| නොමිලේ පැවැත්වෙන පාලි භාෂාව හා 
			පිරිත් පුහුණු පාඨමාලාව
			 
			 
			කැලණිය චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ බෞද්ධ මධ්‍යස්ථානාධිපති 
			චිත්තාභ්‍යාස සංවර්ධන උපදේශක, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උතුරාවල ධම්මරතන නා 
			හිමියන්ගේ උපදේශකත්වයෙන් “චිත්තාභ්‍යාස පාලක සභාව“ මෙහෙයවීමෙන් විශේෂ 
			පරිත්ත භාණක උපදේශක ස්වාමීන්වහන්සේලා වෙතින්, ගිහි/ පැවිදි අය සඳහ පාලි 
			භාෂාව ඇතුළත්ව පිරිත් පුහුණු පාඨමාලාව මෙම අගෝස්තු මස 08 දා ආරම්භ 
			කෙරිණි. සෑම සෙනසුරාදා දිනකම පෙරවරු 9.00 සිට 12.00 දක්වා කැලණිය 
			හිඹුටුවැල්ගොඩ සුදර්ශන මාවතේ අංක 738/1 චිත්තාභ්‍යාස සංවර්ධන හා 
			පර්යේෂණ බෞද්ධ මධ්‍යස්ථාන මූලස්ථානය ප්‍රධාන ශාලාවේ දී එම පාඨමාලාව 
			නොමිලයේ පැවැත්වේ. පාලි භාෂාව ඇතුළත්ව මහා පිරිත්, යුගපිරිත්, සූත්‍ර 
			පිරිත්, හමාර පිරිත්, සෙත් පිරිත් දේශනා හා පිරිත් චාරිත්‍ර වාරිත්‍ර 
			විධි සරළව පැහැදිලිව පියවරෙන් පියවරට ප්‍රයෝගිකව උගන්වනු ලැබේ.  |