UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නවම් පුර අටවක 2016.02.15

යහපත් පැවැත්ම

අපගේ පැවැත්ම හෙවත් ක්‍රියාකාරකම් වැරැදි වුවහොත් එහි ප්‍රතිවිපාකද විඳිනුයේ අපමය. අවම වශයෙන් ගෙන කල්පනා කර බලන විට අප ආහාරපාන ගැනීමේදී පවා සැලකිලිමත් විය යුතුය. අපගේ පැවැත්ම ගැන සිතා අපත්‍ය ආහාර ගැනීමෙන් ගතේ සුවය දුරුවී රෝගාබාධවලටද ගොදුරුවීමට ඉඩ තිබේ. මෙසේ ගතේ සුවය පමණක් නොව සිතේ සුවය ගැනත් අපි කල්පනා කළ යුතු වෙමු. අපේ සිත තුළට ක්ෂණයක් පාසා සිතිවිලි ගලාගෙන ඒම ස්වභාවිකය. මෙසේ ගලා එන සිතිවිලි අතර අපේ සිත මඟින් වැරැදි සිතිවිලි සිත තුළට ඇතුළත් කර ගතහොත් අපේ සිතේ සුවයට එයින් හානි ඇතිවෙයි. ගතේ සුවය දුරුවී යයි. ඇතැම් විට සිතේ සුවය පතා විවිධ සිතිවිලි ගොඩනඟා ගැනීමට උත්සාහ කළ ද ඒ සිතිවිලි තුළ නිවැරදි සිතිවිලි නොවුවහොත් සිත නරක්වීමද නොවැළැක්විය හැකිය.

අනෙකුත් සියලු දේට වඩා සිතේ සැනසීම අත්‍යාවශ්‍යය. යහපත් හෝ අයහපත් සියලු ක්‍රියාවන් කිරීමට මුල්වන්නේ සිතය. නරක් වු කිලිටි වු සිතින් යම් කෙනෙක් යමක් කියයි නම් හෝ කරයි නම් එහි විපාකය ගොනුගේ පය අනුව යන රියසක වැනිය.එසේම ප්‍රසන්න වු සිතින් යම් කෙනෙක් යම් යහපත් ක්‍රියාවක් සිතයි නම් හෝ කරයි නම් එහි විපාකයද යහපත්ය. තමා පසු පස එන සෙවනැල්ල මෙන් යහපත් දෙයෙහි යහපත් ප්‍රතිඵල ලැබේ. හිත අසනීප වූ විට හිතේ සනීපය දුරුවී හිතේ ශක්තිය හීන වී යයි. හිත නරකට පත් කරන හිතේ පවතින අසනීප ගති මොනවාදැයි මොහොතක් සිතා බැලිය යුතුය. යම් දෙයක ඇත්ත ඇති සැටියෙන් නොදැකීමත්, ලෝභකම, ද්වේය, මෝහය ආදිය පැවතීමත් හිතේ සුවය දුරුකරන හිතේ පවතින අසනීප ගති වේ. ඒවා හිතේ හටගෙන හැදී වැඩීමෙන් හිත දුබල වී එමඟින් නරක දේ කියැවේ. ඊට වාචසික, අකුසල් යැයිද සඳහන් කරනු ලැබේ. එමෙන්ම හිතේ නරක හේතුවෙන් කරන ක්‍රියා කයින් සිදු කැරෙන අකුසල් යැයිද සඳහන් කරනු ලැබේ. හිත නරක්වීමෙන් හිතේම ක්‍රියාකරන අකුසල්වලට හිතින් කරන අකුසල් යැයි කියනු ලැබේ.

මෙසේ සිත , කය, වචනය මුල්වීමෙන්ම අකුසල ක්‍රියා හෙවත් පාපයන් සිදුකරන අතර එම ද්වාරත්‍රය මුල්වීමෙන් කුසල ක්‍රියාද සිදු කරනු ලැබේ. ඉහත සඳහන් කළ අයුරෙන් මනුෂ්‍යයාගේ ඇවතුම් පැවතුම් අනුවම එසේ අකුසල් හෝ කුසල් සිදුවන බව වටහා ගැනීම අපහසු නොවේ.

