UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහිඳු මාහිමි දේශනා අනුගමනය කරමු

මිහිඳු මාහිමි දේශනා අනුගමනය කරමු

පොසොන් උදාවත් සමඟම අපට මුවඟට නැගෙන්නේ මිහින්තලාවයි. මිහිඳු හිමියන් එදා සිරිලට වැඩම කර දහම් වදාළ ගල්තලාව මිහින්තලාව නමින් අප හඳුන්වනවා. අඹ ගස් වලින් සමන්විත මේ කඳු ගැටය අද ගල් තලාවක් වී තිබුණේ එදා අඹගස්වලින් පිරුණ මේ ස්ථානය අම්බස්ථලය නමින් හැඳින්වුණා. මිහිඳු මහ රහතන් වහන්සේ වසර 2322 ට පෙර මේ අම්බස්ථලයට වැඩම කර වදාළේ ඍද්ධි බලයෙන් බවත් ඉතා පැහැදිලියි.

උන්වහන්සේ පමණක් නොව සෙසු පිරිසද ඒ අයුරින්ම වැඩම කළ බවත් පෙනෙන්නට තිබෙනවා. උන්වහන්සේ මෙරටට වැඩම කිරීමට පෙර ‘වේදිසාවේ’ සිට , විශේෂයෙන්ම නාවිකයන්ගෙන් මෙරට ගැන තොරතුරු විමසා දැන ගත් බව පැවසෙනවා. මෙහිදී හෙළබස පිළිබඳව අධ්‍යයනයක උන්වහන්සේ නිරත වූ බවත් පැහැදිලියි. උන් වහන්සේ ශ්‍රී ලංකාව සම්බන්ධව මෙසේ තොරතුරු සොයා බලන සමයේ මෙරට රජ කළේ මුටසීව රජතුමාය. මේ නිසා මුටසීව රජුගෙන් පසු දේවානම්පියතිස්ස රජු පැමිණීමෙන් පසු ධර්ම ප්‍රචාරය පිණිස උන්වහන්සේ මෙරටට වැඩම කළා.

වසර 2322 කට පෙර ලක්දිවට වැඩම කළ උන්වහන්සේ විසින් ලක්වාසීන්ට ලබා දුන් දහම් පණිවුඩය අගය කරමින් එය සිහිපත් කරමින් සියලු ලක්වාසීන් අනුබුදු මිහිඳු හිමියන් සමරනවා. අප වඩාත් කල්පනා කළ යුත්තේ අනුබුදු මිහිඳු හිමියන් අද ලක්දිවට වැඩම කළහොත් කුමක්වේද යන්නයි. එසේත් නැත්නම් වසර 2322 කට පසු යළිත් මිහිඳු හිමියන් මෙරටට වැඩම කළහොත් කුමන තත්ත්වයක් සිදුවේද? උන්වහන්සේ දෙසූ දහම අප අනුගමනය කරනවාද? අප නව මාවතකට යමින් එසේ සිතා බැලිය යුතුවනවා. අතීතය අමතක කර වර්තමානය පමණක් සොයා බැලීමක් හෝ අනාගතය දෙස පමණක් බැලීමක් හෝ එයින් අදහස් වන්නේ නැහැ. මෙයින් අප අදහස් කරන්නේ අද තිබෙන ගැටලු, සමාජීය විෂමතා ගැනයි. මිහිඳු මහ රහතන් වහන්සේ මෙරටට නැවත වැඩම කළහොත් අප සමාජය උන්වහන්සේ කෙසේ පිළි ගනීවිද? ඒ සඳහා පෙර ගමන් කරුවන් කවුරුන්වේද?

උන්වහන්සේ අද වැඩම කළහොත් උන්වහන්සේ එදා දේශනා කළ දහම අනුව අද පිරිස අනුගත වී නොමැති බව තේරුම් යනු ඇත. මේ නිසා නව ධර්මයක් දේශනා කළ යුතුවේද? එදා උන්වහන්සේගේ දේශනා තවදුරටත් අර්ථවත් වේද?

