UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අඩු මුදලට දඹදිව වන්දනා චාරිකා සංවිධායකයන් ගැන සැලකිලිමත් වන්න

අඩු මුදලට දඹදිව වන්දනා චාරිකා සංවිධායකයන් ගැන සැලකිලිමත් වන්න

අඩු මුදලට වැඩි දින ගණනක් බෞද්ධයන් දඹදිව වන්දනාව සඳහා රැගෙන යන සංවිධාන පිළිබඳව සංචාරයට පෙර අදාළ වන්දනාකරුවන් විසින් දැඩිව සොයා බැලිය යුතු බව ශ්‍රී ලංකා විදේශ බෞද්ධ වන්දනා ගමන් සංවිධාකයන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

මේ තොරතුරු අනාවරණය වූයේ ඉකුත්දා (23) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

ලියාපදිංචි වූ ආයතන සිදු කළ යම් යම් ව්‍යාජ ක්‍රියා සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකා විදේශ බෞද්ධ වන්දනා ගමන් සංවිධාකයන්ගේ සංගමය ක්‍රියාත්මක වී අදාළ ආයතන නීතිය හමුවට පමුණුවා දඬුවම් ලබා දීමට ක්‍රියා කළ බවද එම හමුවේදි අනාවරණය විය. එහිදී අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා විදේශ බෞද්ධ වන්දනා ගමන් සංවිධාකයන්ගේ සංගමයේ සභාපති රෝහිත සිරිවර්ධන මහතා.

මෙම සංගමය අප ආරම්භ කළේ දැනට වසර විස්සකට පෙරයි. මේ වන විට දෙසීය විසිපහකට වැඩි වන්දනා ගමන් සංවිධානය කරන පිරිසක් අප සංවිධානය සමඟ කටයුතු කරනවා. බෞද්ධ වන්දනා ගමන් සඳහා විදේශයන්ට යන බෞද්ධයින්ට විශාල සේවයක් මොවුන්ගෙන් සිදුවෙනවා. ශී‍්‍ර ලංකා විදේශ බෞද්ධ වන්දනා ගමන් සංවිධායකයන්ගේ සංගමය ඔවුන්ට වන්දනා කරුවන් සංචාරය සඳහා රැගෙන යාමේදී පිළිපැදිය යුතු ප්‍රතිපත්ති මාලාවක් ලබා දීල තිබෙනවා. අප සංවිධානය හා සම්බන්ධ සංචාර සැලසුම් කරන අයාතනවලින් ගමන් ගන්නා බැතිමතුන් පිළිබඳව වගකීම අප දරනවා. පසුගිය දිනවල වංචනික පුද්ගලයෙක් එකසිය අටක පමණ පිරිසක් රැගෙන ගොසින් බුද්ධගයාවේදී අතරමං කළා. මේ පිළිබඳව මාධ්‍යයන් මගින් හෙලිදරව් වුණා. මේක අප දැඩි පිළිකුලෙන් හෙළා දකිනවා. එම වන්දනා කාණ්ඩායම් රැගෙන ගිය පුද්ගලයා අප සංගමයේවත් බුද්ධ ශාසන අමාත්‍යාංශයේවත් ලියාපදිංචි වූ පුද්ගලයෙක් නොවේ. වංචා කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි දඩුවම් පනවන්න ඕනෙ. වංචනික පුද්ගලයින් නිසා බොහෝ දෙනෙකුට දඹදිව යාමට සැකයක් ඇතිවෙලා තිබෙනවා. එවැනි සැකයක් ඇතිකරගන්න එපා කියා අප වන්දනාකරුවන්ට පවසනවා. දඹදිව වන්දනාවේ යන විට අප සංගමයේ සාමාජිකත්වය දරන සංවිධායකයෙකු සමඟ සංචාරයට සම්බන්ධවන ලෙසත් බෞද්ධ සැදැහැවතුන්ගෙන් අප ඉල්ලා සිටිනවා. හදිසියේ හෝ ගැටලුවක් ඇති වුවත් අපට වගකීම බාර ගන්න පුළුවන්.

ශී‍්‍ර ලංකා විදේශ බෞද්ධ වන්දනා ගමන් සංවිධායකයන්ගේ සංගමයේ භාණ්ඩාගාරික හර්බට් විජේතුංග මහතා .

දඹදිව වන්දනාවේ යාමේදී ඉතාමත් අඩු මුදලට එක්ක යනවා කියලා විවිධ සංවිධාන ප්‍රකාශ කරනවා. ගම්වල සිටින බැතිමතුන් රවටනවා. ඒ නිසා සංචාරයට සහභාගිවන පුද්ගලයා සහ ඔවුන්ගේ දු දරුවන් සිතන්න ඕනෙ සංචාරය සඳහා යන දින ගණනට අනුව ඉතා අඩු මුදලකට සංචාරය කරන්න පුළුවන්ද? කියා. සමහර ආයතන දින විසි අට දින තිස්පහ ගමන් සංවිධානය කර තිබෙනවා. ඔවුන් ඒ සඳහා රුපියල් හැට දහසක් අය කරන බව පවසනවා. මේවාට බොහෝ දෙනෙක් රැවටෙනවා. එසේ වුවොත් දඹදිව ගොස් විවිධ අපහසුතාවන්ට ලක්වීමට සිදුවෙනවා.

ශ්‍රී ලංකා විදේශ බෞද්ධ වන්දනා ගමන් සංවිධායකයන්ගේ සංගමයේ ප්‍රධාන සංවිධායක මහේන්ද්‍ර හල්ලොලුව මහතා

ව්‍යාජ වන්දනා සංවිධායකවරුන් නිසා දඹදිව ඇතුළු විදේශයන්හි වන්දනා ගමන් සඳහා යන බෞද්ධ බැතිමතුන් මුහුණ පාන ගැටලුකාරි තත්ත්වයන් පිළිබඳව මාධ්‍යයන් විසින් වැඩි වැඩියෙන් හෙළි කළ යුතුයි.කිරම විමලජෝති නාහිමියන් සහ ශ්‍රී ලංකා විදේශ බෞද්ධ වන්දනා ගමන් සංවිධායකයන්ගේ සංගමයේ උප සභාපති විමලරත්න කොහොඹන් මහතාද එහිදී අදහස් දැක්වූහ. සාමාජිකයෝ රැසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

 

 දුරුතු පසළොස්වක පෝය

  දුරුතු පසළොස්වක පෝය ජනවාරි මස 23 වැනිදා සෙනසුරාදා පූර්වභාග 07.31 ට ලබයි. 24 වැනිදා ඉරිදා පූර්වභාග 07.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 23 වැනිදා සෙනසුරාදාය.

 මීළඟ පෝය පෙබරවාර් 01 වැනිදා සදු දාය. 
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 23

Second Quarterඅව අටවක

පෙබරවාරි 01

Full Moonඅමාවක

පෙබරවාරි 08

First Quarterපුර අටවක

පෙබරවාරි 15


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]