මිනිසත්භාවය ලබා ගැනීම පහසු කටයුත්තක් නොවේ. දුර්ලභව ලබාගත් මිනිසත්භාවයෙහි වටිනාකම මනුෂ්‍යයා විසින්ම අවබෝධ කරගත යුතුවේ. එසේ මිනිසත්භාවයෙහි වටිනාකම දුර්ලභ ව වටහාගැනීමෙන්ම පමණක් මනුෂ්‍යයා තුළින් සිදුවන වැරැදි අඩුපාඩු මඟ හරවා ගත හැකිය.

ජීවිතයේ පැවැත්ම උදෙසා යහපත් ක්‍රියාවන්හිම යෙදිය යුතු අතර ජීවිතය ගොඩනඟාගැනීමටත් එයට පිටුවහලක් වේ. සසර එක් ජීවිතයකින් අවසන් නොවේ. ඉපදෙමින්, මැරෙමින් සසර ගමනේ දුක් කෙළවර කරන තෙක්ම සසරපුරා ඇවිදී, වාසනාවකට මෙන් ලද මිනිසත්භාවයෙන් යහපත් ජීවිතයක් ගොඩනඟාගැනීමට අපොහොසත් වුවහොත් සසරපුරා විඳින දුක නිමක් නොපෙනේ. ජීවිතය පිළිබඳව බුද්ධිමත්ව හා නිරවුල්ව කල්පනා කළ යුතුවන්නේද එබැවිනි.

ඇතැම්විට ජීවිත පැවැත්ම අයහපත්වු විට තමාට විඳීමට සිදුවන දුක්කම්කටොලුවල නිමක් නැත. වැරැදි පැවැත්ම හේතුවෙන් එහි අනිටු විපාක මෙලොවදීම වුවද විඳීමට සිදුවේ. හිතේ පවතින ලෝභගතිය, ද්වේෂය හා හා මෝහය නිසා හැඟීම් පාලනයෙන් තොරව කටයුතු කිරීමෙන් විවිධ පීඩාවන්ට ගොදුරුවීම නොවැළැක්විය හැකිය. ලෝභය දුරුකර ලද පමණින් සතුටුවීමට හුරු පුරුදුවීමෙන් ලැබෙන සහනය නිමක් නැත. අනෙකා වෙත ද්වේෂ කිරීමෙන් පලක් නොවන අතර ද්වේෂය හේතුවෙන් ජීවිතයේ පැවැත්ම පවා වෙනස් කිරීමට යොමුවේ. ඒ සියල්ලට මෝහය මුල්වන අතර මෝහය දුරු කර ගැනීමට ප්‍රඥාව වර්ධනය කළ යුතුවේ. ප්‍රඥාවන්තවු මනුෂ්‍යයා හැමවිට තමාගේ ජීවිතයේ යහපත් පැවැත්ම උදෙසාම බුද්ධිමත්ව ක්‍රියාකරනු ලැබේ.

ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන්ය. එම අකුසල මූලයන් දුරුකරගෙන හැකිතාක් ඒ සඳහා අලෝභ, අදෝෂ,අමෝහ යන කුසල මූලයන් උදාකරගත යුතුය.මෙසේ ක්‍රියා කිරීමෙන් මනුෂ්‍යයා තමාගේ යහපත් පැවැත්ම උදෙසා පමණක් නොව එමඟින් තමා වෙසෙන සමාජයට යහපත උදාකරවනු ලැබේ. මනුෂ්‍යයා සතු මූලික වගකීමක් හා යුතුකමක් වනුයේද ජීවිතය යහපත්ව පවත්වා ගැනීමයි. අයහපතෙන් වෙන්වීමයි. ජීවිතයේ නිසි පැවැත්ම හා යහපැවැත්ම කටයුතු කිරීම මනුෂ්‍යයා සතු වගකීම වේ.

 

 නවම් පුර අටවක පෝය

   නවම් පුර අටවක පෝය පෙබරවාරි මස 15 වැනි දා සඳුදා පූර්වභාග 02.11 ට ලබයි. 16 වැනිදා අඟහරුවාදා පූර්වභාග 00.06 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 15 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය පෙබරවාරි 22 වැනිදා සඳුදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 15

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 22

Second Quarterඅව අටවක

මාර්තු 01

Full Moonඅමාවක

මාර්තු 08


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]