UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

පොසොන් පුර පසළොස්වක 2014 ජුනි 12 වනදා බ්‍රහස්පතින්දා

අනුබුදු මිහිඳු මා හිමියන්ට උපහාර

අද පොසොන් පුර පසළොස්වක පොහොය දවසයි. වෙසක් පුර පසළොස්වක දිනය සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පරම පූජනීය වූ ආගමික දිනයයි.පොසොන් පුර පසළොස්වක දිනය අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ අසිරිමත් ලංකා ගමනය සිදු වූ ඓතිහාසික දවසයි. ඒ නිසාම ලක්වැසි බෞද්ධයන් වෙත වෙසක්පුර පසළොස්වක ගෙවීයත්ම උදාවූ පොසොන් පුර පසළොස්වක ශ්‍රේෂ්ඨතම ආගමික දිනය වන්නේ ය.බෞද්ධයා කවදත් කෘතගුණ දැක්වීමට දක්වනුයේ ඉමහත් කැමැත්තකි.

ඊට හේතුව නම් බුදුරජාණන් වහන්සේ විසින් ආදර්ශයෙන් මුලින් ම ලොවට පෙන්නුම් කළේ කළගුණ සැලකීමෙහි ඇති වටිනාකම පිළිබඳවය. බුදුසිරිතෙන් එවන් උතුම් ආභාෂයක් ලබා සිටින බෞද්ධ ජනතාවට කළගුණ සැලකීම පිළිබඳව දැනුම්වත් කිරීම අවශ්‍ය නොවේ.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන ධර්ම දුත පිරිස සිරිලකට වැඩම කළ ඓතිහාසික පුවත උන්වහන්සේ මෙරටට වැඩම කර වසර 2321 ක් ගතවුවද අද පවා මහත් ගෞරවයෙන් අනුස්මරණ කරනුයේ අනුබුදු මා හිමි ශ්‍රී නාමයට කෘතෝපහාර දැක්වීමටය.ඓතිහාසික අම්බස්ථලය මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩම කිරීමෙන් ‘මිහින්තලාව‘ නම්වූ අතර දේවානම්පියතිස්ස මහරජතුමා ප්‍රමුඛ මෙරට රාජ නාමාවලියේ බොහෝ රජවරුන් මිහින්තලාව කේන්ද්‍ර කර ගනිමින් මෙහෙවර රැසක් ඉටු කර ඇත.

මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට රැගෙන ආ සම්බුද්ධ ධර්මදායාදය රජු ඇතුළු රාජකීය පිරිස එක හෙළාම අනුගමනය කිරීමෙන් දහම් මඟට පිවිස රට, දැය, සමය වෙනුවෙන් හෙළ රජදරුවන් යුග මෙහෙවර සිදු කර ඇත.

මිහින්තලා රජමහා විහාරාධිපති වළවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන් පවසන අයුරින් මෑත යුගයේ ගෙවී ගිය දෙවසරක කාලයක් තුළ මිහින්තලා පුදබිම වෙනුවෙන් රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සිදු කර ඇත්තේ අප්‍රමාණ සේවාවකි. ඒ බව විහාරාධිපති හිමියෝ කෘතවේදීව අගය කරමින් සැමට පින්පෙත් ද පතනු ලැබේ. ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාවේ පනස් දෙවන සංවත්සරයද මෙම පොසොන් පෝයට යෙදී ඇත.

අඩ සියවසකට අධික කාලයක් එවන් උතුම් පූජාවක් මෙරට පත්තර මහ ගෙදරින් සිදු කරමින් පත්තර මහගෙදර ආගමික කටයුතු සඳහා දක්වන උනන්දුව ද එමඟින් පසක් කරදෙනු ලැබේ. ලංකා විදුලිබල මණ්ඩලයේ සම අනුග්‍රහයෙන් අබාන්ස් ආයතනයේ සැදැහැති දායකත්වයෙන් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම එසේ සිදු කරනු ලබන ආගමික මෙහෙවර මෙරට ජනතාවගේ ඉමහත් ගෞරවයට සදා පාත්‍රව පවතී. එමෙන්ම සතර පොහොයටම මෙරට නිකුත් වෙන සාරධර්ම සංග්‍රහය ධර්ම භාණ්ඩාගාරය ලෙස ප්‍රචලිත බුදුසරණ පුවත්පත 4 වන වසරට මෙම පොසොන් පෝදා පා තැබීම සුවිශේෂී සිද්ධියකි.මෙරට බෞද්ධ ජනතාවගේ දහම් පවස නිවන්නට බුදුසරණ කර ඇති මෙහෙවර අගනේ ය. ලක්‍ෂ සංඛ්‍යාත පාඨක පිරිසක් ‘බුදුසරණ’ හදවතින්ම පිළිගනු ලබන්නේ ලෞකික ලෝකෝත්තර උභය දියුණුවම ‘බුදුසරණ’ කියැවීමෙන් හිමිවන හෙයිනි. හැම පන්සලකම හැම දහම් පාසලකම බොහෝ බෞද්ධ ගෘහයන් තුළද බුදුසරණ කියවා එය වටිනා ධර්ම පුස්ථක මෙන් ඒකරාශී කරන බවද ප්‍රශංසාවෙන් අගය කළයුතු කරුණකි.

‘බුදුසරණ’ ට මෙරට ගිහි පැවිදි සම්භාවනීය උතුමන්ගෙන් පවා එම සුවිශේෂී ගෞරවය නොඅඩුව හිමිවන බවද සඳහන් කළ යුතු ය.මිහින්තලා රජමහා විහාරයෙන් එළිදුටු ‘බුදුසරණ’ ගෙවී ගිය 48 වසරක් පුරා ඉතා සාර්ථක ගමනක් පැමිණි හෙයින්ම ගිහි පැවිදි ලක්‍ෂ සංඛ්‍යාත පාඨක පිරිස ඇළුම් කරන ධර්ම සංග්‍රහයකි. මිහින්තලා පුදබිමේ දී පත්තර මහ ගෙදර මඟින් සිදුකරන ආලෝක පූජාව තෙදිනක් පුරා සිදු කෙරේ. එම සියලු පූජාවන් අනුබුදු මිහිඳුමාහිමි ශ්‍රී නාමයට උපහාරයක් ම වේවා!.

 

පොසොන්
පසළොස්වක පෝය

පොසොන් පසළොස්වක පෝය ජූනි මස 12 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 12.25 ට ලබයි. 13 වැනි දා සිකුරාදා පූර්වභාග 09.41 දක්වා පෝය පවතී.සිල් සමාදන් වීම ජූනි මස 12 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ජූනි 19 වැනි දා බ්‍රහස්පතින්දාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 12

Second Quarterඅව අටවක

ජූනි 19

Full Moonඅමාවක

ජූනි 26

First Quarterපුර අටවක

ජූලි 05


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]