UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහමෙව්නා භාවනා අසපුව විසින් සිදුකරනු ලබන එක් මෙහෙවරක්

මහමෙව්නා භාවනා අසපුව විසින් සිදුකරනු ලබන එක් මෙහෙවරක්

ජීවිතය ජයගන්නට වෙර දරනා දූ පුතුනට ශ්‍රද්ධා අධ්‍යාපන පුණ්‍ය ව්‍යාපෘතියෙන් අත්වැලක්



සහභාගි වූ සඟ රුවනින් කොටසක්


ශ්‍රද්ධා ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය වෙනුවෙන් එම වැඩසටහන හඳුන්වා දෙන අළුදෙණියේ සුබෝධි හිමි


ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් ශිෂ්‍යත්වය ලබන සිසු දරුවෙක්


අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා අතින් ශිෂ්‍යත්වය ලබන සිසුවියක්


ආරාධිත අමුත්තන්ගෙන් කොටසක්



ශිෂ්‍යත්ව ලැබූ දරු දැරියෝ

අප මේ මිනිස් ලෝකයට පැමිණියේ ඉතාම දුර්ලභව ලැබුණ පිනක ප්‍රතිළුලයක් ලෙසයි. ඒ ලැබුණ දුර්ලභ වූ මිනිස් ජීවිතය තුළදී ඉතා අග්‍ර පින් කරගැනීමට අපට පුළුවන්නම් එයත් ඉතා දුර්ලභ වූ කටයුත්තක්. එවන් කටයුත්තක් පසුගිය දා කඩුවෙල, හේවාගම, රාජසිංහ මාවතේ පිහිටි ‘මහමෙව්නාව බෝධිඥාන අසපුවේදී’ සිදුවිය.

ආර්ථික අපහසුතාවයන්ගෙන් පෙළෙන ඉගෙනීමට දක්ෂ දරුවන්ට අනාගතය ගොඩනඟා ගැනීමට අත්වැලක් වනු පිණිස ශ්‍රද්ධා රූපවාහිනියේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ ආශිර්වාදයෙන් ශ්‍රද්ධා රූපවාහිනිය මඟින් “ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව පුණ්‍ය ව්‍යාපෘතියක්” ක්‍රියාවට නංවා ඇත.

ගුණ නැණ සපිරි බුදුදහමින් සුපෝෂිත දේශයට වැඩදායි අනාගත පරපුරක් බිහි කිරීම උදෙසා එම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති අතර, අඩු ආදායම්ලාභී පවුල්වල ඉතා දක්ෂ සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම පිණිස උපකාර කිරීම සහ බෞද්ධ ජනතාවගේ පවුල් පසුබිම හා ආර්ථිකය නංවාලීමත්, දේශයේ ජීවනාලිය වෙත කළණ මිතුරු ඇසුර ලබාදීමත් එම ව්‍යාපෘතියේ අරමුණ වේ.

වර්තමාන අධ්‍යාපන රටාව තුළ නොයෙක් ආකාරයෙන් උගතුන් බිහි වුවද, ගුණ දහමින් යුතු මිනිස්කම හඳුනන උගතුන් බිහිවන්නේ අල්ප වශයෙන් විය හැකිය. එනිසා ගුණයෙන් පොහොසත් අනාගත පරපුරක් දේශයට දායාද කරනු පිණිස එම වැඩපිළිවෙල ක්‍රියාවේ නැංවෙන බව කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ පවසති.

ලංකාවේ දසත ඇති පාසල් අතරින් අයදුම්පත් කැඳවා ඒවා අතරින් තෝරාගත් දරුවන් 600 ක් දෙනා වෙත පළමු අදියරේදී එම ශිෂ්‍යත්ව පිරිනමා ඇත.

එහිදී සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලබන දරුවෙක් වෙනුවෙන් රුපියල් 1100 ක මුදලක්ද, උසස්පෙළ හෝ විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවෙකු වෙනුවෙන් රුපියල් 2000 ක මුදලක් වෙන් කෙරේ. මාසිකව ලැබෙන එම මුදලින් ගමන් ගාස්තු ද, තමන් කැමැති පිනක් සිදුකිරීම වෙනුවෙන් රුපියල් 100 ක් ද, තමන්ගේ පවුලේ මාපිය සහෝදර සහෝදරියන් උදෙසා රුපියල් 100 ක මුදලක් ද, ශිෂ්‍යත්ව ව්‍යාපෘතියේ ලිපි ගනුදෙනු සඳහා රුපියල් 50 ක මුදලක්ද දහම් පොතක් ලබාදෙනු පිණිස රුපියල් 100 ක මුදලක් ද ශිෂ්‍යත්ව ලාභියා වැයකළ යුතු වේ. සෑම මාස 06කට වරක්ම ශිෂ්‍යත්ව ලාභියාට පොත්පත් හා පාසල් උපකරණ ලබාදීම ද සිදු කෙරේ. මාධ්‍ය ජාලය විසින් ශිෂ්‍යත්වලාභියා පිළිබද නිතර සොයා බලන අතර තමා ලබාගත් ශිෂ්‍යත්ව මුදල් කෙසේ වියදම් කළේද? යන්නත් ඔහු විසින් දන්වා එවිය යුතු බව ශ්‍රද්ධා ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය වෙනුවෙන් අළුදෙණියේ සුබෝධි හිමියෝ පැවසීය.

 

 
බක් පුරඅටවක පෝය

බක් පුරඅටවක පෝය මාර්තු මස 27 වැනිදා සිකුරාදා පූර්වභාග 0.54 ට ලබයි. 28 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 1.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු මස 27 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
අපේ‍්‍රල් මස 03 වැනිදා සිකුරාදාය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 03

Second Quarterඅව අටවක

අප්‍රේල් 12

Full Moonඅමාවක

අපේ‍්‍රල් 18


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]