UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

මැදින් පුර පසළොස්වක 2014 මාර්තු 16 වන දා

අපේ අභිමානය

මේ අපේ මාතෘ භූමිය යි. අපේ මව් බිම අන් කවර රටකටත් වඩා ඓතිහාසික පසුබිමකින් හෙබි අභිමානවත් දේශයකි.

තථාගත බුදුපියාණන් වහන්සේ තෙවරක් අපේ රටට වැඩම කර අති පාරිශුද්ධත්වයට පත් කළ, සොළොස්මස්ථාන පිහිටි රටයි.

සමස්ත ලෝකවාසී බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ ලෙස සලකනු ලබන ශ්‍රීමත් දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින පුණ්‍ය භූමියද අපේ මාතෘ භූමිය යි.

ගෙවී ගිය දශක තුනක කාලය තුළ ලොව තැති ගැන්වූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය විසින් අසිරිමත් දළදා වහන්සේ වැඩ සිටින ඓතිහාසික දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළහ. අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කරමින් සිටි උපාසක උපාසිකාවන් ත්‍රස්තවාදීන්ගේ ගොදුරු බවට පත්විය. අරන්තලාවේ භික්ෂු ඝාතනය කළේද ඒ කුරිරු ත්‍රස්තවාදයයි. කොළඹ මහ බැංකුවේ බෝම්බ ප්‍රහාරය ද ඇතුළු දුම්රියවල, බස් රථවල කුරිරු ත්‍රස්තවාදීන් බෝම්බ පුපුරා හරිමින් සිවිල් වැසියන් කෙතරම් නම් ඝාතනය කළේ ද?

ගම්මානවලට හිටි හැටියේ කඩා වැදී නිදි පැදුරේ මව්කිරි බොමින් සිටි කිරි කැටි බිළිඳාගේ පටන් සෑම වයස් ප්‍රමාණයක ගම්වැසියන් කපා කොටා මරා දැමූ අතීතය කෙසේ නම් අමතක කළ හැකිද?

හිමිදිරියෙහි නිවසින් පිටත් වී පාසලට ගිය දරුවා මධ්‍යහ්නයේ නැවත නිවසට පැමිණෙන තෙක් මව්පිය වැඩිහිටියෝ මග බලා සිටියේ එතරම් අවධානමක් අපේ රට තුළ පැවැති හෙයිනි.

නිවසේ මව පියා රැකියාවට පිටත් වූයේ එකම බස් රථයක හෝ එකම දුම්රියක නොවේ. ඒ බිහිසුනු කුරිරු ත්‍රස්තවාදීහු වටිනා ජීවිත වලට බෝම්බ ප්‍රහාර එල්ල කරමින් කළ මානව අයිතිවාසිකම් කඩ කිරීම නිසා සියලු දෙනා සැකයෙන් හා බියෙන් පසු විය.

ත්‍රස්තවාදීහු රටේ පොදු දේපළවලට කළ විනාශය කෙතරම්ද?

රටට, ජනතාවට ඒ සා විනාශයක් කළ ත්‍රස්තවාදයට එරෙහිව ලොව බලවතුන් යැයි කියා ගන්නා අධිරාජ්‍යවාදීහු එකල මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම ගැන විරෝධය පෑවේ ද?

තිස් වසරක් පුරා රට ට කළ දරුණු විනාශයෙන් රටත්, දැයත් මුදා ගැනීමට දැයේ පිනට පහළ වූ නායකයා වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ය. 2009 මැයි මස 19 වනදා ඒ කුරිරු ත්‍රස්තවාදය රටෙන් තුරන් කිරීමේ ශක්තිය ඇති වූයේ වත්මන් ජනාධිපතිතුමාටය.

ලොවට ම ව්‍යසනයක් ව පැවැති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය තුරන් කිරීමට හැකි වූ අපේ ජනාධිපති තුමා වෙත ලොවෙන් පැසසුම් ලැබීම අධිරාජ්‍යවාදීන්ට ඉවසුම් නොදෙන්නක් විය.

ජිනීවාහි මානව හිමිකම් සමුළුව මගින් අපේ මව්බිමට විවිධ අයුරෙන් අත පෙවීම් කරන්නට විය. එහෙත් අපේ රටේ පොදු ජනතාව ජනපතිතුමන් ප්‍රධාන රජය වෙත එදා මෙන්ම අදත් මතුවටත් ලබා දෙන සහාය අපි අගය කළ යුතු වෙමු.

අපේ මාතෘ භූමිය ආරක්ෂා කර ගැනීමට ඇප කැප වී ක්‍රියා කළ රාජ්‍ය නායකයා සමග මෙරට අති බහුතර ජනතාව සිටින හෙයින් අධිරාජ්‍යවාදීන්ගේ ඇතැම් අරමුණු ඉටු කරගත හැකි නොවනු ඇත. අධිරාජ්‍යවාදී ගැති පිරිස්වලටද කිසිදු සහායක් ජනතාව ලබා නොදෙන බවද ඒකාන්තය.

පටු අරමුණු ඉටු කර ගැනීමට කිසිදු පටු භේදයකින් තොරව රටේම ජනතාව ජනපතිතුමාටත් රජයටත් සම්පූර්ණ සහාය දැක්වීම මව් බිමට ආදරය කරන පොදු මහජනතාවගේ යුතුකම සහ වගකීම විය යුතුය.

රටට උවදුරු පැමිණෙන විට රටම එක්ව රටෙහි දියුණුව පිණිස කටයුතු කිරීම සියලු දෙනාගේ වගකීම වන හෙයිනි.

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 15 වන දා සෙනසුරාදා අපරභාග 9.19 ට ලබයි.
16 වන දා ඉරිදා අපරභාග 10.37 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 16 වනදා ඉරිදාය.

මීළඟ පෝය
මාර්තු 24 වන දා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 16

Second Quarterඅව අටවක

මාර්තු 24

New Moonඅමාවක

මාර්තු 30

First Quarterපුර අටවක

අප්‍රේල් 07


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]