UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සීදුව මූකලන්ගමුව සිරි සුගතාරාම දහම් පාසල

සීදුව මූකලන්ගමුව සිරි සුගතාරාම දහම් පාසල


ප්‍රධානාචාර්ය
මඩුගස්තලාවේ විමලබුද්ධි හිමි

1965 ජනවාරි 16 වන දින දුරුතු පුර පසළොස්වක දින එවක විහාරාධිපති ධුරය දැරූ යටියන රතනසාර හිමියන්ගේ අනුශාසකත්වය මත එම්.එස්. පෙරේරා මහතාගේ විදුහල්පතිත්වය යටතේ ළමයින් පනහකින් (50) දහම් පාසල ආරම්භ වීය.

1967 විහාරාධිකාරී හිමියන් අපවත් වී වදාළ හෙයින් සුගතාරාම විහාරාධිකාරී ධුරයට පත් වූ කලගහ සුමනසාර හිමියන් විවිධ දුෂ්කරතා මැද දහම් පාසල පවත්වාගෙන ගියේ ය. මේ කාලය තුළ උඩුරාවණ ඥානරතන විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ පූර්ණ සහයෝගය ලබාදුන් සේක.

2006 සිට වර්තමානය දක්වා දහම් පාසලේ ප්‍රධානාචාර්ය පදවිය දරන, දෙහිවල කරගම්පිටිය ශාස්ත්‍රානන්ද විද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස සේවය කරන ශාස්ත්‍රපති මඩුගස්තලාවේ විමලබුද්ධි හිමිපාණෝ දහම් පාසලේ විෂය මාලාව මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් ද නව ආකාරයට කළමණාකරණය කරමින් දහම් පාසල තුළ නව ප්‍රබෝධයක් ඇති කිරීමට අධ්‍යාපන, කළමනාකරණ, මනෝවිද්‍යා යන ක්ෂේත්‍රයන්ගෙන් ලද තම දැනුම ඉවහල් කර ගනිමින් කළ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස 2015 වසරේ ශිෂ්‍ය සංඛ්‍යාව 1500 දක්වා ඉහළගොස් ඇත. මෙහි සතිපතා පැමිණීම 800 කට ආසන්නව පවතී. විමලබුද්ධි හිමියන්ගේ දැක්ම හා මෙහෙවර දැන හඳුනාගත් දැඩි කැපවීමක් සහිත ගිහි පැවිදි ආචාර්ය මණ්ඩලය 30 ක් පමණ වෙති. 2015 වන විට දහම් පාසල තුළ අංශ කිහිපයක් ක්‍රියාත්මක වෙමින් පවතී. ඒවා අතර,

1. අධ්‍යයන අංශය

ප්‍රධානාචාර්ය හිමියන් ඇතුළු මලිදූවේ ගුණසිරි හිමි, මාදුළුපිටියේ ගුණරතන හිමියන් ඇතුළු ශිෂ්‍ය නායක නායිකාවන්.

උප ප්‍රධානාචාර්යවරිය ඇතුළු කනිෂ්ඨ ශිෂ්‍ය අංශය

දෙවන ශ්‍රේණියේ දරු දැරියන්ගෙන් කොටසක්

රැස්වීමකට සහභාගි වූ දරු දැරියන්ගෙන් කොටසක්


2. සෞන්දර්ය අංශය
3. ශිෂ්‍යනායක මණ්ඩලය
කනිෂ්ඨ ශිෂ්‍ය නායක අංශය හා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යනායක අංශය
4. බොදු ගී සරණිය
5. චිත්‍ර නිර්මාණ හා කථන සංවර්ධන අංශය
6. මව්පිය ගුණ සම්භාවනා
7. නර්තන අංශය

දහම් පාසලේ වාර්ෂික වැඩ සැලැස්ම යටතේ ජනවාරි මාසය නව ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවා ගැනීම හා පිළිගැනීමේ උත්සවය.

පෙබරවාරි මාසය නායකත්ව මණ්ඩල සඳහා බඳවා ගැනීම් අයදුම් පත්‍ර කැඳවීම.

මාර්තු මාසයේ ශිෂ්‍ය නායක මණ්ඩලය තෝරා ගැනීම හා පදක්කම ප්‍රදානය.

අප්‍රේල් මාසය තුළ සිංහල අවුරුදු චාරිත්‍ර දරුවන්ගේ අවබෝධය සඳහා පාසල තුළ චාරිත්‍ර හුරු කිරීමක් කරන අතර එහිදී “ පැරැණි නෑගම් යාමේ සංකල්පය” පන්ති අතරට හඳුන්වාදීම විශේෂත්වයකි.

