UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෝදා පින්කම්

පෝදා පින්කම්

අනුරාධපුර ජය සිරි මහ බෝධිය

මහාවිහාර පොහොය වැඩසටහන මැදින් පුන් පොහෝ දින පෙරවරු 6.00 සිට පසු දින පෙරවරු 6.00 දක්වා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මහාවිහාර සන්නිපාත ශාලාවේ දී පැවැත්වේ.

මෙම මැදින් පුන් පොහොය වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා, බුද්ධ පූජා සහ බෝධි පූජා ද ඇතුළත් වේ.

පොහොය දිනට පසු දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ දී භාවනා වැඩසටහනක් පැවැත්වේ. එදින පෙරවරු 8.00 සිට පෙරවරු 10.00 තෙක් භාවනා වැඩසටහන පැවැත්වේ.

වැඩ මෙහෙයවනු ලබන්නේ මහාවිහාර පොහොය වැඩසටහනේ උපදේශක සහ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසිනි.

පෙහෙවස් සමාදන් වන පින්වතුනට දානමානාදී පහසුකම් අටමස්ථානාධිපති නාහිමියන්ගේ අනුශාසනා පරිදි දානපතියන් විසින් සලසා දෙනු ලැබේ.


බෙල්ලන්විල රාජමහා විහාරය

ඓතිහාසික බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ මැදින් පුර පසළොස්වක පොහොය වැඩසටහන මෙසේය.

පෙරවරු 06.00 - සිල් සමාදන් කරවීම හා තෙරුවන් වන්දනාව, 07.00- බුද්ධ පූජාව පැවැත්වීම, 08.30 – ධර්ම දේශනාව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ කථිකාචාර්ය මාගම්මන පඤ්ඤානන්ද හිමි, 10.00 – භාවනා සාරනාත් බෞද්ධ මධ්‍යස්ථානාධිපති තලාවේගම, සද්ධාතිලක හිමි, 11.10 – බුද්ධ පූජාව පැවැත්වීම, පස්වරු :- 01.30 – ජාතක ධර්ම දේශනාව :– බෙල්ලන්විල රාජමහා විහාරවාසී පණ්ඩිත ඔක්කම්පිටියේ විද්‍යානන්ද හිමි, 03.00- ධර්ම සාකච්ඡාව , මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි, මහාචාර්ය ජී.ආරියපාල පෙරේරා මහතා , පී.වීරතුංග මහතා, 4.30 – ධර්ම දේශනාව :- නාරාහේන්පිට පට්ඨාන ධර්මසභාවේ අධ්‍යක්‍ෂ කොරතොට වෙස්සභු හිමි 06.00 සිල් පවාරණය කරවීම 06.30 – බුද්ධ පූජාව, පැවැත්වීම, දායකත්වය ශ්‍රී‍්‍රබෝධි රාජ දහම් පාසල, බෙල්ලන්විල, 07.30 – ධර්ම දේශනාව දිවුල්පිටිය බෝධිරාජාරාමාධිපති ශාස්ත්‍රපති ඕකන්දයායේ බුද්ධසිරි හිමි.


බම්බලපිටියේ වජිරාරාමය

බම්බලපිටිය වජිරාරාමයේ මැදින්පෝදා වැඩසටහන මෙසේය.

පෝදා පෙරවරු 06.00 – 07.15 සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව රාජකීය පණ්ඩිත සිරිවජිරාරාමාධිපති තිරිකුණාමලේ ආනන්ද මහා නාහිමි, 08.00- 09.00 ධර්මානුශාසනාව ,වේරදුවේ මහින්ද හිමි, 09.00- 10.00 – ජාතක කථා පොතෙන්, පිටිපන සාසනරතන හිමි, 10.00 – 11.00 – භාවනාව සහ අනුශාසනාව, ගම්පහ පාසාදික හිමි, 11.00 – 11.15 බුද්ධ පූජාව, පැරකුම්පුර විසාරද හිමි, පස්වරු :– 12.30 – 01.30 සෙත් පිරිත් සහ තෙරුවන් ගුණ කඹුරුගමුවේ මහානාග හිමි, 01.30 – 02.30 – ධර්ම සාකච්ඡාව දර්ශනපති මඩිහේ සුගතසිරි හිමි, 02.30 – 03.30 – ධර්මානුශාසනාව, නාරද බෞද්ධ ධර්මායතනාධිති ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත තලල්ලේ චන්දකිත්ති හිමි, 04.00 – 05.00 ගිහිදේශනය ජයසේන එදිරිසිංහ මහතා, 05.00 – 06.00 ධර්මදේශනය, මීගොඩ සුඛිත හිමි, 06.00- 06.30 අටවිසි බුද්ධ පූජාව සහ සිල් අලුත් කිරීම සිරි වජිරාරාම ස්වාමීන් වහන්සේලා.