මිහිඳු මහ රහතන් වහන්සේ එදා දේශනා කළ ‘චුල්ල හත්ථි පදෝපම සූත්‍රය “අදට ගැලපේද? මහ විශාල හස්ථියා ඇස් දෙකින් දැක ‘මේ විශාලම හස්ථියා ‘ යැයි පෙන්වමින් අලි සම්පතින් අපට ලබා ගත හැකි ප්‍රයෝජන දේශනා කරනු ඇත. අලිමංකඩ හරස් කරන්න වුන් තම අඩුපාඩු වැරැදි නිවැරැදි කර ගනු ඇත. සමාජයේ මුදල පාදක කරගෙන සියල්ල මුදලට කළ හැකියැයි සිතන සමාජයට උන්වහන්සේගේ දහම මහගු උපකාරයක් වනු ඇත. අද සමාජයේ බරපතළම ඛේදවාචකය බවට පත්ව ඇත්තේ පව් පින් කෙරෙහි ඇති විශ්වාසය නොමැතිවීමයි. එනම් පරලොවක් ගැන නොසිතීමයි.

මරණින් පසුව සිදුවන්නේ කුමක්දැයි බොහෝ ලාංකිකයන්ට අද තේරුමක් නැහැ. ඔවුන්ට දැන ගැනීමට වුවමනාවක් නැති බවක්ද පෙනෙන්නට තිබෙනවා. කර්මය සහ කර්ම ඵල පිළිබඳ විශ්වාසය පසෙක ලා බොහෝ දෙනා කටයුතු කරනවා. උන්වහන්සේ එදා දේශනා කළ පේ‍්‍රතවත්ථු හා විමානවත්ථු, මඟින් පෙන්වා දුන්නේ අකුසල් නිසා දුගතිගාමී වන හැටි හා කුසල් කිරීමෙන් දෙව්ලොව යන ආකාරයයි.

මුවා පස්සේ ගිය දේවානම්පියතිස්ස රජුගේ තිබු ශ්‍රේෂ්ඨ ගුණාංග ගැන අපට මනා අවබෝධයක් ලබාගත හැකිය.

මුව දඩයමේ ගිය රජු තම දුනු ඊතල අතට ගත්තත් තණකොළ කමින් සිටි මුවා දැක ආහාර ගන්නා සතුන්ට විදීම නුසුදුසු බව මනසට වටහා ගත්තා. මිහිඳු හිමියන් මෙරටට වැඩම කිරීමට පෙර අපට මනා ශිෂ්ටාචාරයක් සංවිධානාත්මක ආගමක් නොතිබූ බව කියා සිටියද අදට වඩා ගුණදහම් පිරී තිබුණු බව රජුගේ ඒ ක්‍රියාවෙන් අපට වටහා ගන්න පුළුවන්. ආහාර ගත් පසු දුනු ඊතල සොළවා ශබ්ද කර මුවාට පැන යාමට (බේරීමට) අවස්ථාව ලබාදී පසුපසින් එළවාගෙන යාමටයි රජු කටයුතු කළේ. සැඟවී සිටි මුවා ඝාතනය කෙළේ නැහැ. අවස්ථාව තිබියදීත් මුවාට පැනයාමට අවස්ථාව ලබාදී දුවන සතා හඹායමින් දඩයම් කිරීමයි එදා සිදු කෙළේ. එහෙත් අද ඒ ප්‍රදේශයේම මරුවැල් සහිත තුවක්කු කැලයේ බැඳ තබනවා ‘මන්ද’ මඟින් උගුල් අටවා සතුන් ඝාතනය කරනවා. ඒ තරමට අද සමාජය පිරිහීමට ලක් වෙලා ,වල්මත් වෙලා. තලගොයකුටවත් වත්තකට ඒමට නොහැකි තරමට සමාජය පිරිහි ඇති බවක් අපට පෙනෙනවා.

අද අපේ යැයි දැක්වීමට හැකි දේට වඩා ආක්‍රමණික විදේශ දේට ගැත්තන් බවට අප පත්වෙලා අඹ ගස්වලට වඩා පිහිඹියා, යෝධ නිදිකුම්බා වැනි ශාක ගැන අපට කතා කරන්නට සිදුවෙලා අපෙ ජෙව විවිධත්වයට හානි පමුණුවන මත්ස්‍ය විශේෂ ගැන කතා කරන්නට සිදුවෙලා. දෙනියාය වගේ ප්‍රදේශවලට වැඩම කළහොත් ‘කටුපොල් වැනි’ ශාක මගින් ජල සම්පත් විනාශ වන බවට උන්වහන්සේට දේශනා කිරීමට සිදුවේවි.

අපේ රටට බලහත්කාරයෙන් ඇතුළු කර ඇති දේ සම්බන්ධයෙන් උන්වහන්සේ දැඩි සෝ කම්පාවට පත්වනු ඇත.

