UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිහිට පතයි

පිහිට පතයි

28/බී, සංඝමිත්තා මාවත, මුඟුරුගම්පල, මීරිගම පදිංචි (36) එස්. සමන් රූපසිංහ මහතා පෙනහැල්ලේ පිළිකාවක් සෑදී මහරගම රෝහලෙන් ප්‍රතිකාර ගනිමින් සිටී. වෘත්තියෙන් කරණවෑමියෙකු වන මොහු දෙදරු පියෙකි. රැකියාවෙන් හැර ඔවුනට වෙනත් ආදායම් මාර්ගයක් නොමැත. මේ වන විට ඔවුන් ඉතා දැඩි අසරණ තත්ත්වයට පත් වී ඇති අතර මීරිගම මහජන බැංකුවේ 198 – 2 – 001 – 1 – 4465946 (එස්.සමන් රූපසිංහ) දරන ගිණුම් අංකයට ඔබගේ ආධාර බැර කළ හැකිය. වැඩි විස්තර සඳහා 077 9867787, 071 5966111 යන දුරකථන අංකයෙන් විමසිය හැකි ය.


මුල්ලේරියාව රාජසිංහ මාවත, අංක 435/3 හි පදිංචි ජී.පී. ඉන්දුමතී මේ වනවිට දරුණු වකුගඩු රෝගයකින් පීඩා විඳිමින් සිටී. ඇයට ඕ හෝ ඒ වකුගඩුවක් ඉක්මණින් බද්ධ කිරීමට අවශ්‍ය බව කොළඹ ජාතික රෝහලේ විශේෂ වෛද්‍ය එරංග විජේවික්‍රම මහතා නිර්දේශ කර ඇත. වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේනම් දුරකතන අංක 0715776888 – 0773388227 දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කරයි.


බණ්ඩාරගම වෙනිවැල්පිටිය, හල්තොට පදිංචි ඇන්.කේ.සුනිල් ශාන්ත දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන හෙයින් “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළයුතු බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය නදීකා කේ. රත්නමලල මිය නිර්දේශ කර ඇත.

ඔහුට අවශ්‍ය “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පින්වතකු වේ නම් එය ඉටු කර දෙන ලෙසත් රෝගී ඔහුට මුදල් අවශ්‍යතා ද පවතින හෙයින් ඒ සඳහා පරිත්‍යාගයක් කිරීමට කැමැති පින්වතකු වේ නම් හොරණ ලංකා බැංකුවේ 816864 යන ගිණුම් අංකයට බැර කරන ලෙසත් ඉල්ලා සිටියි. 0344916495, 071 7652006, 0342269867, 077 4541961 දුරකථනයන්ගෙන් වැඩි විස්තර විමසිය හැක.


කන්තලේ, ගල්මැටියාව, 97 පෙදෙස හි පදිංචි නදීශානි ලක්‍ෂිකා (අවු. 06) දරුවා ලියුකේමියා රෝගයෙන් පීඩා විඳී. ඇය නිට්ටාවටම සුවකිරීමට නම් ඇයට ඇටමිදුලු බද්ධ කිරීමට සිදු කිරීමට අවශ්‍ය බව ඇයගේ වෛද්‍යවරිය දන්වා ඇත.

මෙම ශල්‍යකර්මය ලංකාවේ සිදුකළ නොහැකි බවත්, විදේශ රටක සිදු කිරීමට අධික මුදලක් වැය වන බවත් දන්වයි. එසේ එහෙයින් ඔබගේ ආධාර ඇයගේ මාපියන් බලාපොරොත්තු වේ. කන්තලේ ලංකා බැංකුවේ ගිණුම් අංක 5265418 (ඊ.එම්.බණ්ඩාර මැණිකේ) බැර කළ හැකියි. වැඩි විස්තර දුරකථන 0776230091 විමසිය හැක


අසාධ්‍ය රෝගියෙකුට “ඒ පොසිටිව්” වකුගඩුවක් අවශ්‍යව ඇත. පරිත්‍යාගශීලියෙකු වේ නම් දුරකථන 0777 319728, 0112 572986 දන්වන ලෙස ඉල්ලීමක් කරයි.


ජේ.එම්.තුසිත වසන්ත කුමාර යන අය (අවුරුදු 33 ) වසර ගණනක් පටන් වකුගඩු රෝගයෙන් පෙළේ. කෝට්ටේ ජයවර්ධනපුර රෝහලේ වෛද්‍ය චූලා හේරත් මහතා පවසා ඇත්තේ හැකි ඉක්මණින් “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවයි. “ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේ නම් 0771943120, 0777 343870 දුරකථනයෙන් විමසිය හැක.

 

පොසොන්
පසළොස්වක පෝය

පොසොන් පසළොස්වක පෝය ජූනි මස 12 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 12.25 ට ලබයි. 13 වැනි දා සිකුරාදා පූර්වභාග 09.41 දක්වා පෝය පවතී.සිල් සමාදන් වීම ජූනි මස 12 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ජූනි 19 වැනි දා බ්‍රහස්පතින්දාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 12

Second Quarterඅව අටවක

ජූනි 19

Full Moonඅමාවක

ජූනි 26

First Quarterපුර අටවක

ජූලි 05


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]