UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුබුදු මාහිමි දෙසු දම්පද යළි මතකයට

අනුබුදු මාහිමි දෙසු දම්පද යළි මතකයට

තණකොළ කන තිරිසන්ගත සත්වයෝ වන්නාහ. මොවුහු තෙත්වූ තණද, වියළි තණද, දත්වලින් උලා කති. තණ කන තිරිසන්ගත සත්තු කවරහුද යත්, අශ්වයෝ, ගොන්නුද, කොටළුවෝද, එළුවෝද, මුවෝද යන මොවුහු වෙති. මොවුන් හැර තණ බුදින තවත් සත්වයෝ ද ඇත. මේ ලෝකයෙහි බාලයා රස තෘෂ්ණාවෙන් රස අනුභව කිරීම සඳහා පව්කම් කොට කාය භේදයෙන් හෙවත් මරණින් මතු යම් ඒ තණ අනුභව කරන සත්වයෝ වෙත්ද, ඒ සත්වයන්ගේ ස්වභාවයට පැමිණෙයි. එනම්, එවන් සතුන්ව උපදියි.

අසුචි අනුභව කරන තිරිසන්ගත සත්වයෝ ඇත්තාහ. ඔවුහු දුරදීම අසූචි ගන්ධය ආඝ්‍රාණයකොට මෙහි අනුභව කරන්නෙමු. මෙහි අනුභව කරන්නෙමු කියා ඒ වෙත දුවති. බමුණෝ යාග ගන්ධය අනුව මෙහි අනුභව කරන්නෙමු. මෙහි අනුභව කරන්නෙමුයි යම්සේ දුවත්ද, එපරිද්දෙන්ම අසූචි අනුභව කරන තිරිසන්ගත සත්වයෝ වෙති. ඔවුහු දුරදීම අසුචි ගඳ ආඝ්‍රාණය කොට ඒ වෙත දුවත්. මෙහිදී කන්නෙමු, මෙහිදී කරන්නෙමු කියායි. අසූචි අනුභව කරන තිරිසන්ගත සත්වයෝ කවරහුද යත්, කුකුළන් හා ඌරන්, බල්ලන් හා සිවල්ලු ද යන මොවුහු වෙති. මීට අමතරව අසූචි අනුභව කරන තවත් සත්වයෝ ද ඇත. මේ ලෝකයෙහි ඒ බාලයා රස තෘෂ්ණාවෙන් රස අනුභව කිරීම සඳහා මෙහිදී ලාමක අකුශල කර්ම කොට කාය භේදයෙන් හෙවත් මරණින් මතු අසූචි අනුභව කරන යම් සත්වයෝ වෙත් ද ඔවුන්ගේ ස්වභාවයට පැමිණෙයි. එනම්, එවන් සතුන්ව උපදියි.

අඳුරෙහි උපදින, අඳුරෙහි දිරන, අඳුරෙහි මැරෙන, තිරිසන්ගත සත්වයෝ ඇත. අඳුරෙහි උපදින, අඳුරෙහි දිරන, අඳුරෙහි මැරෙණ, තිරිසන්ගත සත්වයෝ කවරහුද යත්, ලොකු පණුවෝ ද කුඩා පණුවෝද, ගැඩවිල්ලුද වෙති. මීට අමතරව අඳුරෙහි උපදින අඳුරෙහි මැරෙන තවත් සත්වයෝ ඇත. මේ බාලයා රස තෘෂ්්ණාවෙන් රස අනුභව කිරීම සඳහා මෙහිදී පව්කම් කොට කාය භේදයෙන් මරණින් මතු යම් යම් සත්වයෝ අඳුරෙහි උපදිත්ද, අඳුරෙහි දිරත්ද අඳුරෙහි මැරෙත්ද, ඔවුන්ගේ ස්වභාවයට පැමිණෙයි. එනම්, එවන් සතුන්ව උපදියි.

