UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ලුම්බිනි පුදූබිම නැවත සොයා ගැනීම

බුදුපිළිමයේ උපත - 6:

ලුම්බිනි පුදූබිම නැවත සොයා ගැනීම

සිදුහත් බෝසූත් කුමරා උපන් මහාමායාදේවී විහාරය සහ ක්‍රිස්තු වර්ෂ 273 සිට 232 තෙක් රජ කළ අසෝක රජූතුමා විසින් පිහිටුවන ලද ශිලාස්තම්භය දුටු බව පුරාණ ජම්බුද්වීපයේ සංචාරය කළ චීන භික්ෂූන් වහන්සේලා දෙදෙනෙකු විසින් සිය වාර්තාවල සඳූහන් කර ඇත. ක්‍රිස්තු වර්ෂ පස්වන සියූවූසේදී පැමිණි ෆාහියන් හිමියෝ සහ ක්‍රිස්තු වර්ෂ හත් වෙනි සියූවූසේදි පැමිණි හියුං ෂාං හිමියෝ ඒ දෙදෙනා වෙති. ඊට පසුව ක්‍රිස්තු වර්ෂ 12 හා 13 යන සියූවස් වලදී ටිබෙට් සහ මල්ල රජූවූරුන් ලුම්බිනිය පුදූබිමට වන්දූනාවේ පැමිණි බව අසෝක රජූතුමා විසින් පිහිටුවන ලද ලුම්බිනි ශිලා ස්තම්භූයේම වෙනත් ස්ථානූවල සටූහන් කර ඇත. ඉන්පූසුව සිදුවූ ආක්‍රමණයන් නිසා මෙම පුදූබිම පමූණක් නොව බුද්ධූගයාව, සාරානාත් කුසිනාරා , නාලන්දා සහ වික්‍රමශිලා (ඒ දෙක පුරාණ විශ්වවිද්‍යාල හා ආශි‍්‍රත බෞද්ධ පුදූබිම්ය) ආදිය විනාශයට පත් වූයේය. මින් පසුව ලුම්බිනි පුදූබිම ඇතුළු පුරාණ දඹූදිව පුදූබිම් රැසක්ම මහා වනාන්තරවලින් වැසී ගියේය. (ARCHAEOLOGICAL REMAINS OF KAPILWASTU LUMBINI AND DEVDAHA –B.K.RIJAL –P.14 (1979) දඹූදිව සිව් මහ පුදූබිම් සිරිසූමන් විජේතුංග පි. 20-21 (2011)

නේපාලයේ කත්මන්ඩු අගනගරයේ සිට සැතූපුම් 90 පමණ දුරින් පිහිටි ඉතා සරුසාර වූ භූමි ප්‍රදේශූයක 1895 වර්ෂූයේදී දෙසැම්බර් මස දිනූයූකදී ජර්මන් ජාතික පුරාවිද්‍යාඥයෙකු ඇලොයි ඇන්ටන් පුෂේ (ALOIS ANTON FUHER) ජෙනූරාල් ඔඩ්ගා සම්ෂර් සහ ජේ.බී. රානා යන තිදෙනා ලුම්බිණි නිගලිසාගර්, ගොනිහාවා යන පුදූබිම්වල තිබූ අසෝක ස්තම්භ සොයා ගත්හ.

මේ ගවේෂණ කටූයුතුවලදී රුම්මින්දෙයි (ලුම්බිනි) පුදූබිමෙහි කහ පැහැයෙන් යුක්ත වැලිගූලෙන් නෙළන ලද ඉතා දිග (අඩි 21 පමණ දිග) රවුම් කුලුනක් හමු වූයේය. බිම වැටී තිබුණු එම කුලුන කැඩී බිඳී තිබුණි. මෙම කුලුනේ බ්‍රාහ්මී අක්ෂර (ලංකාවේද පුරාණ ගල් ලෙන්වල ලියා ඇති අක්ෂර – බ්‍රාහ්මී අක්ෂූරයන්ය. එහෙත් ඊට වඩා තරමක් වෙනස් වූ ස්වූරූපයක් මේ ශිලා ලේඛනවල ඇත). ඒ මහා කුලුන පස්වලින් වැසී තිබුණි. ඒ ටැඹෙහි (කුලුනේ) තිබුණු ශිලා ලේඛූනූයෙහි අග කොටස පසින් වටවී තිබුණි. ඒවන විටත් පුරාණ ජම්බුද්වීපයේ අසෝක රජුගේ ශිලාලේඛන සොයා ගෙන තිබුණූ නිසා මෙම බ්‍රාහ්මී අක්ෂරවලින් ලියා තිබුණු ශිලා ලේඛූනය පහූසුවෙන් කියැවීමට හැකි විය. සිදුහත් කුමූරුගේ ජන්මභූමිය කොහේදැයි ඒවන විටත් පුරාවිද්‍යාත්මූකව හඳුනාගෙන තිබුණේ නැත. එවක ඉන්දියානු බ්‍රිතාන්‍ය රජය විසින් 1899 වර්ෂූයේදී බාබු ජී.සී. මුකර්ජි මහතා නේපාලූයට යවන ලද්දේ ලුම්බිනි ටැම්ලිපිය සොයා ගැනීමත් සමූඟය. ඔහු කපිලවස්තු සහ ලුම්බිනි යන පුදූබිම් පිළිබද තවූදුරටත් සොයා බැලීම සිදු කළේය. ඒ ගවේෂණවලදී සිද්ධාර්ථ කුමාරයා උපත ලැබීම පිළිබඳ නිරූපණ කෙරුණ ශිලාමය මූර්ති කැටයමක්ද සොයා ගැනීමට හැකි වූයේය. එය ක්‍රිස්තු වර්ෂ පස්වන සියූවූසට අයත්වූ පුරාණ ඉන්දියානු සංස්කෘතියේ ස්වර්ණමය කාලය වූ ගුප්ත රාජයමයට අයත් වූවකි. මෙය තරූමක් මැකී ඇතත් මහාමායාදේවිය සහ සිදුහත් කුමරු පැහැදිලිව දක්නට ඇත.

