UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

එක් දරු පියකු වන (අවු. 51) අනුර ජයූතුංග මේ වන විට දරුණු වකුගඩු රෝගයකින් පෙළෙයි.ඔහුට හැකි ඉක්මණින් "බී" පොසිටිව් වර්ගයේ වකුගඩුවක් හෝ "ඕ" පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව කොළඹ මහරෝහලේ වෛද්‍ය ඒ. එල්. එම්. නසාර් මහතා සඳහන් කර ඇත. පරිත්‍යාගශීලියෙකු වේනම් වකුගඩුවක් ලබාදීමට දායක වන ලෙසත් ඖෂධ සඳහා විශාල මුදලක් ද වැයවන හෙයින් මුදලින් ද ආධාර කළ හැකි නම් ජාතික ඉතිරි කිරීමේ බැංකුව කොට්ටාව ශාඛාව 101020299278 දරන ගිණුම් අංකයට යොමුකරන්න. වැඩි විස්තර සඳහා 0112-750276, 072-2125674

 


වත්තල (එඬේරමුල්ල) ගොංගිතොට එක්සත් මාවතේ අංක 697/3 ලිපිනයේ පදිංචි (අවුරුදු 23) පී. චතුර සාරංග කුමාරගේ වකුගඩු දෙකම අක්‍රියව ඇති බැවින් ඉක්මනින් වකුගඩුවක් බද්ධකළ යුතු බව කොළඹ මාලිගාවත්තේ පිහිටි ජාතික වකුගඩු රෝහලේ විශේෂඥ වෛද්‍ය අනුර පි‍්‍රයන්ත හේවාගීගන මහතා නිර්දේශ කර ඇතැයිද කියති. ඒ සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ලබා දිය හැකි පරිත්‍යාගශීලියෙක් වෙතොත් 077 1270742 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කෙරේ.


උතුරු මහගම සෞම්‍යාගම පදිංචි ටී.ඩී. නිල්මිණි පි‍්‍රයංගිකා (35) දෙදරු මවක් වන අතර දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඇයට ඉක්මනින් “ඕ පොසිටිව්” රුධිර ගනයට අයත් වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව ඒ.එල්.එම්. නසාර් වෛද්‍යවරයා පවසයි. වකුගඩුවක් පිරිනැමීමට කැමැති අයකු වේ නම් 034 – 5682183 හෝ 077 – 9032812 දැනුම් දෙන අතර ඇයගේ ඖෂධ සඳහා ආධාර ලබා දෙන්නේ නම් බුලත්සිංහල ලංකා බැංකුවේ 8169598 දරණ ගිණුමට බැර කරන ලෙස ඉල්ලීමක් කරයි.


ජා ඇල, මීගමුව පාර අංක 144/1 නිවසේ පදිංචි වෛද්‍ය එස්.ඒ.ඩී.ඒ. විජේතිලක මහතා (49) දරුණු වකුගඩු ආබාධයකින් පෙළේ. ඉක්මනින් ඔහුට “ඒ, බී පොසිටිව් හෝ ඒ,බී, ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බැව් වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය ඒ.එල්.එම්. නසාර් මහතා නිර්දේශ කර ඇති බවද කියයි. දෙදරු පියෙකු වන ඔහුගේ දිවි බේරා ගැනීමට වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති පින්වතෙකු වේ නම් දුරකථන 071 6306918 අංකයෙන් විමසිය හැක.


හොරොම්බාව මොල්ලිගොඩ ලිපිනයේ කේ.එච්.එම්.එස්.සී. අබේවික්‍රම වසර ගණනාවක සිටම මුහුණේ දකුණ පස අස්ථිය ඉදිමීමේ රෝගී තත්ත්වයෙන් පසුවේ. මේ සඳහා එම අස්ථිය ඉවත්කර ප්ලාස්ටික් ශල්‍යකර්මයක් කළයුතු බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයා උපදෙස් ලබා දී ඇතැයි ද, වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය බෙහෙත් අනිකුත් අවශ්‍ය දෑ වෙනුවෙන් විශාල මුදලක් වැයවන බැවින් ඔබගේ මූල්‍ය ආධාරය පතන බවද කියයි. නාරම්මල කොමර්ෂල් බැංකුවේ අංක 8600000331 දරන ඉතිරිකිරීමේ ගිණුමට ආධාරය බැර කළ හැක. අවශ්‍ය විස්තර අංක 077 3870490 දුරකථනයෙන් විමසිය හැක.

 

   අධි ඇසළ පුර අටවක පෝය

අධි ඇසළ පුර අටවක පෝය ජූනි 24 වැනිදා බදාදා පූර්වභාග 3.16 ට ලබයි. 25 වැනිදා බ්‍රහස්පතින්දා 5.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි මස 24 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
ජූලි 01 වැනිදා
බදාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 24

Full Moonපසෙලාස්වක

ජූලි 01

Second Quarterඅව අටවක

ජූලි 08

Full Moonඅමාවක

ජූලි 15


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]