UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාපිටිය පලීපාන ශ්‍රී පූර්වාරාමයේ 90වැනි පොසොන් මහා පෙරහර

පූජාපිටිය පලීපාන ශ්‍රී පූර්වාරාමයේ 90වැනි පොසොන් මහා පෙරහර

හාරිස්පත්තුවේ පලීපාන, පූජාපිටිය උඩමුදුන ශ්‍රී පූර්වාරාමයේ 90 වෙනි මිහිඳු මහ පෙරහර පොසොන් පෝය දින, උඩරට ප්‍රදේශයට පාරම්පරික වූ විවිධ සංස්කෘතික අංගයන්ගෙන් යුක්තව පැවැත්විණි. ගම් මට්ටමෙන් අවුරුදු අනූවක් තිස්සේ අඛණ්ඩව පවත්වාගෙන එනු ලබන මිහිඳු මහ පෙරහර මෙය බව, එහි ඉතිහාසය විමසීමේ දී සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවන බව අපගේ හැඟීමයි. 90 වැනි ශ්‍රී පූර්වාරාම මිහිඳු මහා පෙරහර සම්බන්ධව, සිහිවටනයක් වශයෙන් මා විසින් රචිත ‘අනුබුදු මිහිඳු මහ පෙරහර විසිතුරු’ නමැති ග්‍රන්ථයෙන් ද, වර්ෂ 2006 දී ප්‍රකාශයට පත් කළ ‘උරුමයක ප්‍රත්‍යාවලෝකනය’ නමැති ග්‍රන්ථයෙන් ද පැහැදිලි කිරීමට ලැබීම ගැන ශ්‍රී පූර්වාරාමයේ දායකයෙකු මෙන් ම කලක් පෙරහර සංවිධාන කමිටුවේ ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කිරීමෙන් මා සතුටට පත්වන්නෙමි.

1900 වන විට අපේ ගම්බිම්වල සමාජ ආර්ථික රටාව පසුබිම් කරගෙන පෙරහර ආරම්භය ගැන (1925 වර්ෂය) නව පරපුරට ආශ්වාදයක් විඳීමට අවස්ථාවක් ලබා දෙයි. වී ගොවිතැන හා හේන් ගොවිතැන ගැමියන්ගේ සියලු අවශ්‍යතා ඉටු කර ගැනීමේ කෘෂි ආර්ථික රටාව තුළ මුදල් භාවිතය අවම විය. භාණ්ඩ හුවමාරුව තුළින් ගනුදෙනු සිදුවිය. පෙරහර සම්මාදමට හාල්, වී, භූමිතෙල් , පොල්තෙල් දායක දායිකාවන් ලබා දී ඇත. මුදල් වශයෙන් ශතය, දෙක, පහ ආධාර පත්‍රවල සඳහන් වේ. පෙරහරට ගෙන්වාගත් හෙවිසිවාදකයින්ට හා නැටුම් ශිල්පීන්ට හාල් හෝ රුපියල් දෙක, තුන ගෙවීමක් කළ බවත් සඳහන් වේ. වර්තමාන වියදම් හා සැසදීමේ දී විශාල වෙනසක් ඇත.

