UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පොත් පුවත්

චතුභාණවාරපාලි හෙවත් පිරුවානා පොත් වහන්සේ

සංස්කාරක – මහාචාර්ය වෑගම පියරතන නාහිමි .
ප්‍රකාශනය – සමයවර්ධන පොත්හල (පෞද්) සමාගම, මාලිගාකන්ද,
කොළඹ 10
මිල – රු. 600.00

ත්‍රිපිටක ධර්ම සංගායනාවට සමකාලීනව වගේ පශ්චිම ජනතාව කෙරෙහි කරුණාවෙන් පුරාණ යතිවරුන් විසින් සියලු දුක් භය රෝග දුරු කර ගැනීමටත්, සම්පත් උදාකර ගැනීමටත් හේතු භූත වන පිරිත නමැති ශාන්ති කර්මය සංග්‍රහ කරන ලදී. චතුභාණවාරපාලි නම්වූ එම ග්‍රන්ථය ලංකාවාසි බෞද්ධයන් අතර ප්‍රචලිත වූයේ පිරුවානා පොත් වහන්සේ යන ගෞරවාන්විත නාමයෙනි.

සමස්ත පොදු ජනතාවටත් ප්‍රයෝජනවත් වන අයුරින් මුද්‍රණ දෝෂ රහිත , සාම්ප්‍රදායික ව්‍යාකරණ ලක්ෂණ යෙදුණූ නිවැරැදි පිරිත් පොතක් සම්පාදනය කිරීමේලා උදාර අදහසින් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගෞරවාර්හ වෑගම පියරතන නාහිමිපාණන් වහන්සේ විශේෂ කැපවීමකින් සකස් කළ චතුභාණවාරපාලි හෙවත් පිරුවානා පොත් වහන්සේ නමැති පිරිත් පොත ලොකු කුඩා හැමදෙනාටම පරිශීලනය සඳහා ඉතා අගනා කෘතියක් බව පොතට ප්‍රස්ථාවනාවක් එක්කරමින්, රාජකීය පණ්ඩිත, ගෞරව ශාස්ත්‍රවේදි ගංකේවල ඤාණානන්ද නාහිමියෝ පවසති.


අප ඉරණම අප අතමය

කර්තෘ – අනුර ලියනගේ
ප්‍රකාශනය – සහිත පොත් පියස, 10/7, දේවාකන්ද පාර, නාවින්න හන්දිය, හරගම
මිල – රු. 250 යි

අපගේ ඉරණම බෞද්ධ දාර්ශනික සහ විද්‍යාත්මක විමසුමකින් පිළිතුරු සැපයීමට කතුවරයා උත්සාහ දරා ඇත. කුඩා කල සිටම කතුවරයාගේ සිතෙහි හටගත් පැනයන්ට පිළිතුරු සොයා දිගු කලක් කැප කිරීම් කරමින් කරන ලද අධ්‍යයනයකින්, වෙහෙස මහන්සියෙන් සොයා ගත් දැනුම සම්භාරයකින් නිකුත්වන පොත් පෙළෙහි පළමු කෘතිය මෙය වෙයි.

 

 

 


බුදු දහමෙහි සාරය බුදුරදුන්ගේ වදනින්


 මිල රු. 175 යි

 මිල – රු. 150 යි

පරිවර්තනය :– මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස
විශේෂඥ වෛද්‍ය එච්.බී. ජයසිංහ
ප්‍රකාශනය – බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශක සමිතිය මහනුවර

මෙම කෘතීන් දෙකට ඇතුළත් වන්නේ 2005 වර්ෂයේ ඇමෙරිකාවේ විස්ඩම් පබ්ලිකේෂන්ස් ආයතනය විසින් ප්‍රකාශිත පූජ්‍ය භික්ඛු බෝධි තෙරුන් වහන්සේගේ In the Buddha’s words An Anthology of Discourses from the pali canon නම් පරිච්ඡේද දහයකින් යුත් ඉංගී‍්‍රසි ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි. පාලි ත්‍රිපිටකයෙහි විවිධ තැන්වලින් උපුටා ගත් සූත්‍ර පාඨ උපයෝගී කර ගනිමින් ධර්මයෙහි වැදගත් අංග එක්තැන් කරන සර්වග්‍රාහී සැලැස්මක් තුළ බුදුදහම හඳුන්වාදෙන මෙම කෘති දෙකෙහි සිංහල පරිවර්තනය පාඨකයන්ට පිළිවෙළින් කියවිය හැකි පරිදි කොටස් වශයෙන් ඉදිරිපත් කර ඇති බවට මෙම ප්‍රකාශනය පිළිබඳ සටහනක් තබා ඇත.

