UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

ඇසළ අමාවක 2015.08.14

පුණ්‍ය කාලය

මේ වස් කාලයයි. වසරකට වරක් උදාවන වස් කාලය එළඹෙනතෙක් බෞද්ධ සැදැහැවත් බොහෝ පිරිසක් බලා සිටිති. ඊට හේතුව නම් එය උදාර පුණ්‍ය කාලයක් වන බැවිනි. ඇතැම් විට වස් කාලයේ දී සැදැහැවත් බෞද්ධයන් වසර ගණනාවක් පුරා පාරමිතාවක් සේ පින්දහම් කිරීමට ඇප වී පේවී කටයුතු කරනු දක්නට ලැබේ.

වස්කාලය එළඹෙත්ම උපසම්පදා ස්වාමීන් වහන්සේලා වෙත වස් ආරාධනාව දායක පිරිස විසින් සිදු කළ ද, නොකළ ද උන්වහන්සේලා ස්වකීය විහාරස්ථානයේ දී වස් එළඹෙති. අපේ රටේ බෞද්ධ හා ශාසනික සම්ප්‍රදාය නම් වස් එළඹීම සඳහා ස්වාමීන් වහන්සේලාට ආරාධනා කිරීමය.

වස් කාලය බෞද්ධ ජනතාවට පුණ්‍ය කාලයක් වනුයේ කෙසේදැයි කල්පනා කර බැලිය යුතුවේ. ඇතැම්විට විහාරස්ථානයක වසරකට වරක් සිදුවන වස් ආරාධනාව සඳහා දායක පිරිසෙහි පහසුවද සඳහා එක් ප්‍රධාන දායක මහත්මයෙකු හෝ දායක මහත්මියක විසින් ප්‍රධානත්වය දරනු ලැබේ. එහෙත් පහසුව සඳහා එක් අයෙකු මූලිකත්වය ගනු ලැබුවද විහාරස්ථ සියලු දායක දායිකාවන් වස් එළඹ වැඩ සිටින ස්වාමීන් වහන්සේලා වෙත සිව්පසයෙන් උපස්ථාන කිරීම දායක පිරිසෙහි වගකීම හා යුතුකම වේ.

අන්කාලවලටත් වඩා භික්ෂූන් වහන්සේ වස්කාලය තුළදී සීලාදී ගුණ දහම්වඩමින් තමන් වහන්සේලාගේ ආධ්‍යාත්මික විමුක්තිය කෙරෙහි ද මහත් උනන්දුවෙන් කටයුතු කරන කාලයකි. ඒ නිසාම දායක පිරිසද ඊට අනුගත වෙමින් සිව්පසයෙන් උපස්ථාන කිරීමෙන් නොනැවතී තම තමන් යන එන විහාරස්ථානවලදී දිනපතා හෝ සතිපතා විශේෂ ආගමික වතාවත් සිදු කිරීමට කටයුතු කරනු ලැබේ.

එසේ ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් දිනපතා, සතිපතා විශේෂ ආගමික වතාවත් සිදු කිරීමට කටයුතු යෙදීමෙන් ගමත් පන්සලත් අතර ආගමික සබඳතාවය තවත් වර්ධනය වේ. බෞද්ධ ගිහි සමාජයේ මාර්ගෝපදේශකයාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ වන නිසාම උන්වහන්සේලාගේ නිසි මග පෙන්වීමෙන් හා අවවාද අනුශාසනා කිරීමෙන් යහපතට යොමු වන සමාජය තව තවත් යහපතටම යොමු කිරීමටත් අයහපතට යොමු විය හැකි අය පවා ඉහත සඳහන් කළ පරිදි යහපතට යොමුවීමට එය හේතුවනු ලැබේ. බුදුදහම වයසට යනවිට අනුගමනය කළ යුතු දහමක් ලෙස ඇතැමෙක් කරුණු වරදවා වටහා ගෙන ඇති බවක් පෙනේ. එහෙත් සම්බුදු දහම සෑම තරාතිරමකම අයෙකුට අනුගමනය කළ හැකි උත්තරීතර දහම් මඟකි. එමෙන්ම එක් රටකට හෝ පළාතකට කවර හෝ ජනකොට්ඨාසයකට පමණක් සීමාවන දහමක්ද නොවේ. බුදුදහම මනුෂ්‍යයාගේ මෙලොව ලෞකික අභිවෘද්ධිය මෙන්ම පරලොව සුබසෙත උදාකර ගැනීමට මාර්ගෝපදේශකත්වය සලසන උතුම් දහම් ප්‍රතිපදාවකි. ඒ නිසා කුඩා, තරුණ මහලු ආදී වයස් භේදයකින් තොරව කුඩා දරුවාගේ පටන් වියපත් තැනැත්තා දක්වා බුදුදහම තුළින් අර්ථ සිද්ධිය සලසනු ලැබේ.

