UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වත්තහේන දේවසිරි විහාරයේ කොත් පැළඳවීමේ පින්කම

වත්තහේන දේවසිරි විහාරයේ කොත් පැළඳවීමේ පින්කම

ගාලු පළාතේ තල්පේ පත්තුව (යක්කලමුල්ල) වත්තහේන ගම්මානයේ දී 1989 මාර්තු මස 18 දින චන්ද්‍රාවති දේව මෑණියන්ගේ මූලිකත්වයෙන් දේවස්ථානය ආරම්භ කිරීමෙන් පසු වතෝගල තපෝධනාරාමාධිපති රාජකීය පණ්ඩිත කුඹල්ගොඩ සුගුණතිස්ස මා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් 1990 දී බෝධි රෝපණයක් සිදුකරන ලදී.

තෙල්ලඹුර ශ්‍රී ඛෙත්තාරාම පුරාණ විහාරාධිපති ස්වරභඤ්ඤ විශාරද කර්මාචාර්ය ලේල්වල ඉන්දජෝති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් 1990 මැයි මස 01 දින ශ්‍රී දේවසිරි විහාරය ආරම්භ කරන ලදී.

1992. මැයි මස 01 දින බුදුමැදුර ඉදිකර 1993 මැයි 03 දින බුදු පිළිම වහන්සේගේ නේත්‍රා පින්කම් සිදුකරන ලදී.

2014 සැප්තැම්බර් 23 දින චෛත්‍යයට මුල්ගල් තබා වැඩ නිම කොට එහි කොත් පැළඳවීමේ පින්කම වල්පල සඳුන් විහාරය ඇතුළු පංච මහා විහාරාධිපති තල්පේ පත්තුව ප්‍රධාන අධිකරණ සංඝනායක අක්මීමණ පඤ්ඤාසාර නාහිමියන්ගේ අනුශාසනා පරිදි මැයි මස 17/18 දෙදින පින්කම් මාලාවක් සමඟ සිදු කිරීමට සංවිධානය කර ඇත.

කොත්වහන්සේ වැඩම කරවීමේ පෙරහර මැයි 17වන දින සිදුකොට රාත්‍රී පිරිත් දෙසුමකි. 18වන දින කොත පළඳවා විවෘත කිරීම ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහානායක උඩුමලගල මහින්ද මහා නාහිමියන්ගේ සුරතින් සිදුකොට මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් පෙරවරු 10.00ට උත්සව සභාවක් පවත්වනු ලබයි.

 

 වෙසක් පුර අටවක පෝය

 වෙසක් පුර අටවක පෝය මැයි මස 13වන දා සිකුරාදා පූර්වභාග 10.10ට ලබයි. 14වන දා සෙනසුරාදා පූර්වභාග 11.05 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 13වන දා සිකුරාදාය. මීළඟ පෝය මැයි මස 21වන දා සෙනසුරාදාය. 

මීළඟ පෝය මැයි මස 21 වනදා සෙනසුරාදාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 13

Full Moonපසෙලාස්වක

මැයි 21

Second Quarterඅව අටවක

මැයි 29

Full Moonඅමාවක

ජුනි 04


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]