UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදු ගුණ භාවනාව

බුදු ගුණ භාවනාව

විජ්ජාචරණ සම්පන්න ගුණය - 5

භාවනා පූර්ව කෘත්‍යය

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මෙසේද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

1. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සෝලස මහාඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. ( ඤාණ 16 )

2. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මහාඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

3. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පුථු ප්‍රඥාවෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. ( සියලු ධර්මය දැන ගැනීමේ ඤාණය )

4. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විපුල ප්‍රඥාවෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. ( මහත් වූ ධර්ම දැන ගැනීමේ ඤාණය )

5. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ බුද්ධි ප්‍රඥාවෙන් මහා ප්‍රඥාවෙන්, වේපුල්ල ප්‍රඥාවෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

6. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ගම්භීර ප්‍රඥාවෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. ( ගැඹුරු ධර්ම දැනගැනීමේ ඤාණය )

7. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අසාමාන්‍ය ප්‍රඥාවෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. ( තව කෙනෙකුට මැඬලිය නොහැකි නුවණ )

8. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ භූරි ප්‍රඥාවෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. ( කෙලෙස් නැති කරන නුවණ )

9. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ බාහුල්ල ප්‍රඥාවෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. ( අධිපති නුවණ )

10. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ශීඝ්‍ර ප්‍රඥාවෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. ( වේගවත් නුවණ )

11. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ලහු ප්‍රඥාවෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සැහැල්ලු නුවණ )

12. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ හාසු ප්‍රඥාවෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (සොම්නස් නුවණ )

13. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ජවන ප්‍රඥාවෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (ත්‍රිලක්ෂණ දැකීමේ නුවණ )

14. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තීක්ෂණ ප්‍රඥාවෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. ( වහා කෙලෙස් සිඳින නුවණ )

15. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිබ්බේදිත ප්‍රඥාවෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (ස්කන්ධ පිළිබඳ කළකිරෙන නුවණ )

16. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දසබල ප්‍රඥාවෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (ඤාණ 10 කි )

17. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඨානඨාන ප්‍රඥාවෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

18. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විපාක ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

19. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සබ්බත්ථ ගාමිණි පටිපදා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

20. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනේකධාතු ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

21. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නානාධිමුක්තිකා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

22. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඉන්ද්‍රීය පරෝපරියත්තේ ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

23. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සංකිලේස වොධාන ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

24. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පුබ්බේනිවාසානුස්සති ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

25. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දිබ්බචක්ඛු ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

26. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආසවඛ්‍ය ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

27. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පංච බලයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

28. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සද්ධා බලයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

29. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වීරිය බලයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

30. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සති බලයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

31. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සමාධි බලයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

32. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ප්‍රඥා බලයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

33. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අතීත සංසාරය දැනගත් ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

34. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනාගත සංසාරය දැනගත් ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

35. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වර්තමාන භවය පිළිබඳ දැනගත් ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

මේ ආදී අනන්ත ගුණයෙන් සමන්නාගත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා! මාගේ නමස්කාරය වේවා! මාගේ ජීවිතයද පූජා කරමි. පූජා වේවා!

සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ

සාධු! සාධු! සාධු!


පසුගිය සතියෙන් - බුදු ගුණ භාවනාව

 

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය පෙබරවාරි මස 25 වැනි දා බදාදා පූර්වභාග 10.54 ට ලබයි. 26 වැනි දා බ්‍රහස්පතින්දා පූර්වභාග 10.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 25 වැනිදා බදාදාය.

මීළඟ පෝය
මාර්තු 05 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 28

Full Moonපසෙලාස්වක

මාර්තු 05

Second Quarterඅව අටවක

මාර්තු 13

Full Moonඅමාවක

මාර්තු 20


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]