දියෙහි උපදින, දියෙහි දිරන, දියෙහි මැරෙන, තිරිසන්ගත සත්වයෝ වෙති. දියෙහි උපදින, දියෙහි දිරන, දියෙහි මැරෙන, තිරිසන්ගත සත්වයෝ කවරහුද යත් මත්ස්‍යයෝද, කැසුබුවෝද, කිඹුල්ලුද වෙති. මීට අමතරව දියෙහි උපදින, දියෙහි දිරන, දියෙහි මැරෙන තවත් සත්වයෝ වෙති. මේ බාලයා මෙලොව රස අනුභව කිරීම සඳහා මෙහිදී පව්කම් කොට කාය භේදයෙන් මරණින් මතු දියෙහි උපදින, දියෙහි දිරන, දියෙහි මැරෙණ යම් ඒ සත්වයෝ වෙත්ද, ඔවුන්ගේ ස්වභාවයට පැමිණෙයි. එවන් සතුන් බවට පත්ව උපදියි.

තවද අසූචියෙහි උපදින, අසූචියෙහි දිරන, අසූචියෙහි මැරෙණ, තිරිසන්ගත ප්‍රාණීහු ඇත්තාහ. අසූචියෙහි උපදින, අසූචියෙහි දිරන, අසූචියෙහි මැරෙණ මෙවන් සත්තු ද, කුණුමස්වල උපදින කුණුමස්වල දිරන, කුණුමස්වල මැරෙන මෙවන් සත්තු ද, කුණු ආහාරපානාදියෙහි උපදින, දිරන, මැරෙන සත්තු ද, කුණු දිය රැස්වෙන තැන්වල උපදින, දිරන, මැරෙන සත්තු ද, අපිරිසුදු ජලය රැස්වෙන තැන්වල උපදින, දිරන, මැරෙන සත්තු ද ප්‍රාණීහු වෙති. මෙසේ මෙලොව රස අනුභව කිරීම සඳහා බාලයා යම් යම් කාය වාග් මනෝ දුශ්චරිතයන් සිදු කොට කාය භේදයෙන් මරණින් මතු මෙවන් සතුන් බවට පත්ව උපදිති. එබැවින් මෙසේ තිරිසන් අපායෙහි උපදින සත්ත්වයන්ගේ දුක්ඛ ස්වභාවයන් කියා නිම කළ නොහැක.

අනෙකපරියායෙනපි ඛො අහං, භික්ඛවෙ,
තිරච්ඡානයොනිකථං කථ්‍යෙං යාවඤ්විදං
භික්ඛවෙ, නව සුකරං අක්බානෙන
පාපුණිතුංග යාච දුක්ඛා තිරච්ඡානයොනි

සිදුකරගත් අකුශල විපාක ගැන සිතා කළකිරෙයි. මෙය පව් කළ අනුවණයා මෙලොව දී ලබන පළමු විපාකයයි.

අනුවණයා ලබන දෙවන විපාකය

යම් දිනක අනුවණයා රජුගේ දෝෂ දර්ශනයට ලක් වූ අපරාධකාරී සොරෙකුට දඬුවලින් තැලීම, අත් පා කැපීම, සුනඛයන් ලවා සපා කෑමට සැලැස්වීම, කන් නාසා කැපීම ආදී කරන දෙතිස් වදයට ලක්කිරීම දකින්නේ ද, එය දැක ඔහු මෙසේ සිතයි. යම් දිනක මම ද, මා කළ වැරැදි නිසා රාජ පුරුෂයන් විසින් අල්වාගෙනවිත් රජුට දැක්වීමෙන් පසු රජුගේ උදහසට ලක් වී මෙබඳුම තත්ත්වයකට පත්වන්නේය යනුවෙන් සිතා තමා කළ වැරැදි ගැන සිතමින් තැවීමට පත් වන්නේය. මෙය පව් කළ අනුවණයා මෙලොව දී ලබන දෙවන විපාකයයි.

