UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කෙහෙල්බද්දර ශ්‍රී බෝධිදෘමාරාම පොත්ගුල් විහාරය

කෙහෙල්බද්දර ශ්‍රී බෝධිදෘමාරාම පොත්ගුල් විහාරය

ශතවර්ෂාධික කාලයක ඓතිහාසික පුරා වෘත්තයකට හිමිකම් තිබෙන උඩුගම්පොල රාජ්‍යයේ විසූ සකල කලා වල්ලභයන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් ජය කෙහෙළි බැඳි, “කෙහෙළි බැදි අද්දර” පසුකාලීනව කෙහෙල්බද්දර යන නාමයෙන් ව්‍යවහාර ගත වූ බව කියවේ. මෙම රජ සමයේ මුල් කාලීනව මෙම පුද බිම ප්‍රසිද්ධ ආනුභාව සම්පන්න පත්තිනි දේවාල භූමියක් ලෙස ආරම්භ වී ඇත.

පසුකාලීනව (ක්‍රි.ව. 1919) දී කිඹුලාපිටිය ප්‍රදේශයෙන් වැඩම කළ විමලානන්දතිස්ස හිමිපාණන් චෛත්‍යරාජයාණන් වහන්සේ දේවාල භූමියේ පසෙකින් ඉදිකිරීමට මූලිකත්වය දරා ඇත. ඒ සමඟින් වල්පොල ගුණරතන නා හිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය කොස්පිල්ලෑව විහාරස්ථානයේ වැඩ සිටි සීනදූවේ රේවත හිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය බටපොතේ සාරානන්ද නා හිමියන් මෙම විහාරස්ථානයේ අභිවෘද්ධියට ඉමහත් සේවයක් සිදුකර ඇති බව ගෞරවාන්විතව සිහිපත් කළ යුතුය. උන්වහන්සේගේ ශිෂ්‍යවරයන් වහන්සේලා වූ බටපොතේ සද්ධානන්ද,අස්ගිරිවල්පල ගුණානන්ද, යක්කඩුවේ පඤ්ඤාරාම යන ස්වාමීන් වහන්සේලා මෙම පුදබිමේ අභිවෘද්ධිය වෙනුවෙන් මහත් කැපකිරීමෙක් සිදු කර ඇති බව සඳහන් වේ. ඒ අතරින් බටපොතේ සද්ධානන්ද නා හිමිපාණන් වහන්සේ මෙම විහාරස්ථානයේ වැඩ වසමින් විහාරස්ථානයකට අවශ්‍ය සියලු විහාරාංගයන් සම්පූර්ණ කිරීමට ඉමහත් සේවයක් සිදුකළ බව ගෞරවාන්විතව සිහිපත් කළ යුතුය.

මානිංගමුවේ ධම්මජෝති හිමි

උන්වහන්සේගේ පි‍්‍රය ශිෂ්‍ය සියනෑ, හාපිටිගම් අලුත්කුරු කෝරළත්‍රයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ප්‍රවචන කීර්ති ශී‍්‍ර වාගීස්වර සද්ධානන්ද බටපොතේ ශ්‍රී පේමානන්දාභිධාන නා හිමිපාණන් වහන්සේ මහනුවර සම්ප්‍රදායානුනූල විහාර මන්දිරය මැදිකර නව විහාර මන්දිරය ඉදිකරවා 1984 මාර්තු 16 දින විවෘත කරන ලදී. උන්වහන්සේ 1989 මාර්තු 28 දින අපවත්වූහ. උන්වහන්සේ ශිෂ්‍ය ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත හැලව ජනානන්ද හිමිපාණන් වහන්සේ විහාරස්ථානය තවදුරටත් සංවර්ධනය කරන අතරතුර උන්වහන්සේ අපවත්වූහ.වර්තමානයේ විහාරාධිපතිත්වය දරන ශාස්ත්‍රපති මානිංගමුවේ ධම්මජෝති හිමි, මෙම විහාර පරම්පරාවේ දැනට සිටින ජ්‍යෙෂ්ඨ ස්වාමින් වහන්සේ නමක් වන මූකලංගමුවේ පඤ්ඤානන්ද හිමිපාණන් වහන්සේගේ හා අපවත්වී වදාළ හැලව ජනානන්ද හිමිපාණන් වහන්සේලා දෙනමගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් සතර පේරුවේ දායකකාරකාදීන්, පරිත්‍යාගශීලීන්, ප්‍රාදේශීය ව්‍යාපාරික භවතුන් හා එකමුතුව විහාර සංවර්ධනය සඳහා ඉමහත් සේවයක් ඉටුකරමින් සමාජයේ ආර්ථික පුනර්ජීවය වෙනුවෙන් කරන්නාවූ සේවය ආදර්ශවත්ය. උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය අස්වාන ශ්‍රී ධර්මරත්නෝදය මූලික පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති රාජකීය පණ්ඩිත වැලිකන්දේ විජිතසිරි හිමියන්, ගුරු හිමියන්ගේ අවවාද අනුශාසනා යටතේ පවත්වාගෙන යන ශ්‍රී සද්ධානන්ද දහම්පාසලේ ප්‍රධානාචාර්ය ධූරය දරමින් දරුවන් 500 කට පමණ දහම් අධ්‍යාපනය ලබා දෙමින් 20 කට අධික ආචාර්ය මණ්ඩලය සමඟ දරුවන්ගේ දහම් දැනුම නඟාසිටුවීමට දරන පරිශ්‍රමයට ගෞරවනීය නමස්කාර පුද කළ යුතුය. දහම් දැනුමෙන් හා ප්‍රාදේශීය සිසු නිපුණතා තරගවලින් සෙසු දහම් පාසල් අභිබවා පෙරමුණේ පවතින බව මෙහිලා සිහිපත් කළ යුතුය.

විහාරස්ථ කාර්ය සාධක සමිතිය ඇතුළු සමිති සමාගම් විහාරස්ථානය කෙරෙහි පුදකරන ශ්‍රමය හා මූල්‍යමය දායකත්වය විහාරස්ථානය නෙත ගැටෙන සමයට මනාව පැහැදිලිවේ. මෙම විහාරයේ පත්තිනි දේවාලයට ද දිගු ඉතිහාසයෙක් ඇතිබව පැහැදිලිවේ.

 

 දුරුතු පසළොස්වක පෝය

  දුරුතු පසළොස්වක පෝය ජනවාරි මස 23 වැනිදා සෙනසුරාදා පූර්වභාග 07.31 ට ලබයි. 24 වැනිදා ඉරිදා පූර්වභාග 07.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 23 වැනිදා සෙනසුරාදාය.

 මීළඟ පෝය පෙබරවාර් 01 වැනිදා සදු දාය. 
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 23

Second Quarterඅව අටවක

පෙබරවාරි 01

Full Moonඅමාවක

පෙබරවාරි 08

First Quarterපුර අටවක

පෙබරවාරි 15


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]