මව්පිය වැඩිහිටියන් ස්වකීය විහාරස්ථානය වෙතයාමේ දී තම දරු මුනුපුරු මිනිබිරියන් රැගෙනයාමෙන් සිදුවනුයේ පශ්චිම ජනතාව වෙතද ආදර්ශවත් යහපත් මඟ පෙන්වීමකි. බෞද්ධකම බෞද්ධනමට පමණක් සීමා නොකොට බොදු හැගීම් ඔස්සේ දරුවන් යහමඟට යොමුකළ යුතු වේ. විහාරස්ථානය නිරතුරුව ඇසුරු කිරීමෙන් ජීවිතයට ලැබෙන ශික්ෂණය විනයගරුක තත්ත්වය අන් මාර්ගවලින් පහසුවෙන් උදාකර ගත හැකි නොවේ. විහාරස්ථානයේ දී ශාරීරික, පාරිභෝගික, උද්දේශික යන ත්‍රිවිධ චෛත්‍යයන් දැක එමඟින් ලබන අධ්‍යාත්මික ශික්ෂණය වෙනත් මඟකින් උදාකර ගත හැකි නොවේ.

දරුවන් වෙත වැඩිහිටියන්ගෙන් වියයුතු උදාර යුතුකම වනුයේ ද දරුවන් දැනුමෙන්, ධනයෙන් පෝෂණය කිරීමට වඩා ඔවුන් ගුණ දහමින් පෝෂණය කිරීමය. පාවහන්, හිස් වැසුම්, පැළඳීම, සුදුසු ඇඳුමක් පැළඳීම ආදී බොහෝ කරුණු මව්පියන් විසින් දරුවන්ට කියාදීමට වඩා එය ආදර්ශයෙන් පෙන්නුම් කිරීමේ හේතුවෙන් විහාරස්ථානයට ඇතුළුවන විට ඊට සුදුසු අයුරෙන් කටයුතු කිරීමට දරුවාට ද මනා ශික්ෂණයක්ද මව්පියවරුන් විසින් ලබා දෙනු ඇත.

වෙසෙසින් උදාවූ වස්කාලය පුරා දෛනිකව විහාරස්ථානයේ දී ආගමික වතාවත්වල නිරත වී උදාර සද්පුරුෂ ගුණ දහම් මඟින් ජීවිතය අර්ථ සම්පන්න ජීවිතයක් බවට පත්කර ගැනීමට කටයුතු කළ යුතු වේ. වස්කාලය පුණ්‍ය කාලයක් වනුයේ එවිටය. විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේද අනෙකුත් කාලයටත් වඩා වස් කාලය තුළ හැකිතාක් ආගමික කටයුතු විහාරස්ථානයේ සූදානම් කිරීමෙන් ගමට පළාතට ආදර්ශවත් ආගමික මෙහෙවරක් ඉටු කළ හැකිවේ. එය ගිහි පැවිදි උභය සමාජයටම ආදර්ශවත් ක්‍රියාවක්ද වනු ඇත.

 

    ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය අගෝස්තු මස 13 වැනිදා බ්‍රහස්පතින්දා අපරභාග 6.49 ට ලබයි. 14 වැනිදා සිකුරාදා අපරභාග 8.23 පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 14 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
අගෝස්තු 22 වැනිදා සෙනසුරාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අගෝස්තු 14

First Quarterපුර අටවක

අගෝස්තු 22

Full Moonපසෙලාස්වක

අගෝස්තු 29

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 05


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]