තෙලවල විජයරූපාරාම ය

කටුබැද්ද -තෙලවල විජයරූපාරම ධර්මායතනාධිපති කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත දම්පහළ ඤාණරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් මැදින් පුර පොහෝ දින වැඩසටහන සිදුකෙරේ.

අලුයම 5.30 ට කිරිපිඬු දානය සහිත පෙරහර, 6.30 සිට 7.30, උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන් කරවීම,කෙටි අනුශාසනාව සහ මෛත්‍රී භාවනාව සිදුකිරීම, ධර්මායතනාධිපති නාහිමි, පෙරවරු :- 7.30 – 8.00 දානය පිරිනැමීම, 8.30 – 9.30 කාව්‍යමය ධර්ම දේශනය හඟුරන්කෙත ඤාණින්ද හිමි, 10.45 – ප.ව. 12.00 දවල් සම්බුද්ධ පූජාව සිදුකිරීම සහ දානය පිරිනැමීම දම්පහළ ඤාණසුධීර හිමි, පස්වරු 12.30 – 2.00 සක්මන් භාවනාව , 2.00 – 3.00 ජාතක කථා දේශනාව ශාස්ත්‍රපති නිමල් අමරවංශ මහතා, 3.00 අසූ මහා ශ්‍රාවක පූජාව, 3.00 සිට 4.00 දක්වා ධර්ම දේශනාව නිල්මල්ගොඩ සද්ධාවිහාරි හිමි, 4.00 – 5.00 මහපිරිත් දේශනාව සහිත මහාසමය සූත්‍ර දේශනාව ධර්මායතනයේ ස්වාමීන් වහන්සේලා, 5.00 සිල්පවාරණය සිදුකිරීම හා අෂ්ටපාන සහිත සම්මා සම්බුද්ධ ගිලන්පස බෝධි පූජාව ධර්මායතනාධිපති නාහිමි,

පෙ.ව. 10.30 ට බුදුසරණ පත්‍ර බෙදාදීම ටී.ආරියවතී මහත්මියගේ දායකත්වයෙනි.


කළුතර බෝධිය

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් කළුතර බෝධි පරිශ්‍රයේ දී දවස පුරා පින්කම් සිදු කැරේ.

පෝදා සවස 6 – 7 සීල සමාදානය හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම පනාපිටියේ විජිතනන්ද හිමි, 7.45 – 10 භාවනාව හා ධර්ම දේශනය මැල්සිරිපුර ධම්මකුසල හිමි, 10 – 11 දහම් දැනුම රජවත්තේ වප්ප හිමි, 4.30 අභයදාන පින්කම හා අනුශාසනාව පල්ලත්තර ජිනානන්ද හිමි, 1 – 3 දහම් දෙසුම ලේනව මංගල හිමි, 3.15 – 5 දහම් දෙසුම උඩුගල්මොටේ සිරිවිමල හිමි, 5.15 – 7 දහම් දෙසුම කළුතර සුබෝධි හිමි, 7.05 – 7.45 බෝධි පූජාව (පානදුරේ අරියධම්ම හිමි පටිගත කළ එකකි), 7.50 – 8.50 නව අරහාදී පහන් පූජාව මෙහෙයවීම කේ. පරණවිතාන මහතා.

පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා ලේ දන්දීමේ පින්කම පැවැත්වේ.


කතරගම කිරි වෙහෙර

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේදී මැදින් පෝදා පින්කම් රැසක් කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රවේදී කොබවක දම්මින්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරේ.

