UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජාතික පොසොන් උළෙල

ජාතික පොසොන් උළෙල

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් යන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් ඓතිහාසික අනුරාධපුරය, මිහින්තලය සහ තන්තිරිමලය යන පූජාභූමි කේන්ද්‍ර කරගෙන පවත්වනු ලබන මෙවර ජාතික පොසොන් උළෙල සඳහා මෙවර සතර දෙසින් ලක්‍ෂ දහසය (16) ක පමණ දෙස් විදෙස් බැතිමතුන් මෙම පූජනීය ස්ථානවලට පැමිණෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

ජූනි මස 09 දින සිට 15 වන දින දක්වා පොසොන් සතිය ලෙස නම් කර ඇති අතර එම කාල සීමාව තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම සුරාසැල් හා මස්කඩ වසා තබන ලෙසට පොසොන් උත්සව කමිටුව ඉල්ලීමක් කර ඇත.

එසේම අනුරාධපුරය ඇතුළු පූජාභූමි තුළට පොලිතින් හා සංගීත භාණ්ඩ ගෙනඒමත් මහමෙවුනා උයනේ ගස්යට ගිනිදැල් වීම් නොකරන ලෙස අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් විශේෂ ඉල්ලීමක් කර ඇත.

මහා බෝ සමිඳුන් ප්‍රධාන අටමස්ථානයට අයත් සියලුම පූජනීය ස්ථානවල මෙන්ම මිහින්තලය තන්තිරිමලය වැනි ප්‍රධාන පූජනීය ස්ථාන වල දාන ශීල භාවනා ඇතුළු ආගමික වැඩසටහන් දවස පුරා පැවැත්වේ.

සෑම පොසොන් උත්සවයක දී මෙන්ම මෙවරද අටමස්ථානාධිපති නා හිමියන්ගේ අනුශාසනා මත මහමෙවුනා උයනේ සති පිරිත් පින්කම ද පැවැත්වේ.ජූනි නව (09) වන දින ඉසුරුමුණිය රජමහ විහාරස්ථානය අභියසින් පටන් ගන්නා පැන් පෙරහර මහමෙවුනා උයනේ පිරිත් මණ්ඩපය දක්වා පැමිණ මහා පැන් පූජාව පවත්වනු ඇත.

දහවන (10) දින සිට 14 දක්වා පිරිත් දේශනාව පවත්වා 15 දින සූත්‍ර දේශනාවද 16 දින දොරකඩ අස්න දේශනාවද පවත්වා පසුදින (17) දහවල් දානමය පින්කමෙන් සති පිරිත් දේශනාව අවසන් වේ.

මෙවර විශේෂ ආලෝක පූජාවන් සංවිධානය කර ඇත. ඒ අනුව ශ්‍රී මහා බෝධි මාවතේ ආලෝක පූජාව අනුරාධපුර මහනගර සභාවේ අනුග්‍රහයෙන් ද, රුවන්මැලි මහ සෑ දන්සැල් ප්‍රදේශය පෙත් මඟ ආලෝක පූජාව උතුරු මැද පළාත් සභාවෙන්ද, රුවන්මැලි සෑ මළුව ජේතවනාරාමය, අභයගිරිය, ලංකාරාමය, මිරිසවැටිය, ආලෝක පූජාව ලක් දනව් ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වේ.

මිහින්තලා මහා ආලෝක පූජාව සුපුරුදු පරිදි ලේක්හවුස් ආයතනයේ හා ලංකා විදුලිබල මණ්ඩලයේ අනුග්‍රහයෙන් පැවැත්වේ. ඉසුරුමුණිය ආලෝක පූජාව පරාක්‍රම ඉලෙක්ට්‍රිකල් අනුග්‍රහයෙන් පෙත්මග ආලෝකය ලංකා විදුලිබල මණ්ඩලයේ අනුග්‍රහයෙන් පැවැත්වේ.

අනුරාධපුර – මිහින්තලය සහ තන්තිරිමලය යන ප්‍රදේශවලට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්‍ෂාව සඳහා ශ්‍රී ලංකා ජීවිතාරක්‍ෂක සේවා සංගමය, ශ්‍රී ලංකා පොලීසිය, නාවුක හමුදා ඒකාබද්ධව ඒධ්ඒ රක්‍ෂණ සමාගමේ දායකත්වයෙන් සිදු කරනු ඇත. අනුරාධපුර මහ නගර සභාවේ හා අදාළ ප්‍රාදේශීය සභාවන් මඟින් හදිසි ගිනි නිවීමේ කටයුතු වලට දවසේ 24 පැයක තුළම සූදානමින් තබනු ඇත.