 

 

 


දහම සහ ජීවන මග

කර්තෘ – දබරයායේ සරණපාල (සමිත) හිමි
ප්‍රකාශනය – ජී.එල්. සී. පි‍්‍රන්ට් ෂොප්, 136/1, හොරණ පාර , මාඹුල්ගොඩ , පන්නිපිටිය ,
මිල :– රු. 250 යි

මෙම කෘතිය කර්තෘගේ පළමු මුද්‍රණය වෙයි. විශේෂයෙන් මූලාශ්‍රය පරිශීලනය කරමින් ජනදිවියට අදාළව මාතෘකා කිහිපයක් යටතේ මෙහි කරුණු පෙළගස්වා ඇත. “අලුත් අලුත් දෑ නොසිතන සමාජය දියුණූ නොවෙති” යන කුමරතුඟු උපදේශයට අනුගතව සමිත හාමුදුරුවෝ වදන් පෙළ ගසා ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ බාහිර කථිකාචාර්ය නුගේගොඩ සුභද්‍රාරාම පිරිවෙන් විද්‍යායතනයේ ආචාර්ය දියගම නාරද හිමියෝ පෙරවදනෙහි සඳහන් කරති.

 

 

 


අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය – 22

කර්තෘ – කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
ප්‍රකාශනය – දයාවංශ ජයකොඩි සහ සමාගම, නො. 163/4, සිරිධම්ම මාවත, මරදාන, කොළඹ 10.
මිල :– රු. 120 යි

නිරය වර්ගය ගැන සඳහන් මෙම කෘතිය කථා වස්තු 14 කින් සමන්විතය.

”ඇත්තෙන්ම ධම්ම පදය හරිම රසවත්, සුමිහිරියි, කොතරම් කියෙව්වත් ඇතිවෙන්නෙ නැහැ. සිත පිනා යනවා. අර්ථ වැටහෙනවා. සැනසීම ඇතිවෙනවා. තව තවත් ධර්මයටමයි ආසාව ඇති වෙන්නේ.

එනිසා මා මේ සුන්දර ධර්ම ග්‍රන්ථයට ‘අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය” යන නම තැබූ බව“ පොතෙහි පෙරවදනෙහි සඳහන්ව ඇත.

 


භික්ෂු උපෝසථකරන පුරාණය හා වස්සා වාස පිළිවෙත

සම කර්තෘ –ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත, මාහල්ලේ විපුලතිස්ස හිමි, අධ්‍යාපනපති,අමුතාගොඩ ඉන්දරතන හිමි,
ප්‍රකාශනය – සරසවි ඇඩ්වර්ටයිසින්,
මොරගහයට, රත්නපුර.

ඉහත හිමිවරුන් දෙනමගේ කර්තෘත්වයෙන් පළකොට ඇති “භික්ෂු උපෝසථකරන පුරාණය හා වස්සා වාස පිළිවෙත,’ නමැති කෘතිය ගැන ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානාහිමියන් වහන්සේ විසින් ප්‍රකාශකරන්නේ මෙම නිබන්ධනය පාඨකයාගේ අවධානයට ලක්කොට ඇති පරිදි මදකට හෝ අපේ භික්ෂුන් වහන්සේලා ධර්ම විනයානුකූල ගති පැවුතුමෙහි උපස්ථාම්භනයෙහිලා සබරගමු පළාතේ සසුන් උන්නතියෙහි නියැළී සිටින මහාස්ථවිර දෙපළක් විසින් මෙම කුඩා පොත මගින් පෙන්වා දෙන මග අතිශයින්ම ප්‍රසංසාවට ලක්විය යුතු බවයි.