එදින උදෑසන අටසිල් සමාදන් කකරවීම, මල් පහන් , ගිලන්පස , කිරි ආහාර පූජාව, ශබ්ද පූජාව මධ්‍යයේ කිරිවෙහෙර චෛත්‍යය වටා ෂඩ් වර්ණ සාටකයක් පැලඳවීමේ කප්රුක් පූජාව පැවැත්වේ.

භාවනා වැඩසටහන චෛත්‍යය මලුවේ පැවැත්වේ. උදේ ධර්ම දේශනාව වාද්දූව මහින්දාරාමාධිපති ශාස්ත්‍රපති මොරකැටි ආරේ ධම්මික නාහිමියන් අටවිසි බෝ මලුවේදී පැවැත්වෙයි.

සවස කිරිවෙහෙර රාජ මහා විහාරස්ථ මහාසේන සිල් සමිතියේ මල් පෙරහර කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ සිට අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් මල් පහන් පූජා කර බෝධීන් වහන්සේ නෑවීමෙන් අනතුරුව බෝධි පූජාව පැවැත්වීම අෂ්ඨඵල බෝධි තේවාව භාර කිරිවෙහෙර රාජ මහා විහාරස්ථානයේ විහාරාධිකාරී තලගල ඤාණාන්ද හිමියන් විසින් සිදු කරයි.

රාත්‍රී 7.00 ට කිරිවෙහෙර අටවිසි බෝ මලුවේදී අටවිසි බුදුවරුන් වෙනුවෙන් බෝධි පූජාවද රාත්‍රී කිරිවෙහෙර 3 වන මලුව සමීපයේ පහන් 5000 ක ආලෝක පූජාවද පැවැත්වේ.

කලුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක, කතරගම බෞද්ධ සංගමය, ගිලන් උපස්ථාන බෞද්ධ සමිතිය, මහාසේන සිල් සමිතිය හා විහාරස්ථ දායක සභාව එම පින්කම් කටයුතු සංවිධානය කර ඇත.


මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ

තරුණ සීල සමාදාන පින්කම

පෙරවරු 6.00 - 7.00 - සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව ත්‍රිපිටකාචාර්ය මලංගම පඤ්ඤාසාර හිමි, 8.00 - 9.00 - භාවනාව - වැලිමඩ පසන්නමානස හිමි, 9.00 - 10.00 - ධර්ම දේශනාව - ශාස්ත්‍රපති උඩුගම විමලකිත්ති නාහිමි, 10.00 - 11.15 - පරෝපකාර සංග්‍රහය - අනුශාසනාව හා බුද්ධ පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත මහඔය අනුරුද්ධ හිමි, පස්වරු 12.25 - 12.30 - විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා, 12.30 - 1.00 - පිරිත් හා තෙරුවන් ගුණ - කනංකේ ධම්මික හිමි, 1.00 - 2.00 - ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 - 3.00 - ගිහි දෙසුම - සබරගමු හා රජරට විශ්ව විද්‍යාලයන්හි මෘදු කුසලතා උපදේශක සනත් ගමගේ මහතා, 3.00 - 4.00 - ධර්ම දේශනාව - ශාස්ත්‍රපති හෑගොඩ විපස්සි හිමි, 4.15 - 5.00 - ධම්මපදය - ගල්කිස්සේ සෝමානන්ද හිමි, 5.00 - 6.00 - ධර්ම දේශනාව - දියතලාවේ පියදස්සි හිමි, 6.00 - 6.30 - බෝධි පූජාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි මා හිමි.

