UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෞද්ධ ධර්මාචාර්ය විභාගය - 2015 බෞද්ධ සමාජ දර්ශනය ආදර්ශ ප්‍රශ්නෝත්තර

 බෞද්ධ ධර්මාචාර්ය විභාගය - 2015 බෞද්ධ සමාජ දර්ශනය ආදර්ශ ප්‍රශ්නෝත්තර

4 අභ්‍යාසය

1. සාර්ථක ඉගෙනීමක් සඳහා ශිෂ්‍යයෙකු විසින් ඉටු කළ යුතු කාර්ය දෙකක් සිඟාලෝවාද සූත්‍රයේ දකුණු දිසා නමස්කාරයට අදාළ කරුණු අතර දැක්වේ. එම කරුණු දෙක නම් කරන්න.

2. භාර්යාව හා ස්වාමි පුරුෂයා යන දෙදෙනා විසින්ම ඉටු කළ යුතු එක සමාන යුතුකමක් සිඟාලෝවාද සූත්‍රයෙහිම පශ්චිම දිසා නමස්කාරයෙහි දැක්වේ. එම යුතුකම නම් කරන්න.

3. පවින් වැළැක්වීමේ කාර්යය සිඟාලෝවාද සූත්‍රයෙහි සදිසා නමස්කාරයේ දිසා දෙකකට අයත් පිරිස් දෙකකට පවරා ඇත. එම දෙපිරිස නම් කරන්න.

4. වරින්වර සුදුසු කාලයෙහි නිවාඩු ලබා දීමේ වගකීම පැවරී තිබෙන්නේ කවර දිසාවකට සම්බන්ධ කවර පුද්ගලයෙකුටද?

5. අගතියකට යෑම නිසා පව් කිරීමට යොමු වේ. එබඳු අගති සතරකි. ඒවා නම් කරන්න.

6. ඉන්ද්‍රියඥාන විෂයෙන් පරිබාහිර වූ කරුණු (ඉන්ද්‍රිය මෙහෙයවා ලබාගත නොහැකි දැනුම්පත) හැඳින්වීමට බුදුදහමෙහි යෙදෙන පාරිභාෂික පදය කුමක්දැයි දක්වන්න.

7. වර්ණ භේද සංකල්පය සාවද්‍ය බව දක්වමින් සමාජ සංස්ථාවල ක්‍රම විකාශය පිළිබඳව බුදුරදුන් වදාළ ප්‍රකට දේශනය නම් කරන්න.

8. බුදුරදුන් විශ්වයෙහි ලෝක ධාතු තුනක් දක්වා ඇත. ඒවා නම් කරන්න.

9. විවට්ටමාන යුගයේ පෘථිවියට එන ආභස්සර කායික දෙවිවරුන්ගේ ලක්ෂණ හතරකි. ඒවා නම් කරන්න.

10. සමාජ පරිහාණියට හේතු වූ මිනිස් ගති තුනක් අග්ගඤ්ඤ සූත්‍රයේ දැක්වේ. ඒවා නම් කරන්න.

11. සමාජ පරිහාණිය නිසා පරිසර විනාශය සිදුවේ. සදාචාර පරිහාණියට කරුණු තුනක් හේතු වේ. ඒවා නම් කරන්න.

12. පරිසරය දෙස කෘතඥතා පූර්වකව බැලීමටත්, කෘතඥවීමටත් බුදුවී දෙවැනි සතියේදී ආදර්ශයක් සැපයූ බුදුරජාණෝ පරිසරය සුරැකීමේ අගය ප්‍රකට කළහ. එම සිද්ධිය නම් කරන්න.

13. තුන්වැනි කාශ්‍යප රජු බලා සතුටුවීම පිණිස තොටුපොළ දෙකක මසුන් ඇතිකර පෝෂණය කිරීමෙන් පරිසරය පිළිබඳව ප්‍රකට කළ ආකල්පය කුමක්ද?

14. ජීව අජීව පරිසර පද්ධතිය රැකගැනීමට උපකාර වන මානසික කුසලතා හතර සතර බඹවිහරණ ලෙස දක්වා ඇත. ඒවා නම් කරන්න.