 

 


කෝවිද හිමි ධර්ම දේශනා

කර්තෘ – බොරැල්ලේ කෝවිද හිමි.
ප්‍රකාශනය :– දයාවංශ ජයකොඩි සමාගම
මිල :– රු. 400 යි

ගුවන්විදුලි මාධ්‍ය උපයෝගී කරගෙන කෝවිද හිමියන් විසින් දේශනා කරන ලද මාතෘකා විසිපහකින් මෙම කෘතිය සංස්කරණය කර ඇත. සූත්‍ර පිටකයට ඇතුළත් පොත් කිහිපයක් අඩංගු තෝරා ගත් සූත්‍ර කිහිපයක් ඇසුරෙන් සංස්කරණය කළ දේශනා මෙහි අන්තර්ගත වී තිබෙන බව පොතට පෙරවදනක් සපයමින් අග්ගමහා පණ්ඩිත පල්ලත්තර සුමනජෝති නා හිමියෝ පවසති.

 

 

 


සදහම් සුවඳ

කර්තෘ – පලල්ලේ සරණජෝති හිමි
ප්‍රකාශනය – තරංග පි‍්‍රන්ටර්ස්
යක්කලමුල්ල

ධර්මදානය සඳහා ප්‍රදානය කර ඇති මෙම ග්‍රන්ථයට පෙරවදනක් සපයමින් තල්පෙ පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක අක්මීමන ශ්‍රී පඤ්ඤාසාර නා හිමියන් පවසන්නේ මෙසේය. කාලයේ තාලයට පොදු මිනිස් දුර්වලතා මග හරිනු පිණිස සරල බස් වහරකින් සැකසු දහම් ලිපි පෙළ පොත් පිංචක් ලෙස සකසමින් සමාජය වෙත තිළිණ කිරීමට ගත් උත්සාහය අගයන බවය.

මෙම කෘතියට පසුවදනක් එක්කරමින් ගෞරව, ශාස්ත්‍රවේදී වල්පොළ ගුණරතන හිමියන් පවසන්නේ, මෙම අගනා කෘතිය බණ කියන යතිවරුන්ටද බණ අසන ශ්‍රාවකයන්ටද අමිල හස්තසාර වස්තුවක් බවයි.

 


නිවන් මග පළමු පියවර

කර්තෘ – ආචාර්ය ධර්මසේන හෙට්ටිආරච්චි
ප්‍රකාශනය – තෙනුර ප්‍රකාශකයෝ
628/13, මාධවී කැන්දලියද්දපාළුව, රාගම
මිල :– රු. 300 යි

නැවත මුද්‍රණයක් හෝ සංශෝධනය නොකළ මෙම කෘතිය අලුතෙන්ම ලියා ඇත.

සරල සුගම බස් වහරකින් පොදු පාඨක ජනතාව වෙත පිරිනැමෙන කෘතියක් වූ මෙය සාමාන්‍ය බෞද්ධ ජනතාව අතර පමණක් නොව උගතුන් අතර පවා පැන නගින ගැටලු රැසක් විසඳා ගැනීමට මං පෑදෙන ලෙස කරන ලද විමසුම් රැසක් මෙම කෘතියෙහි ඇතුළත් වීම සුවිශේෂී ලක්ෂණයක් බව මෙම කෘතියෙහි පසුවදනින් දැක්වෙයි.
 

 


ගෞතම බුද්ධ චරිතය – 1 බෝසතාණන් වහන්සේ

කර්තෘ – දමයන්ති ජයකොඩි
ප්‍රකාශනය – දයාවංශ ජයකොඩි සහ සමාගම
මිල – රු. 180 යි

වර්ණ ඡායාරූපවලින් සහ සිත්තම් වලින් විචිත්‍රවත් වී ඇති මෙම කෘතියෙහි භාෂා විලාශය ගැන කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ මෙසේ පවසති.

‘ඇගේ බස් වහර සරලය. මට සිළිටිය. ළගන්නා සුළුය. කුඩා දරුවකුට පවා හොඳින් වැටහේ. සැබවින්ම ඇය කරන්නේ දුෂ්කර දෙයකි. එහෙත් බුදුරදුන් සරණ ගිය සැදැහැවත් ශ්‍රාවිකාවක තමා සරණ ගිය ඒ ශාස්තෘන් වහන්සේ දෙස බලන අයුරු අපට මේ පොත් පිංචෙන් දැකගත හැකිය.

 

     ‍ නිකිණි අමාවක පෝය 

නිකිණි අමාවක පෝය සැප්තැම්බර් මස 12 වැනිදා සෙනසුරාදා පූර්වභාග 09.43 ට ලබයි. 13 වැනිදා ඉරිදා දිවා 12.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 12 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 21 වැනිදා සඳුදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 12

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 04


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]