UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුරාධපුර ස්වර්ණමාලි දන්වැට

අනුරාධපුර ස්වර්ණමාලි දන්වැට

යුද්ධය ජයගෙන රට වේගවත් සංවර්ධනයකට යොමු කළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමේ අරමුණෙන් එස්.එම්.චන්ද්‍රසේන පදනම විසින් අනුරාධපුර රුවන්වැලි චෛත්‍ය අභියස දොළොස් මහේ ස්වර්ණමාලි දන්වැට (මහ බත් දන්සල) අරඹන ලදී.

අටමස්ථානාධිපති අචාර්ය පල්ලේගම සිිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේත්,රුවන්වැලි චෛත්‍ය රාමාධිපති පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේගේත් පූර්ණ ආශිර්වාද මත එස්.එම්. චන්ද්‍රසේන පදනම විසින් ස්වර්ණමාලි දන්සල කමිටු සභාපති විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාත් සම සභාපති උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා ගේත් මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය , සිවිල් ආරක්‍ෂක බලකාය විසින් දන්සල පවත්වාගෙන යෑම සඳහා රුපියල් පනස් ලක්‍ෂයක් පමණ වටිනා ඉතා දර්ශනීය දාන ශාලාවක් ඉදි කරනු ලැබූ අතර ඒ සඳහා වසර තුනකට ආසන්න කාලයක් පවත්වාගෙන යනු ලබන අඛණ්ඩ දන්සල සඳහා රජයේ මුදල් වැය නොකැරේ.

රාජ්‍ය ආයතනවලට සම්බන්ධ සමිති සංවිධාන,බෞද්ධ, හින්දු, ඉස්ලාම් ,කතෝලික, ආගමික සමිති සංවිධාන ජනාධිපතිතුමා ප්‍රමුඛ මැති ඇමතිවරු ප්‍රාදේශීය සභා උසස් රාජ්‍ය නිලධාරීන් භික්‍ෂූන් වහන්සේ අන්‍ය ආගමික පූජකවරු දානපතියන් හා පරිත්‍යාගශීලින් විසින් ස්වර්ණමාලි දන්සල සඳහා අඛණ්ඩව දන් දීමට ඉදිරිපත් වේ. දිනපතා නිර්මාංශ දිවා ආහාර වේලකි. ඉතා පිරිසුදුවත් සෞඛ්‍ය සම්පන්නවත් ලබා දීමට එස්.එම්. චන්ද්‍රසේන පදනම හා දන්සල් කමිටුව විසින් පියවර ගෙන තිබේ.

සතියේ සාමාන්‍ය දිනයක 1500- 2000 ත් අතර අටමස්ථාන වන්දනාවේ පැමිණෙන බැතිමතුන් මෙම දන්සැලෙන් දිවා ආහාරය ලබා ගනිති. එක් දිනයක් සඳහා රුපියල් 40,000 ත් 60,000 ත් අතර මුදලක් මේ සඳහා වැයවේ. සති අන්තයේ සෙනසුරාදා ඉරිදා හා විශේෂ නිවාඩු දිනයන්හි 2500 3500 ත් අතර පිරිසක් දන් වළඳනා අතර එවැනි දිනයක සාමාන්‍ය වියදම රුපියල් ලක්‍ෂයක් පමණ වේ. පසළොස්වක පොහෝ දිනයන්හි අටසිල් සමාදන් වන උපාසක උපාසිකාවන්ද වන්දනාකරුවන්ද සඳහා දන් ලබාදීම සිදුකැරෙන අතර එවැනි දිනවල දන්සල් දෙන පින්වතුන් විසින් රුපියල් ලක්ෂයක් එක් ලක්ෂ පනස් දහසක් අතර මුදලක් වැය කරති. පොසොන් සති වලදි දහස් සංඛ්‍යාත පිරිසක් දන්සලෙන් දිවා ආහාරය ලබා ගන්නා අතර එම දිනවල රුපියල් තුන් හාර ලක්‍ෂය ඉක්ම වූ මුදලක් වැයවේ.

ස්වර්ණමාලි දන්වැට පවත්වාගෙන යෑම සඳහා මුදල් කිසිසේත්ම බාර නොගනී. දන් දෙන්නන් විසින් සහල්, එළවළු, තුනපහ ආදිය රැගෙන ආ යුතු අතර ගෑස් ආදි පහසුකම්ද සපයා ගත යුතුය. දන් සැකසීම සඳහා සිවිල් ආරක්‍ෂක බලකායේ නිලධාරින් විසි දෙනකු පමණ සිටින අතර ඔවුන් හා එක්ව දන්දීමට පැමිණෙන පිරිස ආහාර සැකසීමට කටයුතු කරති.

යම් හෙයකින් දන් දීමට දින වෙන් කැර ගත් සංවිධානයකට හෝ පුද්ගලයකුට එදින දන් දීමට පැමිණිය නොහැකි වුවහොත් විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වූ ශාන්ති චන්ද්‍රසේන මහත්මිය එදින තම වියදමෙන් දානය ලබාදීම ඉතා විශේෂ සිද්ධියකි.

මෙම දන්සලෙන් දන් වළඳනා ඇතැම් විදේශීය සංචාරකයන් පවසන්නේ ලොව කිසිඳු රටක මෙසේ නොමිළයේ කෑම නොලැබෙන බවය.

 

පොසොන්
පසළොස්වක පෝය

පොසොන් පසළොස්වක පෝය ජූනි මස 12 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 12.25 ට ලබයි. 13 වැනි දා සිකුරාදා පූර්වභාග 09.41 දක්වා පෝය පවතී.සිල් සමාදන් වීම ජූනි මස 12 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ජූනි 19 වැනි දා බ්‍රහස්පතින්දාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 12

Second Quarterඅව අටවක

ජූනි 19

Full Moonඅමාවක

ජූනි 26

First Quarterපුර අටවක

ජූලි 05


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]