UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිවුසුම් දොරටුව

කෙහෙල්බද්දර ශ්‍රී බෝධිදෘමාරාම පොත්ගුල් විහාරය

ශතවර්ෂාධික කාලයක ඓතිහාසික පුරා වෘත්තයකට හිමිකම් තිබෙන උඩුගම්පොල රාජ්‍යයේ විසූ සකල කලා වල්ලභයන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් ජය කෙහෙළි බැඳි, “කෙහෙළි බැදි අද්දර” පසුකාලීනව කෙහෙල්බද්දර යන නාමයෙන් ව්‍යවහාර ගත වූ බව කියවේ. මෙම රජ සමයේ මුල් කාලීනව මෙම පුද බිම ප්‍රසිද්ධ ආනුභාව සම්පන්න පත්තිනි දේවාල භූමියක් ලෙස ආරම්භ වී ඇත. පසුකාලීනව (ක්‍රි.ව. 1919) දී කිඹුලාපිටිය ප්‍රදේශයෙන් වැඩම කළ විමලානන්දතිස්ස හිමිපාණන් චෛත්‍යරාජයාණන් වහන්සේ දේවාල භූමියේ පසෙකින් ඉදිකිරීමට මූලිකත්වය දරා ඇත. ඒ සමඟින් වල්පොල ගුණරතන නා හිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය කොස්පිල්ලෑව විහාරස්ථානයේ වැඩ සිටි සීනදූවේ රේවත හිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය බටපොතේ සාරානන්ද නා හිමියන් මෙම විහාරස්ථානයේ අභිවෘද්ධියට ඉමහත් සේවයක් සිදුකර ඇති බව ගෞරවාන්විතව සිහිපත් කළ යුතුය. උන්වහන්සේගේ ශිෂ්‍යවරයන් වහන්සේලා වූ බටපොතේ සද්ධානන්ද,අස්ගිරිවල්පල ගුණානන්ද, යක්කඩුවේ පඤ්ඤාරාම යන ස්වාමීන් වහන්සේලා මෙම පුදබිමේ අභිවෘද්ධිය වෙනුවෙන් මහත් කැපකිරීමෙක් සිදු කර ඇති බව සඳහන් වේ. ඒ අතරින් බටපොතේ සද්ධානන්ද නා හිමිපාණන් වහන්සේ මෙම විහාරස්ථානයේ වැඩ වසමින් විහාරස්ථානයකට අවශ්‍ය සියලු විහාරාංගයන් සම්පූර්ණ කිරීමට ඉමහත් සේවයක් සිදුකළ බව ගෞරවාන්විතව සිහිපත් කළ යුතුය.

ඉතිරිය»

 

 දුරුතු පසළොස්වක පෝය

  දුරුතු පසළොස්වක පෝය ජනවාරි මස 23 වැනිදා සෙනසුරාදා පූර්වභාග 07.31 ට ලබයි. 24 වැනිදා ඉරිදා පූර්වභාග 07.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 23 වැනිදා සෙනසුරාදාය.

 මීළඟ පෝය පෙබරවාර් 01 වැනිදා සදු දාය. 
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 23

Second Quarterඅව අටවක

පෙබරවාරි 01

Full Moonඅමාවක

පෙබරවාරි 08

First Quarterපුර අටවක

පෙබරවාරි 15


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]