සිතමින් කටයුතු කිරීමෙන් වෙසක් සමයේදී සුළු හෝ අඩු පාඩුවක් වත් ඇති නොවන අයුරින් කටයුතු කිරීම වගකීම වේ.

 

  වෙසක් පුර පසළොස්වක පෝය

  වෙසක් පුර පසළොස්වක පෝය මැයි 21 වන දා සෙනසුරාදා පූර්ව භාග 12.42 ට ලබයි. 22 වන දා ඉරිදා පූර්වභාග 02.44 දක්වා පෝය පැවැත්වේ. සිල් සමාදන්වීම මැයි මස 21 වනදා සෙනසුරාදාය. 

මීළඟ පෝය මැයි 29 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 21

Second Quarterඅව අටවක

මැයි 29

Full Moonඅමාවක

ජුනි 04

First Quarterපුර අටවක

ජුනි 12


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]