UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උණවටුන නාගහවත්ත ශ්‍රී සුමනරතන දහම් පාසල

උණවටුන නාගහවත්ත ශ්‍රී සුමනරතන දහම් පාසල


ප්‍රධානාචාර්ය හිමියන් සමඟ ආචාර්ය මණ්ඩලය.

දහම් පාසල් දරු දැරියන් බුද්ධ පූජාව පැවැත්වීමට සූදානම් වී ඇති අයුරු.

ප්‍රධානාචාර්ය හිමියන් සමඟ ශිෂ්‍ය නායක මඩුල්ල

දහම් පාසල ආරම්භයේ දී සෑම දිනකම ප්‍රතිඥා දීම.

ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමන ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් උණවටුන මහරඹ නාගහවත්ත ක්ෂේත්‍රාරාම පුරාණ විහාරස්ථානයට අනුබද්ධිත ශ්‍රී සුමන රතන දහම් පාසල ප්‍රදේශයේ බොදු දරු දැරියන් යහමඟට යොමු කරනු ලබන ආගමික ආයතනයකි.

1952 වසරේ ප්‍රදේශවාසී ඩබ්ලිව්.එම්. සූරිය කිර්ති මහතාගේ අදහසකට අනුව විහාරාධිපති නරවැල්පිට සුමනරතන හිමිපාණන්ගේ ප්‍රධානාචාර්යත්වයෙන් යුතුව ආරම්භ කළ සුමනරතන දහම් පාසල පසුකාලීනව ප්‍රදේශයේ දීප්තිමත් දහම් පාසලක් බවට පත් විය. එම අවධියේ දහම් පාසලේ පරිපාලන කටයුතුවලට දායක වූ නරවැල්පිට විමලරතන හිමියන්ගෙන්ද දහම් පාසලේ දියුණුව උදෙසා ඉටු වූයේ අමිල සේවයකි.

අනතුරුව නරවැල්පිට කාශ්‍යප හිමියන් දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධූරය දැරූ අතර එම අවධියේ දහම් පාසලේ අධ්‍යාපන කටයුතු ඉහළ මට්ටමකට රැගෙන ඒමට උන්වහන්සේ සමත් විය. කාශ්‍යප හිමියන්ගෙන් පසුව ප්‍රධානාචාර්ය ධූරයට පත් වූයේ මැලේසියාවේ ප්‍රධාන සංඝනායක ටයිපිං විහාරාධිපති ඊපෝවේ මහින්දවංශ හිමිපාණන්ය. උන්වහන්සේගේ අවධියේ දහම් පාසලේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව 600 දක්වා ඉහළ ගිය අතර ආචාර්ය මණ්ඩලය 15 දෙනෙකුගෙන් සමන්විත විය.

නමුත් පසුකලකදී උන්වහන්සේගේ විදේශගත වීමත් සමගම දහම් පාසල වැසී යන්නට විය. යළිත් මැටරඹ චන්දානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් 6 දෙනෙකුගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලයකින් යුතුව දහම් පාසල, ආරම්භ කරන ලදී. අනතුරුව ප්‍රධානාචාර්ය ධුරයට පත් කුඩල්වැල්ලේ චන්ද්‍රජෝති හිමියන් දහම් පාසල, යළිත් දිනෙන් දින දියුණුව කරාගෙන යමින් ප්‍රදේශයේ කීර්තිමත් දහම් පාසලක් බවට පත් කළේ ය. උන්වහන්සේ රෝගාතුර වීමෙන් අනතුරුව දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධූරයට පත් වූයේ මැටරඹ නන්දාලෝක හිමිපාණන් ය.

වර්තමානයේ දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධූරය දරණු ලබන්නේ විහාරාධිපති ගාල්ල කඩවත් සතර අධිකරණ සංඝනායක මහරඹ සෝමරතන හිමිපාණන්ය. උන්වහන්සේ ද දහම් පාසලේ දියුණුව උදෙසා දිව රෑ නොබලා කටයුතු කරනු ලබන අතර උප ප්‍රධානාචාර්ය ශාස්ත්‍රවේදී චන්ද්‍රිකා පතිරණ මෙනවිය ද දීර්ඝ කාලයක් දහම් පාසලේ දියුණුව උදෙසා කටයුතු කරමින් ඉටු කරනු ලබන සේවය ප්‍රදේශවාසීන්ගේ පැසසුමට සහ ගෞරවයට පාත්‍ර වී ඇත.

මෙම වසරේ ජනවාරි මස 15 වන දින ප්‍රධානාචාර්ය හිමිපාණන් ගේ අනුශාසනය පරිදි ආචාර්ය මණ්ඩලය විසින් අක්මීමන ශාසනාරක්ෂක බල ප්‍රදේශයේ තෝරා ගත් දහම් පාසල් 11 ක සහභාගීත්වයෙන් ගුරු පුහුණු වැඩමුළුවක් පවත්වා සහතික පත්‍ර ප්‍රදානය සිදු කළ අතර සෑම වසරකම පෙබරවාරි මස 04 වන දින රූමස්වල වැඩිහිටි නිවාසයේ නිවැසියන්ට තේ පැන් සංග්‍රහයක් පිරිනැමීම ද සිදු කෙරේ. එමෙන්ම සෑම වසරකම පෙබරවාරි මාසයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම සිදු කරනු ලබන අතර අප්‍රේල් මාසයේ දහම් පාසලේ සිසු දරු දැරියන් ගේ සහභාගිත්වයෙන් සිංහල අලුත් අවුරුදු උත්සවය පවත්වනු ලැබේ.

මීට අමතරව සෑම වසරකම වෙසක් සතිය පවත්වනු ලබන අතර වාර්ෂිකව පවත්වනු ලබන බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ තරග විභාගය සඳහා සිසුන් ඉදිරිපත් කිරීම මෙන්ම දෙසැම්බර් මාසයේ සංඝමිත්තා පෙරහර පැවැත්වීම මෙම දහම් පාසල මගින් ඉටු කරනු ලබන ආගමික සහ සාමාජිය සේවා වලින් කොටසකි. වර්තමානයේ මෙම දහම් පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව 150 කට අධික වන අතර ආචාර්ය මණ්ඩලය 10 දෙනෙකුගෙන් සමන්විතය.

 

 

 

 

 

     ‍ නිකිණි අමාවක පෝය 

නිකිණි අමාවක පෝය සැප්තැම්බර් මස 12 වැනිදා සෙනසුරාදා පූර්වභාග 09.43 ට ලබයි. 13 වැනිදා ඉරිදා දිවා 12.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 12 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 21 වැනිදා සඳුදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 12

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 04


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]