සොළොස් කුල ශිල්පීන් ඉන්දියාවෙන් ගෙන්වා මෙරට ජනතාවගේ සුබසිද්ධිය තකා උන්වහන්සේ විසින් කටයුතු කරන ලද්දේ මෙරට ජනතාවගේ සහ භූමියේ සුරක්ෂිතතාවය සුරකිමිනි. එදා සුවිසල් මැදුරු ඉදිකළ පරාක්‍රමබාහු වැනි රජවරුන් ඒ සියල්ල තනන ලද්දේ පසුව මහපොළවටම දිරා යන සම්පත් භාවිතා කරමින්. එහෙත් භාවිතා කරන නොදිරන මහ පොළව පිළි නොගන්නා බොහෝ දේ අපට විශාල හානියක් වන බව බොහෝ දෙනා දැන දැනත් සිදු කරන විපත්තිය ගැන මිහිඳු හිමියන් දැඩිව අවධානය යොමු කරනු ඇත. උන්වහන්සේ අපට ලබා දුන්නේ ‘මහ පොළව බාර නොගන්නා කිසිවෙක් නුඹලා මහ පොළොවේ නොහෙලිය යුතුයි යන උපදේශයයි.

එහෙත් අප භාවිතා කරන පොලිතින් කවරයක් දිරායාම ආරම්භ වීමට වසර දෙසීයකට අධික කාලයක් ගතවනවා. මේ ආදි ක්‍රියා නිසා ඕසෝන් වියනට හානි සිදුවනවා. පාරිසරිකව සිදුවන මේ හානි උන්වහන්සේ අතීතයේ සිටම දුටු නිසයි. බුදු දහම හා පරිසරය එකට බද්ධ කරමින් දේශනා කරන ලද්දේ. බුදුරජාණන් වහන්සේ විසින් ‘ආරාම රෝපා.....වන රෝපා..යනුවෙන් දේශනා කරන ලද දහම් කරුණු ඔස්සේ යමින් මිහිඳු මහරහතන් වහන්සේද ලක් වැසියන්ට දේශනා කරනලද ධර්මය නැතිව ගොස් ඇති සේය.

මේ නිසා මිහිඳු මහ රහතන් වහන්සේ අද වැඩම කළහොත් උන්වහන්සේ දේශනා කළ ධර්මය නොඅදහන බව උන්වහන්සේට දැක ගැනීමට හැකිවනු ඇත. ඇළ දොළ ගංගා පරිසරය ඇතැමුන් අපවිත්‍ර කරමින් සිදු කරන විනාශය ගැන උන් වහන්සේ දැඩි ලෙසින් කම්පා වනු ඇත. ලංකාවාසීන්ට වැසිකිළි හා කැසිකිලි සංකල්පය හඳුන්වා දුන්නේ උන්වහන්සේ විසිනි. වැසිකිළිය මල පහ කිරීමටත් කැසිකිළිය සුළුදිය පහ කිරීමටත් වෙන් වශයෙන් හඳුන්වා දුන්නේ උන් වහන්සේ විසින් එසේ සිදු කරනු ලැබුවේද මල සමඟ සිටින කුඩා පනුවන් සුළුදිය සමඟ ඇති රසායනික සංයෝග මගින් විනාශවීමට ඇති ඉඩකඩ වළකවාලනු පිණිසයි. අවිහිංසාවේ පරම සත්‍යය කරා අප ගමන් කෙළේ ඒ ආකාරයටයි. එහෙත් අපට සිදුවී ඇති විනාශය හා ඉන් ගොඩ ඒමට ඇති මඟක්ද අද මිහිඳු හිමියන්ගේ දැක්මක් ලෙසින් ගෙන හැර පෑමට හැකිය.

 

පොසොන්
පසළොස්වක පෝය

පොසොන් පසළොස්වක පෝය ජූනි මස 12 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 12.25 ට ලබයි. 13 වැනි දා සිකුරාදා පූර්වභාග 09.41 දක්වා පෝය පවතී.සිල් සමාදන් වීම ජූනි මස 12 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ජූනි 19 වැනි දා බ්‍රහස්පතින්දාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 12

Second Quarterඅව අටවක

ජූනි 19

Full Moonඅමාවක

ජූනි 26

First Quarterපුර අටවක

ජූලි 05


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]