UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රීමත් අනගාරික ධර්මපාල එකසිය පනස්වැනි ජන්ම සාංවත්සරික ජාත්‍යන්තර පරිසංවාදය - 2015

ශ්‍රීමත් අනගාරික ධර්මපාල එකසිය පනස්වැනි ජන්ම සාංවත්සරික ජාත්‍යන්තර පරිසංවාදය - 2015

2014 සැප්තැම්බර් 17 දින සිට 2015 සැප්තැම්බර් 17 දක්වා වර්ෂයක කාලය අනගාරික ධර්මපාල වර්ෂය ලෙස ප්‍රකාශයට පත්කොට ඇත. 2014 සැප්තැම්බර් 17 වැනිදාට යෙදුණු අනගාරික ධර්මපාලතුමාගේ එකසිය පනස්වැනි ජන්ම සංවත්සරයට සමගාමීව ශ්‍රී ලංකාව හා ලෝකයේ පුරා විවිධ වැඩසටහන් දියත් විය. 2014 සැප්තැම්බර් 17 වැනිදා සිට වසර පුරා ජාතික මට්ටමේ වැඩසටහන් ගණනාවක් බුද්ධශාසන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කෙරේ. එහි නිමාව සනිටුහන් කරමින් 2015.09.14 සිට 2015.09.20 දින දක්වා සතිය “දෙස බස රැස සසුන සුරකින ධර්මාපල පරපුරක් සදමු” තේමා කොටගත් විශේෂ වැඩසටහන් රාශියක් ජාතික මට්ටමින් සහ ප්‍රාදේශීය මට්ටමෙන් පැවැත්වේ.

ඒ අතර කැලණිය විශ්විවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශය සහ බුද්ධ ශාසන අමාත්‍යාංශය ඒකාබද්ධ වී ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ බුද්ධිමතුන් ඒකරාශි කරවන ශ්‍රීමත් අනගාරික ධර්මපාල එකසිය පනස්වැනි ජන්ම සාංවත්සරික ජාත්‍යන්තර පරිසංවාදය 2015 සැප්තැම්බර් 21, 22 යන දෙදින තුළ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදුකිරීමට බලාපොරොත්තු වේ. පරිසංවාදය උප මාතෘකා 4 කින් සමන්විත වේ.

අනගාරික ධර්මපාල සහ ජාතික ව්‍යාපාර, අනගාරික ධර්මපාල සහ අනාගත පරපුර, අනගාරික ධර්මපාල සහ ජාතික සංවර්ධනය, අනගාරික ධර්මපාල සහ ජාත්‍යන්තර මෙහෙවර.

මෙම ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සඳහා දෙස් විදෙස් බුද්ධිමතුන් රැසක් සහභාගි වීමට නියමිතය. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ අනගාරික ධර්මපාලතුමාගේ චින්තනය පිළිබඳව දෙස් විදෙස් ප්‍රබෝධයක් ඇති කිරීමයි. පරිසංවාදය දිනයේදී එම බුද්ධිමතුන් විසින් පර්යේෂණ කරන ලද පර්යේෂණ අඩංගුª පර්යේෂණ සංක්ෂේප ග්‍රන්ථයක් එළිදැක්වීමට නියමිතය.

සම්මන්ත්‍රණයේ සමාරම්භක උත්සවය 2015 .09. 21 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ “ඒ” ශාලාවේදී පැවැත්වෙන අතර පර්යේෂණ සාකච්ඡා මාලාව 21 හා 22 දෙදින “ඩී” ශාලාවේදී පැවැත්වේ. සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහභාගි වන අතර, බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් වසන්ත ඒකනායක, කැලණිය විශ්ව විද්‍යාලයීය ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් ඇතුලු සම්භාවනීය පිරිසක් සහභාගිවීමට නියමිතය.

සමාරම්භක උළෙල මේ මස 21 වැනිදා පෙරවරු 9 සිට 11 දක්වා බණ්ඩාරායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. මෙහිදී 2015 පර්යේෂණ සාකච්ඡා මාලාව සැසි 3 කින් සමන්විතයි. පළමු සැසි වාරය මේ මස 21 වැනිදා පස්වරු 2ට “අනගාරික ධර්මපාල සහ ජාතික ව්‍යාපාරය” “අනගාරික ධර්මපාල සහ අනාගත පරපුර” මැයෙන් මෙහෙයවන දේශනය මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වියානන්ද රූපසිංහ මහතාද, දෙවන සැසිවාරය මේ මස 22 වැනිදා පෙරවරු 10ට “අනගාරික ධර්මපාල” සහ “ජාතික සංවර්ධනය” උප මාතෘකාව යටතේ මහාචාර්ය චදන්ද්‍රසිරි රාජපක්ෂ සහ මාහාචර්ය මාපා තිලකරත්න මහතා මෙහෙයවන දේශනය ද, තෙවන සැසි වාරය මේ මස 22 වැනිදා පස්වරු 2.00 ට “අනගාරික ධර්මපාල සහ ජාත්‍යන්තර මෙහෙවර” උප මාතෘකාව යටතේ මහාචාර්ය දයා එදිරිසිංහ සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් රාජපක්ෂ මහතා මෙහෙයවන දේශනයක් ද ඇතුලත් වේ.

 

     ‍ නිකිණි අමාවක පෝය 

නිකිණි අමාවක පෝය සැප්තැම්බර් මස 12 වැනිදා සෙනසුරාදා පූර්වභාග 09.43 ට ලබයි. 13 වැනිදා ඉරිදා දිවා 12.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 12 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 21 වැනිදා සඳුදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 12

First Quarterපුර අටවක

සැප්තැම්බර් 21

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 27

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 04


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]