පොසොන් උත්සවයට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් රුවන්මැලි සෑය අභියස එස්.එම්. චන්ද්‍රසේන පදනමේ දොළොස් මහේ මහා බත් දන්සල ද ජාතික රණවිරු සේවා අධිකාරි උතුරු මැද පළාත් කාර්යාලය සංවිධානය කරන දානමය පින්කම හා මහා බත්දන්සැල තිස් දහසක් (30000) වෙනුවෙන් පැවැත්වේ.මෙයට අමතරව 12 වන දින උදේ හීල්දානය මහජන බැංකුවේ අනුග්‍රහය මත බැතිමතුන් විසිපන් දහසක් ( 25000) වෙනුවෙන් ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස පරිශ්‍රයේදී පිරිනමනු ඇත.

මහජන බැංකුව අනුග්‍රහය දක්වන පණ්ඩිත් අමරදේව, නන්දාමාලනී, ටී.එම්. ජයරත්න, සුනිල් එදිරිසිංහ, අමරසිරි පීරිස් හා ජානක වික්‍රමසිංහ යන ශිල්පීන්ගේ බොදු බැති ගී සංදර්ශනය රුවන්මැලි මහ සෑය අභියසදී පැවැත්වේ.

බැතිමතුන්ගේ පානීය ජල අවශ්‍යතා වෙනුවෙන් මහ දිසාපති මහින්ද සෙනෙවිරත්න මහතාගේ යෝජනාවකට අනුව ජල කණු තුන්සිය අනූහතර (394) ක් සවිකරනු ඇත.එසේම හදිසි අවස්ථාවන් වෙනුවෙන් අනුරාධපුර පැරැණි රෝහල පැය 24 පුරාම මෙම දිනවල විවෘතව තබනු ඇත. තවද විමසුම් කාර්යාල මහමෙවුනා උයනේ සාරානන්ද පිරිවෙන පිටුපස, මිරිසවැටිය චෛත්‍ය ඉදිරිපිට, ශ්‍රී මහා බෝධි මළු හා ථූපාරාම චෛත්‍ය අභියස පිහිටුවනු ඇත.

මෙයට සමගාමීව සඳහිරු සෑයේ නිදන්වස්තු 12 දින ජනාධිපතිතුමා අතින් තැන්පත් කිරීමද, කේශධාතු ප්‍රදර්ශනයද මුචලින්ද නාග දරන ප්‍රදර්ශනයද ඇතුළුව යුද හමුදා හේවිසි පූජාවක් විශේෂයෙන් පැවැත්වේ.

ජේතවනාරාමය, ථූපාරාමය යන විහාරස්ථාන වල දාන ශීල භාවනා වැඩසටහන් ඇතුළු සියලුම වෙහෙර විහාරස්ථාන වල දවස පුරා ආගමික වැඩසටහන් පැවැත්වේ.ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස පුන් පොහෝදින ධර්මානුශාසනාව දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්මියගේ අනුග්‍රහයෙන් පැවැත්වේ.

මෙවර පොසොන් උළෙලට පැමිණෙන සෑම සියලු දෙනා සාදරයෙන් පිළිගන්නා බවත් ඒ සැමට නිදහසේ වැඳ පුදා ගැනීමට පහසුකම් සැපයීම කිසිදු අඩුවකින් තොරව සැලසුම් කර ඇතැයි පොසොන් උත්සව කමිටුවේ සභාපති අනුරාධපුර මහදිසාපති මහින්ද සෙනෙවිරත්න මහතා පවසයි.

 

පොසොන්
පසළොස්වක පෝය

පොසොන් පසළොස්වක පෝය ජූනි මස 12 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 12.25 ට ලබයි. 13 වැනි දා සිකුරාදා පූර්වභාග 09.41 දක්වා පෝය පවතී.සිල් සමාදන් වීම ජූනි මස 12 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ජූනි 19 වැනි දා බ්‍රහස්පතින්දාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 12

Second Quarterඅව අටවක

ජූනි 19

Full Moonඅමාවක

ජූනි 26

First Quarterපුර අටවක

ජූලි 05


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]