UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

අධි ඇසළ පුර අටවක 2015.06.24

දරුවාට රැකවරණය

‘දාරක පේ‍්‍රමය’ මව්පිය දෙපළගේ හදවතේ නිරන්තරයෙන් හට ගන්නකි. ස්වකීය දරුවා කෙරෙහි ඇති සෙනෙහස , දයාව, කරුණාව, මව්පිය දෙපළගෙන් හැර සමාජයේ අන් කිසිවකුගෙන්වත් අපේක්ෂා කළ නොහැකි තරමේ මහත් වූ සෙනෙහසකි. මහත්වූ කරුණාවකි. හදවතින්ම ඇති වන එම සෙනෙහස වෙනත් කිසිවකට සමකළ හැකි නොවේ. කලාතුරකින් හෝ දරුවකුට අවසනාවකට මෙන් මව්පියන් අහිමි වුවහොත් එවැනි දරුවකු ඇති දැඩි කරන භාරකාර මව්පියවරුන් පවා භාරදූර වගකීමකින් එම කටයුතු ඉටුකරන වැඩිහිටියන්ද අප සමාජයේ දක්නට ලැබේ.

සියලු සැප සම්පත් පරදවන දරුවා මව්පියවරුන්ගේ නෙත් දෙක බඳුය. සියලු දුක් කරදර ඉවසා දරා ගනිමින් මව්පියවරුන් දයාබර දරුවන් ඇති දැඩි කරනු ලැබේ. නවීන තාක්ෂණය ඉතා දියුණු යුගයකි මේ. එහෙත් එබඳු නවීන තාක්ෂණයකින් රුධිරය කිරි බවට පත් කරන යන්ත්‍රයක් මෙතෙක් නිපදවා නොමැත. දයාබර දරුවා කෙරෙහි මවකගේ හදවතේ ඇතිවන දයාව, මෛත්‍රිය , කරුණාව , නිසාම මවගේ කිරි උරා බොමින් උපන් දවසේ පටන් මාස ගණනක් යන තුරා දරුවා ජීවත් වෙයි. බිළිදු දරුවකු ලෙස උපත ලබන දවසේ සිට ඒ දරුවාගේ අනාගතය කෙරෙහි මහත් බලාපොරොත්තු ඇතිව සැලසුම් සකස් කරනු ලැබේ’. කුස තුළ දරුවකු පිළිසිඳ ගත් බව දැන ගත්දා සිට ඒ දරුවාගේ රැකවරණය පතා ආදරණීය අම්මා කවර නම් ආරක්ෂාවක් දරුවා කෙරෙහි සපයනු ලැබේද? ඒ සැබෑ වූ මව්වරුන්ගේ මව් ගුණයයි. මව පමණක් නොව පියාණන්ද දරුවාගේ අභිවෘද්ධිය පතා රැය, දවාල නොතකා පැමිණෙන දුක් කරදර ඉවසා දරා ගනිමින් දහඩිය වගුරුවා ධනය සොයන්නට මොනතරම් මහන්සියක් දරනු ලැබේද ?

දරුවා කුඩා කල මැසි මදුරුවකුට වත් ළංවීමට ඉඩ නොතබා දරුවාගේ රැකවරණය සලසනු ලැබේ. දරුවාගේ කැත කුණු සියල්ල ඉවත්කර පවිත්‍ර කරමින් දරුවා සුවපත්ව තබා ගැනීමට මවත්, පියාත් කෙතරම් නම් උත්සාහයක් දරනු ලබන්නේද ?

මෙසේ ඒ සියලු කැප කිරීම් තම දරුවා කෙරෙහි සිදු කරනුයේ මව්පිය සෙනෙහස හදවතින්ම මව්පිය දෙපළ තුළ පවතින බැවිනි. බිළිඳකු මෙලොවට බිහිවූ දා පටන් ඒ දරුවාගේ ආරක්ෂාව මෙන්ම පෝෂණය උදෙසා මව්පියවරු කරන කැපකිරීම මෙවැන්නක් ලියා නිම කළ නොහැකිය. තම පණ මෙන් සුරකින දරුවා වෙනුවෙන් ආදර්ශවත් පින්බර මව්පියවරුද සැබැවින්ම වාසනාවන්තය.

කරුණු එසේ වුවද දරුවකු ගේ අගය , වටිනාකම තේරුම් නොගත් කලාතුරකින් හෝ මව්පියවරුද අප සමාජය තුළ නැත්තේ නොවේ. දිනපතා පුවත්පත් ඇතුළු මාධ්‍ය මගින් ස්වකීය දරුවන් අසරණ කළ අවස්ථා අසන්නට හා දකින්නට ලැබීමෙන් ඒ බව සනාථ වෙයි. දරුවකුගේ වටිනාකම, අගය තේරුම් නොගත් ඇතැම් මව්පියවරු ස්වකීය දරුවාගේ ජීවිතය මෙලොවින් තුරන් කළ අවස්ථාද නැතුවා නොවේ.

පව , පින , නොසලකා කටයුතු කරන්නෙකුට හැර ස්වකීය දරුවෙකුට විපතක් කළ හැකි අයෙක් වෙත්ද ? මෙලොවට බිහිවන දරුවා නිවසට, පවුලට, ගමට, පළාතට මහත් සම්පතකි. වාසනාවකි. එහෙත් එහි වටිනාකම බුද්ධිමත්ව තේරුම් නොගැනීම නිසා තම දරුවා කෙරෙහි විවිධ තාඩන පීඩන කිරීමටද කලාතුරකින් හෝ මව්පියවරු සැහැසි වී නැත්ද?

මව පියා බුද්ධිමත් වූ තරමට තම දරුවාට රැකවරණයත්, පෝෂණයත් හිමි වන බව නොරහසකි. දස මසක් මව්කුස දරා මෙලොවට බිහිවන දරුවා දකින මවට ඇතිවන නිම්හිම් නැති සතුට මිල කළ නොහැකිය. පියාටද එසේමය. දරු සුරතල් දකිමින් සැනසෙන මව්පියවරු අතරට ඒ දරු සුරතල් නොඉවසා අකරුණාවෙන් කටයුතු කරන ඇතැම් මව්පියවරු ගැන කලාතුරකින් හෝ අසන්නට, දකින්නට ලැබීම පවා අභාග්‍යයක් නොවේද? මෙලොවට බිහිවන දරුවා ආරක්ෂා කරමින් පෝෂණය කිරීම සෑම මව්පිය දෙපළකගේම මූලික වගකීමකි. එම වගකීම නිසි අයුරින් තේරුම් ගෙන කටයුතු කරන මව්පියන් වෙසෙන සමාජයක දරුවාට කිසිදු කරදරයක් සිදු නොවේ.

 

   අධි ඇසළ පුර අටවක පෝය

අධි ඇසළ පුර අටවක පෝය ජූනි 24 වැනිදා බදාදා පූර්වභාග 3.16 ට ලබයි. 25 වැනිදා බ්‍රහස්පතින්දා 5.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි මස 24 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
ජූලි 01 වැනිදා
බදාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 24

Full Moonපසෙලාස්වක

ජූලි 01

Second Quarterඅව අටවක

ජූලි 08

Full Moonඅමාවක

ජූලි 15


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]