UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 


වෙසක් මංගල්‍යය වෙනුවෙන් කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ දී පැවැති ආගමික උත්සවයට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගි වූ අයුරු සහ එහිදී එතුමාගේ සුරතින් ධාතු කරඬුව වැඩමවු අයුරු සහ විහාරස්ථ බෝධි ප්‍රාකාරය විවෘත කිරීමෙන් අනතුරුව පුෂ්ප පූජාව සිදුකළ අවස්ථාව. සම්බෝධි විහාරාධිපති ‘බෞද්ධයා’ මාධ්‍ය ජාලයේ සභාපති
දරණාගම කුසලධම්ම හිමියෝද මෙහි වෙති

පොසොන් පොහොය නිමිත්තෙන් මිහින්තලා පුදබිමට පැමිණෙන පාසල් දරුවන් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කරන පොසොන් මහා පොත් දන්සල වෙනුවෙන් පොත් පරිත්‍යාග කිරීම ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පසුගිය 04 වැනි දා සිදු කෙරිණි. ජනාධිපතිවරයා අතින් පොත් කට්ටලයක් අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන මහතාට බාරදුන් අයුරු. රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් තිස්ස හේවාවිතාන මහත්වරු හා ආරක්‍ෂක අංශ ප්‍රධානීහු ද එම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායා - නිශ්ශංක දසිල්වා

මිහින්තලා රජමහ විහාරස්ථානයේ අලුතින් ඉදි කෙරෙන දෙමහල් ධර්ම මන්දිරය සඳහා මුල්ගල තැබීම පසුගිය 01 වැනිදා පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මිහින්තලා රජමහ විහාරාධිපති වළවාහැංගුණු වැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැති එම අවස්ථාවට ඇමැතිවරුන් වන සුසිල් ප්‍රේම්ජයන්ත, එස්.එම්. චන්ද්‍රසේන, උතුරුමැද පළාත් ප්‍රධාන ඇමැති එස්.එම්. රංජිත් සමරකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රී, ශෙහාන් සේමසිංහ, පළාත් සෞඛ්‍ය ඇමැති එච්.බී. සේමසිංහ යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයෝද, අනුරාධපුර දිසාපති මහින්ද සෙනෙවිරත්න, පළාත් ප්‍රධාන ලේකම් එච්.එම්.ආර්.බී. හේරත්, ලේක්හවුස් ආයතනයේ අලෙවි හා ශාඛා කාර්යාල ප්‍රධානි සුනිල් සෙන්දනායක යන මහත්වරු ඇතුළු නිලධාරීන් රැසක් ඒ සඳහා එක්ව සිටි අයුරු. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත ඉහළමළුවේ මෙය ඉදි කෙරේ.
ඡායා-අමිල ප්‍රභාත් වනසිංහ, කිත්සිරි වනසිංහ

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) මඟින් පනස් දෙවන වරටත් පවත්වන මිහින්තලා ආලෝක පූජාවට සමගාමීව මෙවරත්, දහම් පාසල් දූ දරුවන් සහ දහම් පාසල් ගුරු භවතුන් සඳහා සිල් රෙදි ප්‍රදානය කිරීම පසුගියදා මිහින්තලා රජමහා විහාරස්ථානයේ ඉහළ මළුවේදී සිදු කෙරිණි.
එම සිල් රෙදි ප්‍රදානය සඳහා මහා භාරකාර දෙපාර්තමේන්තුව අනුග්‍රාහකත්වය දක්වනු ලැබේ. මෙහිදී මිහින්තලය ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ දහම් පාසල් දූ දරුවන් හත්සිය පනස් දෙනෙකුට සහ ගුරු භවතුන් දෙසිය පනස් දෙනෙකුට සිල් රෙදි ප්‍රදානය කිරීම සිදුවිය. පොසොන් පොහොය දින සිල් සමාදන් වන දූ දරුවන් හා ගුරු භවතුන්හට හීල් දානය සහ දවල් දානය ද ලේක්හවුස් ආයතනය මඟින් ලබා දීමට ද කටයුතු යොදා ඇත. මිහින්තලා රජමහා විහාරාධිපති වළවාහැංගුණු වැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වය ඇතිව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම අවස්ථාවට, ඇමැතිවරුන්වන සුසිල් ප්‍රේමජයන්ත, එස්.එම්. චන්ද්‍රසේන, උතුරුමැද පළාත් ප්‍රධාන ඇමැති එස්.එම්. රංජිත් සමරකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ, පළාත් සෞඛ්‍ය ඇමැති එච්.බී. සේමසිංහ යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයින්ද අනුරාධපුර දිසාපති මහින්ද සෙනවිරත්න, ලේක්හවුස් ආයතනයේ අලෙවි හා ශාඛා කාර්යාල ප්‍රධානි සුනිල් සෙන්දනායක, පළාත් ප්‍රධාන ලේකම් එච්.එම්. ආර්.බී. හේරත් යන මහත්වරු ඇතුළු නිලධාරීන් රැසක් මෙම පුණ්‍ය උත්සවය සඳහා සහභාගි වූහ. ලේක්හවුස් ආයතනයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර, ලේක්හවුස් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ හා ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් උපුල් දිසානායක මහත්වරුන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ මෙහෙයවීම මත මෙය සිදු කළහ

කිත්සිරි වනසිංහ, අමිල ප්‍රභාත් වනසිංහ සහ
හිදෝගම සමූහ, මිහින්තලේ සමූහ.

 
 

පොසොන්
පසළොස්වක පෝය

පොසොන් පසළොස්වක පෝය ජූනි මස 12 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 12.25 ට ලබයි. 13 වැනි දා සිකුරාදා පූර්වභාග 09.41 දක්වා පෝය පවතී.සිල් සමාදන් වීම ජූනි මස 12 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ජූනි 19 වැනි දා බ්‍රහස්පතින්දාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 12

Second Quarterඅව අටවක

ජූනි 19

Full Moonඅමාවක

ජූනි 26

First Quarterපුර අටවක

ජූලි 05


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]