අනුවණයා ලබන තෙවන විපාකය

පුටුවක හිඳගත්තා වූද, ඇඳක හොත්තා වූද, බිම හිඳ ගත්තා වූ ද පව්කම් කළ අනුවණයාට, සවස් කාලයෙහි මහා පර්වතයක සෙවණැල්ල යම්සේ මහ පොළොවේ පතිත ව විශාල වන්නේ ද එලෙසම තමා කයින් කළ, වචනයෙන් කළ, මනසින් කළ අකුශල කර්මයන් සිහිව සිහිව, එළව එළවා එන්නේ ද, එවිට ඔහු “මා විසින් යහපතක් නොකරන ලද්දේය. අයහපතක්ම කරන ලද්දේය” යනුවෙන් සිතා එයින් ඔහු තමා කළ අකුශලඑ කර්ම ගැන තැවෙයි. ළයෙහි අත්ගසා ගනියි. අතිශයින් බියට පත්වෙයි. මෙය පව්කළ අනුවණයා මෙලොව දී ලබන තෙවන විපාකයයි.

මෙසේ අකුශල කර්ම රැස්කරගත් ඒ අනුවණයා මරණින් මතු ඉතා රෞද්‍ර ගති පැවතුම් ඇති, නිතර පැසෙමින් පවතින, උපමා කිරීමට අපහසු වූ දුක් ඇති මහා නිරයෙහි ඉපිද අතිශය කටුක වූ දුක් විඳින්නේය. යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ කල්හි එක් භික්ෂුවක් නැඟී සිටිමින් එය උපමාවකින් දක්වන ලෙස අයැද සිටියි. එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරයි.

රජකු විසින් අපරාධකාරී යම් සොරෙකු අල්වාගෙන ඔහුට මනා උල ඇති ඉතා තියුණු අවියකින් උදේට සියක්වාරයක් ද දහවල් සියක්වාරයක්, සවසකල්හි සියක්වාරයක් ද වශයෙන් දවසකට තුන්සිය වරක් උලෙන් ඇනීමට සලස්වයි. එය ඔහුට ඉවසිය නොහැකි දුක් උපදවන වධයෙකි. යනුවෙන් වදාළ බුදුරජාණන් වහන්සේ අතට පොළොවෙහි වූ පස් පිඬක් ගෙන මෙසේ විමසති. “මාගේ මේ අතේ වූ පස් ප්‍රමාණයද වැඩි? එසේ නැතිනම් හිමාල පර්වතයෙහි වූ පස් ප්‍රමාණය ද වැඩි?” යනුවෙනි. එවිට භික්‍ෂූන් වහන්සේලා ස්වාමීනි, හිමාල පර්වතයෙහි පස් ඉතා වැඩිය යනුවෙන් පවසති. එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරති. රජු විසින් වධයට පමුණුවන අර පුද්ගලයා විඳින්නේ මාගේ මේ අතේවූ පස්වැනි වූ සුළු දුක් ප්‍රමාණයකි. එහෙත් නිරයෙහි උපදින සතුන් හිමාල පර්වතය මෙන් විශාල වූ අතිශය දුක් විඳීති යනුවෙන් වදාරති. නිරයෙහි පවතින අනේක විධ වූ දුක්ඛයන් සැකවින් මෙසේය.

නිරයෙහි ස්වභාවය

නිරයපාලයෝ මෙසේ නිරයට යන සත්වයාට පංචවිධ බන්ධන නම් වූ වධයක් කරත්. එනම් රත්වූ යහුලක් අතෙහි අනිත් රත්වූ යහුලත් දෙවෙනි අතෙහිද, අනිත්, රත්වූ යහුලක් පාදයෙහි අනිත්. රත්වූ යහුලක් දෙවෙනි පාදයෙහිද අනිත් රත්වූ යහුලක් ළය මැද අනිත් හෙතෙම එහි තියුණු වූ, දැඩිවූ දුක්ඛ වේදනාවක් විඳී. යම්තාක් කල් ඒ පාපකර්මය කෙළවර නොවේද, ඒතාක් කලුරිය නොකෙරෙයි. නිරයපාලයෝ ඔහු බිම බාවා කෙටේරිවලින් සසිත්. හෙතෙම එහි දුක්වූ කටුකවූ වේදනා විඳී. යම්තාක් ඒ පාප කර්මය නොගෙවේද ඒතාක් හෙතෙම නොමැරෙන්නේ ය.

