UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධර්ම දේශනාව:

සත්‍ය කථා කිරීමද, නොකිපීමද, සුළු දෙයක් හෝ දීමද සැප ලැබීමට කරුණුය


අද ඔබ සැම වෙනුවෙන් ඉදිරිපත් කරන ධර්මාවවාදය ධම්මපදයේ ක්‍රෝධ වර්ගයේ එන ගාථවක් ඇසුරු කරමින් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරමි. මේ ගාථාවේ තේරුම මෙසේ දැක්විය හැකිය. “ඇත්ත කීම, කෝප නොවීම, යමෙක් යමක් ඉල්ලූවිට සුළු දෙයක් හෝ දීම,යන මේ කරුණු තුනෙන් දෙවියන්ගේ සමීපයට යන්නේය”. මේ ගාථාව බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩසිටින විට මුගලන් මහරහතන් වහන්සේ මුල්කොට දේශනා කරන ලද්දකි. දිනක් මුගලන් මහ රහතන් වහන්සේ තම ඍද්ධි ශක්තියෙන් දිව්‍ය ලෝකයට වැඩම කරන ලදී. එහි දී විවිධ දෙවිවරු උන්වහන්සේට වන්දනා කිරීමට පැමිණි අතර සතුටු සාමීචියෙන් අනතුරුව ඒ ඒ දෙවිවරුන් දිව්‍ය සම්පත් ලැබීමට සිදුකළ පින්කම් මොනවාද? යන්න අසා දැනගන්නා ලදී. පසුව දිව්‍ය ලෝකයේ සිට නැවත ජේතවනාරාමයට වැඩම කිරීමෙන් පසුව බුදුරජාණන් වහන්සේ වෙත එළඹ “ ස්වාමිනි, ඇත්ත කී පමණෙකින් , කෝප නොවීමෙන්, තිඹිරි, කැකිරි, පලා ආදි සුළුදෙයක් දුන් පමණෙකින් කෙනෙකුට දිව්‍ය සම්පත් ලැබිය හැකි දැයි විචාළ සේක.

ඉතිරිය»

 

 දුරුතු පසළොස්වක පෝය

  දුරුතු පසළොස්වක පෝය ජනවාරි මස 23 වැනිදා සෙනසුරාදා පූර්වභාග 07.31 ට ලබයි. 24 වැනිදා ඉරිදා පූර්වභාග 07.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 23 වැනිදා සෙනසුරාදාය.

 මීළඟ පෝය පෙබරවාර් 01 වැනිදා සදු දාය. 
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 23

Second Quarterඅව අටවක

පෙබරවාරි 01

Full Moonඅමාවක

පෙබරවාරි 08

First Quarterපුර අටවක

පෙබරවාරි 15


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]