UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රාජ්‍ය වෙසක් උත්සවය ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් මහියංගණ රජමහා විහාරයේ දී

මෙම වසරේදී රාජ්‍ය වෙසක් උත්සවය මේ මස 04 වැනිදා මහියංගණ රජමහා විහාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ඉතිරිය»

සම්බුදු තෙමඟුල සිදු වූ අසිරිමත් වෙසක් පොහොය

වෙසක් පොහොය ලෝකවාසී සැදැහැවත් බෞද්ධ ජනතාවගේ පරම පූජනීය දිනයයි. සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය, බුදුවීම හා පිරිනිවීම යන අසිරිමත් තෙමගුල සිදුවීම, බුද්ධත්වයෙන් පසු කිඹුල්වත්පුරයට වැඩමවීම හා යමාමහ පෙළහරපෑම , බුදුරදුන් තෙවැනි වරටත් ලක්දිවට වැඩමවීම ,සමනොළ සිරිපා සටහන පිහිටුවීම, විජය කුමරු ලංකාවට ගොඩබැසීම, ධර්මාශෝක අධිරාජයා ගේ ඇරැයුමෙන් දෙවනපෑතිස් රජු දෙවැනි වරටත් රාජ්‍ය අභිෂේකය ලැබීම, දුටුගැමුණු රජු රුවන්වැලි මහාසෑයේ වැඩ ඇරැඹීම යන කරුණු වෙසක් පොහොය හා සම්බන්ධව සිහිපත් කෙරෙන ඓතිහාසික සිදුවීම්ය. මෙසේ බුද්ධ චරිතය ශාසන ඉතිහාසය සේම ලංකා ඉතිහාසය පිළිබඳ විමසීමේදි ඉතා ශ්‍රේෂ්ඨ ආගමික වටිනාකමක් වෙසක් පොහොයට හිමි වෙයි.

ඉතිරිය»

අමාදහර මෙවරත්

ලේක්වුස් ආයතනය වෙසක් උත්සවය නිමිත්තෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘අමාදහර’ සදහම් වෙසක් කලාපය මේ මස 03 සහ 04 නව මුහුණුවරකින් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ අනුව ඩිජිටල් පැනල් 12 ක ආධාරයෙන් ජාතක කතාවක් ඇසුරෙන් නිර්මාණය කරන ලද ‘ශ්‍රද්ධා සක්මන් තොරණ’ මෙවර අමාදහර වෙසක් සදහම් කලාපයේ සුවිශේෂ අංගයක් වන අතර සක්මන් කරන ආකාරයකින් කතාව ඉදිරිපත් කෙරේ. 

ඉතිරිය»

ධර්ම දේශනාව:

අත්‍යුදාරතර බුදුගුණ අනුස්මරණයෙහිලා සුදුසුම දිනය වෙසක් පුන් පොහෝ දිනයයි

“මම සත්‍යය අවබෝධ කරමි. අන් අයටද සත්‍යය අවබෝධ කරවා (බුදුවන්නෙමි) මමද සසර දුකින් මිදෙන්නෙමි. අන් අයද සසර දුකින් මුදවන්නෙමි. කාම, භව, දිට්ඨි, අවිජ්ජා යන සසර සයුරෙහි සැඩ පහර භයානකය.” යනුවෙන් දීපංකර පාද මූලයේ දී සුමේධ නම් තාපසව නියත විවරණ ශ්‍රී ලබමින් අප බෝධිසත්වයන් වහන්සේ ප්‍රාර්ථනා ඇති කොට ගත්හ. එතැන් පටන් දානාදී සමතිස් පෙරුම් පුරාලමින් සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාවෙන් ප්‍රභාවත් වී සකල ක්ලේශ සපරිවාර මාර පරාජයෙන් උතුම් වූ සම්බුද්ධත්වයත් අවබෝධ කොට වදාළ තථාගතයන් වහන්සේගේ අසමසම අනන්ත, අත්‍යුදාරතර බුදුගුණය අනුස්මරණයෙහිලා සුදුසුම දිනය වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයයි.

ඉතිරිය»

බුදුරදුන් වැඩි කැලණි පුදබිම

වෙසක් පුන් පොහෝදාත් කැලණිය පුදබිමත් අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධයකි. සිදුහත් බෝසතාණන් වහන්සේගේ උප්පත්තියත් සම්බුද්ධත්වයත් බුදුරජාණන් වහන්සේගේ මහාපරිනිර්වාණයත් සිහිකරන වෙසක් පුන් පොහෝ දවස කැලණි පුදබිම සමඟ සම්බන්ධ වන්නේ උන්වහන්සේගේ කැලණි පුදබිමට වැඩම කිරීම වෙසක් පුන් පොහො දිනකම සිදු වූ නිසාය.

ඉතිරිය»

වෙසඟේ නිසි අරුත වටහා දෙමු

සියලු ලක්වාසීන්ට ආගමික අංශයෙන් මෙන්ම සංස්කෘතික අතින්ද ඉතා වටිනා දිනයක් ලෙස වෙසක් පුන් පොහෝ දිනය හඳුන්වා දෙන්න පුළුවන්. ඒ දිනය අප ඉතා වැදගත් ලෙසින් සලකන්නේ සිදුහත් කුමරුගේ ඉපදීමත්, බුදුවීමත්, බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයත් නිසයි. එම නිසා බුදුරජාණන් වහන්සේට කරනු ලබන බුද්ධ පූජාවක් ලෙසින් වෙසක් දිනය සැමරීමයි වැදගත් වන්නේ. ලෝක වාසීන්ට සාමය, සමාදානය, හරි වැරැද්ද පෙන්වා දුන් දිනය සැමරීම උදෙසායි මේ දිනය අප විසින් සමරනු ලබන්නේ. මේ සැමරීම විවිධාකාරයෙන් සිදු කිරීමට අප කටයුතු යොදා තිබෙනවා.

ඉතිරිය»

ශ්‍රී බුද්ධ වර්ෂ 2559 වෙසක් පුර පසළොස්වක පොහෝ දින විශේෂ කලාපය - සිතුවම සරත් නන්ද කුමාර

 

 වෙසක්පුර පසළොස්වක පෝය
 

වෙසක්පුර පසළොස්වක පෝය මැයි මස 03 වැනිදා ඉරිදා පූර්වභාග 7.59 ට ලබයි. 04 වැනිදා සඳුදා පූර්ව භාග 9.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 03 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය
මැයි මස 11 වැනිදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 03

Second Quarterඅව අටවක

මැයි 11

Full Moonඅමාවක

මැයි 17

First Quarterපුර අටවක

මැයි 25


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]