(සිදුහත් කුමරු උපන් ලුම්බිනියේ මහාමායාදේවි විහාරය – සිරිසූමන් විජේතුංග පි. 58-60 (2014) )

එක්සත් ජාතින්ගේ අධ්‍යාපනික විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය (UNESCO) යුනෙස්කෝ විසින් ලුම්බිනි පුදූබිම 1997 වර්ෂූයේදී ලෝක උරුමූයක් (WORLD HERITAGE)  ලෙසට ප්‍රකාශයට පත්කර ඇත. ලුම්බිනි පුදූබිමෙහි පිහිටි මහාමායාදේවි විහාරය හා දේවිය සහ සිදුහත්කුමරු ස්නානය කරවූ පොකුණ හා අසෝක ස්තම්භය ආදිය ඇතුළත් ප්‍රදේශය 1933 සිට වරින්වර කැණීම් සහ ගවේෂණයන් සිදුකරන ලද බවට වාර්තා වී ඇත. ලුම්බිනියේ මෙම වැඩපිළිවෙළ (ව්‍යාපෘතිය) යටතේ ජපන් ජාතික වාස්තු විද්‍යාඥයා විසින් සකස් කරන ලද ‘නංගේ සැලූසුම ‘ අනුව මෙම ස්තම්භය මුල්කොට ගෙන සාදන ලද හීනූයාන සහ මහායාන ආරාම නිසා ලුම්බිනිය ආලෝකමත් විය. මෙම සැලසුමට ලංකා විහාරයක්ද අයත් වූයේය.

(ඉහත සඳූහන් ග්‍රන්ථය – පි. 13)

ප්‍රථම පුරාවිද්‍යාත්මක කැණීම 1970-71 දී නේපාල රජූයේද අනුග්‍රහයෙන් එහි පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුව මගින් සිදු කරන ලදී. මෙහි මූලික අරමුණ වූයේ ලුම්බිනි යේ අසෝක ස්තම්භයේ බ්‍රාහ්මී අක්ෂූරයෙන් ලියා තිබූ ශිලාලේඛනයේ සඳූහන් වන ‘ලුම්බිනි ග්‍රාමය’ පිළිබඳ සොයා බැලීමය. අසෝක ස්තම්භය පිහිටියේ මහාමායාදේවි විහාරූයට බටහිර පැත්තේය. ඉතා පුරාණ යුගූයට අයත් වූ බුද්ධ කාලූයට (ක්‍රිස්තු පූර්ව 600) අයිති වන භූමියක් බව එයින් හමුවූ පුරාවස්තුවලින් පැහැදිලි විය. එපමණක්ද නොව ක්‍රිස්තු පූර්ව 600 සිට ක්‍රිස්තු වර්ෂ පස්වන සියූවූසට (ගුප්ත රාජ යුගූයට) තෙක් වූ කාල සීමාවට අයත් පුරාවස්තු රැසක්ද එම කැණීම්වලින් සොයා ගැනීමට හැකි විය. ඒ අනුව බුද්ධ කාලූයට අයත් මැටි බඳුන් ද මෙහි තිබී හමු වූයේය.

මෙහිදී විශේෂයෙන් සඳූහන් කළ යුතු කරුණක් ලෙසින් අප රටේ ඵෙතිහාසික වාර්තා ලියා තැබීමේ දී සිය ජීවිත පරූදුවට තබා කටූයුතු කළ මහා විහාරූවාසි (අනුරාධපුර) පූජූනීය භික්ෂූන් වහන්සේ විසින් ඉටු කරන ලද සේවාවය.ඒ නිසා ක්‍රි.ව. 19 වන සියූවස වන විට සමස්ත භාරතයටම අමූතක වී තිබුණු අසෝක රජූතුමා පිළිබද මතකය අපේ වංස කතාවූලට ඇතුළත්කර තැබීමේ මහා පුණ්‍ය කර්මය නිසාම ‘දෙවූනපියදසි’ යනු අසෝක රජූතුමා බව ලොවූටම ප්‍රකාශ කළ හැකි විය. අසෝක රජූතුමා විසින් සිදු කරන ලද ජම්බුද්වීපයේ බුද්ධාගම හා සම්බන්ධ වූ පුදූබිම් හඳුනා ගැනීමට ඉටු කළ මෙහෙය එනම් ඒ ස්ථානූවල ශිලාලේඛන ස්තම්භ පිහිටුවීම නිසා ඒ ගැන විමසා බැලීමද ඉතා වැදූගත් වනු ඇත. (දඹදිව සිව්මහ පුදූබිම් – සිරිසූමන් විජේතුංග පි.09 (2011)


පසුගිය සතියෙන් - බුදුපිළිමයේ උපත - 5 : සිදුහත් කුමරු උපන් ලුම්බිනියට වන්දනාවේ ගිය රජු

 

 නවම් පුර අටවක පෝය

   නවම් පුර අටවක පෝය පෙබරවාරි මස 15 වැනි දා සඳුදා පූර්වභාග 02.11 ට ලබයි. 16 වැනිදා අඟහරුවාදා පූර්වභාග 00.06 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 15 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය පෙබරවාරි 22 වැනිදා සඳුදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 15

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 22

Second Quarterඅව අටවක

මාර්තු 01

Full Moonඅමාවක

මාර්තු 08


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]