UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධර්මපාල ජන්ම සංවත්සරය දීප ව්‍යාප්තව පැවැත්වේ

වත්මන් පරපුරට ආදර්ශ රැසක් ලබාගත හැකි අනගාරික ධර්මපාලතුමාගේ 151 වන ජන්ම සංවත්සරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි දිවයිනම ආවරණය වන පරිදි පැවැත්වීමට රජය තීරණය කර ඇත. අනගාරික ධර්මපාලතුමාගේ 151 වැනි ජන්ම දින සැමරුම වෙනුවෙන් ඉකුත් 14 වනදා සිට 21 වැනිදා තෙක් සතියක කාලයක් වෙන්කර තිබූ අතර එම සතිය තුළ දීප ව්‍යාප්ත මට්ටමින් වැඩසටහන් රැසක් පැවැත්වෙන බව ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් මහතා පැවැසීය. 14 – 20 සතිය තුළ අනගාරික ධර්මපාලතුමාගේ දර්ශනය හා දැක්ම රටට නැවත සිහිපත් කරවීම වෙනුවෙන් වැඩසටහන් සංවිධානය කර ඇති අතර, ඒ මඟින් වත්මන් පරපුරට ධර්මපාලතුමා පිළිබඳ අවබෝධයක් ලබාදීමට අපේක්ෂා කරන බැව් ජනාධිපති ලේකම්වරයා පැවැසීය.

ඉතිරිය»

අනගාරික ධර්මපාලතුමා

 

අධිරාජ්‍යවාදීන්ට ලංකාව යටත් වී වසර 300කට අධික කාලයක් ඔවුන් යටතේ දිවි ගෙවීමට ලක් වාසීන්ට සිදුවිය. විශේෂයෙන්ම අප අවසන් වරට යටත් විජිතකරණයට ලක් වූ ජාතිකයන්ගේ සිරිත් විරිත් ඇවතුම් පැවතුම් උදෙසා යටත්ව සිට ඔවුන්ට ඇවැසි පරිදි දිවි ගෙවීමට බොහෝ සිංහලයන් හුරු වූ බවක්ද පෙන්නුම් කෙරේ. අනගාරික ධර්මපාලතුමා යන චරිතය කරළියට පැමිණෙන්නේ මෙවන් වකවානුවකය. ඒ කාලය යටත් විජිතකරණයට ලක් වූ ලක්වාසීන්ට එහි බරපතළ විපාක සමාජයට දැනුණු සමයක් විය.

ඉතිරිය»

ධර්ම දේශනාව:

දෙලොවටම හානිදායක පවිටු ඇසුර‍

 

අද ධර්ම දේශනාව සඳහා යොදාගත් ගාථාවයි ඉහත දැක්වුයේ. ජාතක පාලියේ සත්ති ගුම්බ ජාතකයේ සඳහන් වෙයි. ගාථාවේ සරල අදහස මෙසේ දැක්විය හැකිය. “යමෙකු කුස තණවල දවටා කුණු වී දුගඳ හමන මාළු ගෙනෙන්නේ ද මාළු දවටා ගෙන ආ එම කුස තණ පත්‍ර ද දුගඳ හමන්නේය. එසේම බාලයන් හෙවත් පවිටු මිතුරන් ඇසුරු කරන පුද්ගලයා ද නරක ගති පැවතුම්වලින් දුගඳ හමන ජීවිතයක් ගත කරන්නේය. “පවිටු අදහස් ඇතිව බුදුරදුන්ට හා ශාසනයට අගෞරව කරමින් ජීවත් වූ දේවදත්ත හිමියන් හා උන්වහන්සේ ඇසුරු කරන ලද පිරිස නිමිති කරගෙන මෙම සත්ති ගුම්බ ජාතකය දේශනා කර ඇත.

ඉතිරිය»

ගැටබරු රජ මහා විහාරස්ථ රජ්්ජුරු බණ්ඩාර දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය

රුහුණු පුරවර මහා සංස්කෘතික මංගල්‍යය වශයෙන් ප්‍රචලිත මොරවක්කෝරළේ කොටපොළ ඓතිහාසික ගැටබරු රජ මහා විහාරස්ථ රජ්ජුරු බණ්ඩාර දේවාල ඇසළ පෙරහර මංගල්‍යය මේ මස 23 දා පේළි පෙරහරින් ආරම්භ කෙරේ. පාරිසරික අලංකාරයෙන් පෝෂිත වූ සිංහරාජ වනාන්තරයේ දියදාව රක්ෂිතයේ ගැටබරු කඳු මුදුන්තලයේ විශාල පර්වත ලෙනක් තුළ පිහිටි එම විහාරස්ථානය සහිත දෙවොලේ ඉතිහාසය වළගම්බා රජ සමය දක්වා පැතිරී යයි. ලක්දිව පරසතුරු උවදුරු පැවැති සමයේ රුහුණට වැදී සේනා සංවිධානයේ යෙදුනු රජතුමා විසින් මෙම ලෙන් විහාරස්ථානය ඉදිකොට ඇති බව එහි ඉතිහාසගත තොරතුරු අනාවරණය කරයි. බටහිර රජ්ජුරු බණ්ඩාර දෙවිඳුන්ගේ අණසක පවතින මේ ඓතිහාසික දේවාලයේ වාර්ෂික ඇසළ උළෙල සැප්තැම්බර් 23 දා සිට 29 දා දක්වා පුරා දින 7 ක් මහත් අභිමානවත් ලෙස රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වේ. මොරවක් කෝරළේ පුංචි කතරගම යනුවෙන්ද මේ පුදබිම හැඳින්වේ.

ඉතිරිය»

සම්මා සම්බුද්ධත්වයෙන් පසු හයවන සතිය. සිතුවම - සරත් නන්ද කුමාර

 

     ‍ බිනර පුර අටවක පෝය 

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 21 වැනිදා සඳුදා පූර්වභාග 02.23 ට ලබයි. 22 වැනිදා අඟහරුවාදා පූර්වභාග 2.23 දක්වා පෝය පවතී. සිල්සමාදන්වීම සැප්තැම්බර් 21 වැනිදා සඳුදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 27 වැනිදා ඉරිදාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 04

Full Moonඅමාවක

ඔක්තෝබර් 12


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]