UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගුරු දෙවි උපහාර -  මිරිස්වත්තේ අභය රේවත ප්‍රාථමික විදුහලට බෝධිනාගල නා හිමියන්ගෙන් අතහිත

 ගුරු දෙවි උපහාර

මිරිස්වත්තේ අභය රේවත ප්‍රාථමික විදුහලට බෝධිනාගල නා හිමියන්ගෙන් අතහිත


නා හිමියන් විසින් විහාර මන්දිරයේ තැන්පත් කරන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ

ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමෙන් අනතුරුව දරු දැරියන් පිපාසය නිවා ගන්නා අයුරු

සියලුම සිසු දරු දැරියන්ට පොත්පත් හා පාසල් උපකරණ පිරිනමමින්, මුදියල ධම්මජෝති නාහිමියන් හා විදුහල්පති ටී.එම්. ආරියදාස මහතාද ඡායාරූපයේ වෙති

ඇස් කණ්ණාඩි පිරිනමමින්...

ඉංගිරිය බෝධිනාගල ආරණ්‍ය සේනාසනය, අළුත්ගම ධර්ම ද්වීප යෝගාශ්‍රමය, වැලිපැන්නේ මණ්ඩාගල විවේක සෙනසුන, පිළියන්දල බෝධිරුක්ඛ යෝගාශ්‍රමය, අම්බලන්තොට ශ්‍රී වික්‍රමසිංහාරාමය හා ශ්‍රී මහා බෝධිමණ්ඩලාරාමය ආදී විහාරස්ථානයන්හි අධිපති සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ කළුතර දිස්ත්‍රික් ප්‍රධාන සංඝනායක ලබුගම ආනන්ද ධම්මකිත්ති නා හිමියන් විසින් තම ගුරු දේවයාණන් වූ මෙයට වසර 13කට පෙර අපවත්වී වදාළ ඉහත විහාරස්ථානයන්හි අධිපතිව වැඩ වදාළ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයේ භාවනා පිළිබඳ කථිකාචාර්ය, ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, පණ්ඩිත විපස්සනාචාර්ය, මිරිස්වත්තේ අභයරේවත නා හිමියන්ට කෙරෙන ගුරු උපහාරයක් වශයෙන් තම සහෝදර, ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා හා තත් විහාරස්ථානයන්හි දායක කාරකාදීන්ගේ ද ආධාර උපකාර ඇතිව පදියතලාව මිරිස්වත්තේ අභය රේවත ප්‍රාථමික විදුහලට අවශ්‍ය පහසුකම් රැසක් ලබා දීමට කටයුතු කළහ.

නැගෙනහිර පළාතේ මහඔය අධ්‍යාපන කලාපයේ පිහිටි අති දුෂ්කර පාසලක් වශයෙන් ගැනෙණ අභය රේවත විදුහලේ සිසුන්ට ආරම්භයේ සිට පානීය ජල පහසුකම් නොලැබීම බරපතළ ගැටලුවක්ව පැවතිණි. නාහිමියෝ විදුහලට මීටර් 500 ක් පමණ දුරින් ළිඳක් ඉදි කොට ඒ අසල උස් බිමෙක ජල ටැංකියක් ඉදි කොට එහි සිට නල එලා විදුහලට අවශ්‍ය ජලය ලබාදීමට කටයුතු කළේ එස්ලෝන් සමාගමේ ද අතහිත ඇතිවය. මේ සඳහා රු. මිලියනයකට ආසන්න මුදලක් වැය වී ඇති බවද කියයි. එසේම විදුහලට අවශ්‍ය නාම පුවරුව සකස් කිරීමටද ඉදි කරන ලද නව බුදු මැදුරේ තැන්පත් කිරීමට අවශ්‍ය බුද්ධ ප්‍රතිමා වහන්සේ ද බෝධිනාගල ආරණ්‍යයේ සිට වැඩම කරවීමට කටයුතු කර තිබුණි. පාසලේ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා අවශ්‍ය පොත් පත් හා පාසල් උපකරණ සහිත තිළිණය බැගින් ද ලබාදීමට පියවර ගෙන තිබුණි.

ප්‍රදේශයේ දිළිඳු පවුල් සඳහා වියළි ආහාර මල්ල බැගින් ලබා දීමටත්, ප්‍රදේශයේ අක්ෂි ආබාධ සහිත වූවන් සිය ගණනක් සඳහා ඇස් පරීක්ෂා කොට වටිනා ඇස් කණ්ණාඩි පිරි නැමීමක් ද සිදු කෙරිණි. පසුගිය දා දවස පුරා විදුහල් බිමේ දී පැවැති මෙම සත්කාරක වැඩසටහනට පැමිණි දහසක පමණ පිරිසට ප්‍රණීත දිවා ආහාර පිරිනමනු ලැබුවේ ද නා හිමියන් සමඟ පැමිණි මහ සඟරුවන හා දායක දායිකාවන් විසිනි.

විදුහල්පති ටී.එම්. ආරියදාස මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය විසින් සමස්ත පාසල් ප්‍රජාවගේ ද සහාය ඇතිව අදාළ උත්සවය සංවිධානය කර තිබූ අතර පදියතලාව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති හෝලිකේ රාජමහා විහාරාධිපති මූදියල ධම්මජෝති නාහිමියන් ඇතුළු 20 නමක් පමණ වූ මහා සංඝරත්නය උදෙසා දවල් දානය පිරිනැමීමට ද කටයුතු සිදුකර තිබුණි.

ප්‍රදේශයේ පාසලක මෙවැනි සත්කාරක වැඩ සටහනක් ක්‍රියාත්මක නොවූ බැව් පැමිණි සිටි විදුහල්පතිවරුන් ගුරුවරුන් මෙන්ම ප්‍රදේශයේ ජනතාව ද කියා සිටියහ.

 

 

 

 
බක් පුරඅටවක පෝය

බක් පුරඅටවක පෝය මාර්තු මස 27 වැනිදා සිකුරාදා පූර්වභාග 0.54 ට ලබයි. 28 වැනිදා සෙනසුරාදා පූර්ව භාග 1.42 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු මස 27 වැනිදා සිකුරාදාය.

මීළඟ පෝය
අපේ‍්‍රල් මස 03 වැනිදා සිකුරාදාය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 03

Second Quarterඅව අටවක

අප්‍රේල් 12

Full Moonඅමාවක

අපේ‍්‍රල් 18


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]