ආනිසංශ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වෙන්වීමේ ආනිසංශ ආදි වූ පඤ්ච සුචරිතයන්ගේ ආනිසංශ දකිමින් කතා කරන්නේද, එවිට නුවණැත්තා ඔහු කළ යහපත් කටයුතු එනම් කාය වාග් මනෝ සුචරිතයන්ගේ යෙදිම නිසා සිදුකරගත් කුශල විපාක ගැන සිතා සතුටු වෙයි. මෙය පින් කළ නුවණැත්තා මෙලොව දී ලබන පළමු සැපයයි.

නුවණැත්තා ලබන දෙවන සැපය

යම් දිනක නුවණැත්තා, රජුගේ දෝෂ දර්ශනයට ලක් වූ අපරාධකාරී සොරෙකුට දඬුවලින් තැලීම, අත් පා කැපීම, සුනඛයන් ලවා සපා කෑමට සැලැස්වීම, කන් නාසා කැපීම ආදි කරන දෙතිස් වධයට ලක්කිරීම දකින්නේ ද, එය දැක ඔහු මෙසේ සිතයි. කිසිම දිනක මෙබඳු වධයකට පත් නොවන්නේය. මා වැරදි නොකළ නිසා රාජ පුරුෂයන් විසින් මා අල්වාගෙනවිත් රජුට දැක්වීමක් ද රජුගේ උදහසට ලක් වීමක්ද නොවන්නේ ය. එබැවින් ම කිසිම දිනක මෙබඳු තත්ත්වයකට පත් නොවන්නේය යනුවෙන් සිතා තමා කළ යහපත් කටයුතු ගැන සිතමින් සතුටට පත් වන්නේ ය. මෙය පින් කළ නුවණැත්තා මෙලොව දී ලබන දෙවන සැපයයි.

නුවණැත්තා ලබන තෙවන සැපය

පුටුවක හිඳගත්තා වූද, ඇඳක හොත්තා වූද, බිම හිඳ ගත්තා වූ ද පව්කම් කළ අනුවණයාට, සවස් කාලයෙහි මහා පර්වතයක සෙවණැල්ල යම්සේ මහ පොළොවේ පතිත ව විශාල වන්නේ ද එලෙසම තමා කයින් කළ, වචනයෙන් කළ, මනසින් කළ සුචරිතවත්, යහපත් කර්මයන් සිහිව සිහිව, එළව එළවා එන්නේ ද, එවිට ඔහු “මා විසින් යහපතක් කරන ලද්දේය. ඒ යහපත මේ මහා සෙවණැල්ල මෙන් පා පිටුපස එන්නේය” යනුවෙන් සිතා එයින් ඔහු තමා කළ කුශල කර්ම ගැන සතුටු වන්නේය. අතිශයින් සතුටු වන්නේය. මෙය පින් කළ නුවණැත්තා මෙලොව දී ලබන තෙවන සැපයයි.

මෙසේ කුශල කර්ම රැස්කරගත් ඒ නුවණැත්තා සිරුරේ බිඳීමෙන් හෙවත් මරණින් මතු ඉතා යහපත් ගති පැවතුම් ඇති, සැපයෙන් ආඪ්‍ය වූ, උපමා කිරීමට අපහසු වූ සැප ඇති දෙව් ලොව ඉපිද පි‍්‍රය වූ, කාන්ත වූ සැප විඳින්නේ ය, යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.

 

පොසොන්
පසළොස්වක පෝය

පොසොන් පසළොස්වක පෝය ජූනි මස 12 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 12.25 ට ලබයි. 13 වැනි දා සිකුරාදා පූර්වභාග 09.41 දක්වා පෝය පවතී.සිල් සමාදන් වීම ජූනි මස 12 වැනිදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ජූනි 19 වැනි දා බ්‍රහස්පතින්දාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 12

Second Quarterඅව අටවක

ජූනි 19

Full Moonඅමාවක

ජූනි 26

First Quarterපුර අටවක

ජූලි 05


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]