UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දොඩම්පහළ අමරසිරි හිමියෝ නායක පදවි ලබති

දොඩම්පහළ අමරසිරි හිමියෝ නායක පදවි ලබති

මාතර දොඩම්පහළ, අබේසූරිය පරපුරේ පුංචිසිංඤො අබේසූරිය එස්.එච්.ලීලාවතී දම්පතීන්ගේ දූ දරුවන් අතර සුපසන් පුත්‍ර ලාභියෙක් වූ උපතින් දහසය වයසේ පසු වූ කරුණාරත්න අබේසූරිය පිංවත් කුමරු රෝහණ ජනපදයේ ගිරිකන්දර රජමහා විහාරස්ථානයේදී සසුන්ගත වූයේ දොඩම්පහළ අමරසිරි යන පැවිදි නාමයෙනි.

දොඩම්පහළ විමලසාර මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් කහඳාමොදර තිලකරත්නාරාම සඟ පරපුරේ දීප්තිමත් සංඝ පීතෘ වරයන් වහන්සේ නමක් වූ දොඩම්පහළ අමරවංශ අධිකරණ නා හිමියන් වෙතින් උගතමනා බණ දහම් සහ පැවිදි ආචාර ධර්ම වත් පිළිවෙත් උගත් දොඩම්පහළ අමරසිරි හෙරණපාණෝ උපසපන් බිමට පත්වූවෝ ගල්කිස්ස, ශ්‍රී සුගත ධර්මායතනය මාතර, තොටමූණ නූපේ, ජයමහ විහාරය, හුංගම, කිවුල ශ්‍රී බෝධිරාජාරාමය, දික්වැල්ල, කෙමගොඩ මිණිකිරුල රාජමහ විහාරය, දික්වැල්ල, නිල්වැල්ල අභිනවාරාම මිණිකිරුල විහාරය, හුංගම, ගුරුපොකුණ ගිරිකන්දර වේතිය ජයසුමනාරාමය, යන විහාර ගණයේ අධිපතිව වැඩසිට අපවත් වී වදාළ ශාස්ත්‍රවේදී දොඩම්පහළ අමරවංශ අධිකරණ නා හිමියන්ගේ ශිෂ්‍යයෙකු වශයෙනි.

තම ගුරුදේවයන්ගේ අපවත් වීමෙන් පසු තම සහෝදර ශිෂ්‍යන්ගේ ඒකමතික තීරණයෙන් සහ සම්මතයෙන් සප්ත විහාරයන්හිම විහාරාධිපති ධූරයට පත්ව තම පාලනයෙන් පවතින සියලු විහාරාරාමයෝම ඉමහත් දියුණු පමුණු තත්ත්වයකට පත්කොට තම පාලනයට අයත් මාතර වීරබා පිරිවෙණද මහ පිරිවෙණක තත්ත්වයකට නගා සිටුවා කරන සේවය අති උදාරය. සාසනයට හා සමාජයට සලසන මහගු සේවය නොපිරිහෙලා ඉදිරියටත් පැවැත්වීම සඳහා තම වගකීම ඉටුකළ යුතු බව තේරුම්ගත් දොඩම්පහළ අමරසිරි නායක මහ ස්ථවීරයෝ ඊට සුදුසු ශික්‍ෂාකාමී දැන උගත් ශිෂ්‍ය පුත්‍රයන්වහන්සේලා පනස්නමක් පමණ දැනට ඇතිකර තිබීම අගේ කොට සැළකිය යුතුය.

බුදු සසුනේ හා සමාජයේ යහපැවැත්මට සේවය සලසන ගරු පුද සම්භාවනාවට පත්වන අභිනව “මාතර” - හම්බන්තොට දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක ධුරයෙන් පිදුම් ලබන “අමරවංශාලංකාර විමලකීර්ති ශ්‍රී ධර්මාභිමානි” ශාස්ත්‍රවේදි දොඩම්පහළ අමරසිරි නායක මහ ස්ථවරයන් වහන්සේ පිළිගැනීමේ පූජෝත්සවය ජනාධිපති ශ්‍රීමත් මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මාර්තු 16 දින පැවැත්වීමට නියමිතය.

 

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 15 වන දා සෙනසුරාදා අපරභාග 9.19 ට ලබයි.
16 වන දා ඉරිදා අපරභාග 10.37 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 16 වනදා ඉරිදාය.

මීළඟ පෝය
මාර්තු 24 වන දා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 16

Second Quarterඅව අටවක

මාර්තු 24

New Moonඅමාවක

මාර්තු 30

First Quarterපුර අටවක

අප්‍රේල් 07


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]