විහාරස්ථානයට දායකත්වය දරන පලීපාන, දිද්දෙනිය, කිරලගම, වරකාදෙනිය පරිත්‍යාගශීලින්ගෙන් ද, ඉතා ශීඝ්‍ර දියුණුවක් ලබා ඇති පූජාපිටිය නගරයේ පිහිටි බැංකු හා මූල්‍යමය ආයතන හා වෙළෙඳ ආයතනවලින් ද, ව්‍යාපාරික ප්‍රජාවගෙන් ද, ත්‍රිරෝද රථ සංගම්වලින් ද, වාර්ෂිකව පෙරහර වියදම් සඳහා ආධාර ලැබෙයි. ශ්‍රී පූර්වාරාමයේ බෞද්ධ හා ශාසනික ශ්‍රේෂ්ඨත්වය, අනාගතයට උරුමකර දුන් බෞද්ධ සංස්කෘතික සංදර්ශනයක් වශයෙන් ද එක් අංශයකින් හැඳින්විය හැකි මිහිඳු මහ පෙරහර 1966 සිට 1969 දක්වා වූ කාලය තුළ ශ්‍රී දළදා මාලිගාව සහ මහනුවර සතර දේවාලවල සහාය ලැබී ඇත. විශේෂයෙන් 1967 දී ශ්‍රී දළදා මාලිගාවේ රාජා ඇතා පෙරහරේ සර්වඥ ධාතු කරඩුව වැඩමවූ බවත් එම ධාතු පෙරහර කරඩුව එවකට අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී වූ අපවත්වී වදාළ පලීපාන සිරි නිවාස නාහිමි විසින් පූජාකළ බවත් එම සමයේ දී පෙරහර අරමුදලක් ස්ථාපිත වූ බවත්, පෙරහර පිළිබඳ පැරැණි ලිපි ලේඛනවල සඳහන් ව ඇත. අවට පාසල් ශිෂ්‍යයින් ද, දහම් පාසල්වල දායකත්වය එදත් අදත් ලැබීම අගයමු. දශක හයකට අධික කාලයක් තිස්සේ මිහිඳු මහ පෙරහර ව ත්මන් තත්ත්වයේ අංග සම්පූර්ණ පූජෝත්සවයක් ලෙස පවත්වාගෙන යෑමට අනුශාසනා ලබා දෙන අප විහාරාධිපති හාරිස්පත්තුව අධිකරණ සංඝනායක මිනිවන්ගමුවේ රතනසාර නාහිමිගේ කැපවීම ශ්‍රේෂ්ඨත්වයෙන් සලකන්නෙමු.2015 ජුනි මස 02 දා 90 වැනි වතාවටත් පෙරහර ඉතා සාර්ථකව පැවැත්වීමට අනුශාසනා කළ අප විහාරාධිපති මිනිවන්ගමුවේ ශ්‍රී රතනසාර නාහිමිපාණන්ටත්, පෙරහර ප්‍රධාන විහාරයේ ශාසනික කටයුතුවල මූලිකත්වය ගෙන විවිධ තනතුරු දරමින් ක්‍රියා කරන දායක සභාවේ ලේකම් විශ්‍රාමලත් අධ්‍යාපනවේදී ජේ. බී. නිශ්ශංක නාරම්පනාව, හේමන්ත කුමාර හේරත්, ඩබ්ලියූ. ඒ. කුලසිරි, පූජාපිටිය කොමියුකේෂන් ආයතනයේ විජයසුන්දර යන මහත්වරු ප්‍රධාන ශ්‍රී පූර්වාරාම දහම් පාසල් ධර්මාචාර්ය මණ්ඩලය, දායක සභාව කැපවීම ශ්‍රේෂ්ඨත්වයෙන් සලකන්නෙමු. අප ගමේ උපත ලබා අප විහාරස්ථානයේ දහම් පාසල් ශිෂ්‍යයෙකු මෙන් ම විහාරස්ථානයේ දායකයෙකු වූ කලක් පුවත්පත් කලාවේදියෙකු මෙන් ම 1965 - 1969 වර්ෂවල පොසොන් පෙරහර කමිටු ලේකම් වශයෙන් විශාල කැපවීමකින් විටින් විට විහාරස්ථානයේ ශාසනික කටයුතු සම්බන්ධව කාලීනව බොදු පුවත්, ඡායාරූප, විශේෂාංග ලිපි විශේෂයෙන් ‘බුදුසරණ’ පුවත්පත ප්‍රධාන ලේක්හවුස් පුවත්පත්වලට සැපයූ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී කේ. බණ්ඩාරනායක මහතාගේ සේවය ද අගයන්නෙමු.

 

 

   අධි ඇසළ පුර අටවක පෝය

අධි ඇසළ පුර අටවක පෝය ජූනි 24 වැනිදා බදාදා පූර්වභාග 3.16 ට ලබයි. 25 වැනිදා බ්‍රහස්පතින්දා 5.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි මස 24 වැනිදා බදාදා ය.

මීළඟ පෝය
ජූලි 01 වැනිදා
බදාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 24

Full Moonපසෙලාස්වක

ජූලි 01

Second Quarterඅව අටවක

ජූලි 08

Full Moonඅමාවක

ජූලි 15


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]