15. සමාජ සචලතාවට බාධා කරන ප්‍රබල සාධකයක් ලෙස නිර්මාණවාදය තහවුරු කරන ‘බ්‍රාහ්මණෝස්‍ය මුඛමාසීද් යන ශ්ලෝකය වේදයේ ඇත. එම ශ්ලෝකය සම්පූර්ණ කර ලියන්න.

16. ඉහත ශ්ලෝකයේ දැක්වෙන මිථ්‍යාවට එරෙහිව ඉදිරිපත් කළ ‘න ජච්චා වසලො හොති’ යන ගාථාව සම්පූර්ණ කර ලියන්න.

17. බ්‍රාහ්මණයෙකු සතු උතුම් ගුණාංග දැක්වෙන ‘තපෙන බ්‍රහ්මචරියෙන’ යන ගාථාව සම්පූර්ණ කර ලියන්න.

18. එම ගාථාවේ දැක්වෙන උතුම් ගුණාංග දෙකක් ලියන්න.

19. දෙවියන් අතර ඉපදීමට හේතුවන කරුණු දැක්වෙන ‘ධම්මෙන මාතා පිතරො භරෙය්‍ය’ යන ගාථාව සම්පූර්ණ කර ලියන්න.

20. එම ගාථාවේ දැක්වෙන දෙව්ලොව යෑමට හේතුවන පැවතුම් දෙකක් දක්වන්න.

පිළිතුරු

1. මනාව සවන් දීමෙන් (සූස්සූසාය)

මනාව ශිල්ප ඉගෙනීමෙන් (සක්ච්චං සිප්ප පටිග්ගහණෙන)

2. දුසිරිතෙහි නොයෙදීම (අනති චරියා)

3. දෙමවුපියෝ, ශ්‍රමණ බ්‍රාහ්මණයෝ

4. යට දිසාවට සම්බන්ධ ස්වාමි පක්ෂයට

5. ඡන්ද, දෝස, භය,මෝහ

6. අව්‍යාකත ධර්ම

7. අග්ගඤ්ඤ සූත්‍රය

8. චූලනිකා ලෝක ධාතු
මජ්ක්‍ධිමකා ලෝක ධාතු
මහා ලෝක ධාතු

9. ආකාශචාරි (අහසේ හැසිරෙති)
සයංපභා (සිරුරින් ආලෝකය විහිදේ)
මනෝමයකායිකා (මනෝමය සිරුර ඇත)
පීති භක්ඛා (ආහාරය පී‍්‍රතියයි)

10. තෘෂ්ණාව, අනුකරණය,අළසකම

11.අධර්ම රාගය
විෂම ලෝභය
මිථ්‍යා දෘෂ්ටිය

12. අනිමිස ලෝචන පුජාව

13. මිනිසුන් හා සතුන් අතර මෛත්‍රිය පෙරදැරි කරගත් සහයෝගී පි‍්‍රයශීලි භාවයක් ඇති කිරීම

14. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා

15. බ්‍රාහ්මණොස්‍ය මුඛමාසීද්
බාහු රාජන්‍යඞ කෘතඞ
ඌරු තදස්‍ය යද් වෛශ්‍යඞ
පද්භ්‍යාම් ශුද්‍රෙ අජායත

16. න ඡච්චා වසලො හොති
න ජච්චා හොති බ්‍රාහ්මණො
කම්මනා වසලො හොති
කම්මනා හොති බ්‍රාහ්මුණො

17. තපෙන බ්‍රහ්මචරියෙන
සංයමෙන ද මෙන ච
එතෙන බ්‍රාහ්මණො හොති
එතං බ්‍රාහ්මණමුත්තං

18. තපස,බ්‍රහ්මචර්යාව , සංයමය, දමනය

19. ධම්මෙන මාතා පිතරො භරෙය්‍ය
පයොජයෙ ධම්මිකං යො වණිජ්ජං
එතං ගිහී වත්තයං අප්පමත්තො
සයංපභො නාම උපෙති දෙවං

20. ධාර්මික ලෙස මවුපියන් පෝෂණය කිරීම
දැහැමි වෙළෙඳ කටයුතු කිරීම

 

     ‍ නිකිණි අමාවක පෝය 

නිකිණි අමාවක පෝය සැප්තැම්බර් මස 12 වැනිදා සෙනසුරාදා පූර්වභාග 09.43 ට ලබයි. 13 වැනිදා ඉරිදා දිවා 12.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 12 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 21 වැනිදා සඳුදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 12

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 04


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]