මැයි මාසය බෞද්ධ කලාව පිළිබඳව දැනුම පෝෂණය කිරීම සඳහා වෙසක් කූඩු තරඟ, භක්ති ගීත තරඟ පැවැත්වීම. විශේෂයෙන් මෙම වසරේ අඩි 65 උස ඇති වෙසක් තොරණ නිර්මාණයේ සහ ප්‍රදර්ශන අවස්ථාවල නිර්මාණ දායකත්වය, සංවිධාන දායකත්වය සංග්‍රහ කටයුතුවලදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රමුඛත්වය ගනී.

ජූනි මාසය අනුබුදු මිහිඳු හිමි ගුණ සැමරුම් වැඩසටහන් සංවිධානය කෙරේ.

ජූලි මාසයේ ඇසළ පොහොය හා වස් ආරාධනා පින්කම්වලට සම්බන්ධ කිරීම

අගෝස්තු මස 05 වසර ශිෂ්‍යත්ව විභාග අපේක්ෂකයන් ට සෙත් පැතීම.

ඔක්තෝබර් මාසයේ ආරාමයේ වාර්ෂික කඨින පින්කම සඳහා විවිධ අංශවලින් දායක කරවීම ලෝක ගුරු දිනය හා ළමා දිනය සැමරීම. මෙම වසරේ මෙම උත්සවය ඔක්තෝබර් 11 වන ඉරු දින සිදු කෙරිණි.

නොවැම්බර් මස වාර්ෂික ශිෂ්‍ය කුසලතා ඇගයීම.

දෙසැම්බර් මාසයේ වාර්ෂික අධ්‍යාපන චාරිකා සංවිධානය

හා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අපේක්ෂකයන්ට සෙත් පැතීම ආදියද සිදු කරනු ලබයි.

සෑම මසකම පුර පොහොය දින සීල සමාදාන සවස පූජා කටයුතු සඳහා ශිෂ්‍යයන් සහභාගී කරවීම.

සෑම ඉරිදා දිනයකම උදෑසන දහම් පාසල් කටයුතු සියලු පන්ති ආවරණය වන පරිදි ශිෂ්‍යයන් යොදා නිවේදන කටයුතු, කථන කුසලතා සංවර්ධනයට කටයුතු සලසා ඇත.

දහම් පාසලේ දැනට පවතින දැඩි ඉල්ලුමට සරිලන පරිදි නව දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකොට විවෘත කිරීමට සූදානම්ව පවතී. සීදුව කටාන ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ වාර්ෂික තරඟ විභාග සඳහා ඉදිරිපත් වූ ශිෂ්‍යයන් විශිෂ්ට කුසලතා පෙන්වමින් සිටියි. මෙවරද ස්ථාන පහක් දිනා ගන්නට අප දරු දැරියෝ දක්ෂ වූහ. දිනෙන් දින ශිෂ්‍ය අනුපාතය ඉහළයාම රැකගැනීම සඳහා විහාරස්ථානයට යාබද බිම් කැබැල්ලක් මිලදී ගෙන එහි තෙමහල් බහු කාර්ය ගොඩනැගිල්ලක් ඉදිකරවා, සුගතාරාම ධර්ම විද්‍යාල පීඨය 2020 වසර වන විට නිමාකොට අංග සම්පූර්ණ පහසුකම් සහිත ආයතනයක් ලෙස සංවර්ධනය කරන්නට දහම් පාසල් කළමනාකරණ කමිටුව සහ විහාරස්ථ දායක සභාව කටයුතු කරමින් සිටිති. මේ සඳහා සුගතාරාම විහාරස්ථානයේ නේවාසික මලිදුව සුගණසිරි හිමි, මාදුළුපිටියේ ගුණරතන හිමි යන ආචාර්ය මණ්ඩලයේ නිත්‍ය සාමාජික හිමිවරු දෙදෙනාගෙන් ලැබෙන නොමසුරු සහයෝගය විශේෂයෙන් අගය කළ යුතු ය.

 

 

 

 

 

 

     ‍වප් පුර අටවක පෝය 

වප් පුර අටවක පෝය මේ මස 20 වැනිදා අඟහරුවාදා අපරභාග 2.23 ට ලබයි. 21 වැනිදා බදාදා අපරභාග 1.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් මස 20 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
ඔක්තෝබර් 27 වැනිදා අඟහරුවාදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 20

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 27

Second Quarterඅව අටවක

නොවැම්බර් 03

Full Moonඅමාවක

නොවැම්බර් 11


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]