වැඩිහිටි සීල සමාදාන පින්කම

පෙරවරු 6.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, මැණික්බෝවේ දීපාලෝක හිමි, 8.00 – 9.00 භාවනාව ශාස්ත්‍රපති පණ්ඩිත හක්මණ සුමනසිරි හිමි, 9.00 – 10.00 ධර්මදේශනාව නැදිමාල ශ්‍රී මහා විහාරවාසී කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ආචාර්ය පුස්සැල්ලේ ධම්මරක්‍ඛිත හිමි, 10.00 – 11.00 අභිධර්ම කතාව අභිධර්මාචාර්ය පියදාස මුතුගම මහතා, 11.00 – 11.15 බුද්ධ පූජාව යාලගමුවේ මංගල හිමි, කඩිගමුවේ සමුදිත හිමි පස්වරු 12.30 – 12.35 විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනාව, 12.35 – 01.00 පිරිත් හා තෙරුවන් ගුණ බංගලිදේශයේ සංඝරක්ඛිත සහ බලංගොඩ බෝධිධම්ම හිමි, 1.00 – 2.00 ධර්ම සාකච්ඡාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, 2.00 – 3.00 ධර්මදේශනාව පිටිපන ශාසනරතන හිමි, 3.00 – 3.45 ධර්ම දේශනය ශාස්ත්‍රපති පණ්ඩිත යටිරාවන ධම්මාරාම හිමි, 4.00 – 5.00 ධර්ම දේශනය, බියගම ධම්මදස්සි බෞද්ධ මධ්‍යස්ථානවාසී දොළොස්වල උදිතධීර හිමි, 5.00 – 6.00 ධම්මපදය, ශාස්ත්‍රපති පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 6.00 – 6.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම, ශාස්ත්‍රපති පණ්ඩිත හක්මන සුමනසිරි හිමි.


කලල්ගොඩ සිරි ගුණසේකර ධර්මායතනය

නවම්පෝදා පෙරවරු 6.30 උපෝසථ ශීල සමාදානය සම්බුද්ධ පූජාව සහ කෙටි අනුශාසනාව මෙහෙයවීම :– සිරි ගුණසේකර ධර්මායතනාධිපති ලේනබටුවේ මිත්තාලෝක නාහිමි, පෙරවරු - 8.00 – ධර්ම දේශනය දිවුරුම්වෙල විනීත හිමි , 9.00 - වෙසෙස දෙසුම :- දර්ශනපති කථිකාචාර්ය ආනන්ද සිල්වා මහතා, 10.15– ධර්ම දේශනය - ශ්‍රී‍්‍ර බෝධි පිරිවෙන් විහාරවාසී කොහුලියද්දේ දේවානන්ද හිමි, දවල් සම්බුද්ධ පූජාව :- මෙහෙයවීම රම්මලේ අරියවිසුද්ධි හිමි, පස්වරු :- 12.45 –පිරිත් සජ්ඣායනය සහ තෙරුවන් වන්දනාව ධර්මායතනවාසී හිමිවරුන් සමග සිල් පිරිස, 1.15 – විශේෂ ගිහි දේශනය, මෙහෙයවීම -ෂේන් බ්ලොක් මහතා, 2.30 – පන්සිය පනස් ජාතක පොත් වහන්සේ කියැවීම, මෙහෙයවීම :- විජේසිරිවර්ධන මහතා, 3.15 – විශාඛා කුළඟන සමිතියේ විශේෂ නිවේදන හා පුණ්‍යානුමෝදනා ඉදිරිපත් කිරීම, 4.00 – ධර්ම දේශනය රම්මලේ අරියවිසුද්ධි හිමි, 7.00 – විශේෂ ගිලන්පස මල් පහන් පූජාව සහ බුද්ධ වන්දනාව මෙහෙයවීම, ධර්මායතනාධිපති නාහිමි ප්‍රධාන ධර්මායතනවාසී මහා සංඝරත්නය.

මෙදිනද බුදුසරණ පුවත්පත ධර්ම දානය වශයෙන් බෙදා දීමෙන් දායකත්වය දරනු ලබන්නේ අමරා ගමගේ කාන්ති ලියනගේ , චිත්‍රලතා කන්නන්ගර සහ ඩී. වානගුරු මහත්මින් විසිනි.


හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාමය

වත්තල හුණුපිටිය ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරයේ මැදින් පෝ දින පෙරවරු 6.00 සිට පසුදින 6.00 දක්වා දාන, සීල, භාවනා ඇතුළු පින්කම් රාශියක් පැවැත්වීමට විහාරාධිපති වලවෙල හේමානන්ද නා හිමියගේ අනුශාසනා පරිදි විහාරස්ථ බෞද්ධාරක්ෂක කාර්ය සාධක සමිතියට අනුබද්ධ ‘වීතදෝශි’ සංවිධානය කටයුතු යොදා ඇත. මෙම වැඩසටහන් සඳහා වෑගල්ලේ රාහුල, දළුගම සමිතඥාන, බුත්කන්දේ රතනජෝති වේවැල්දූවේ ධම්මකිත්ති, දේවගොඩ පියරතන, ඇලපිටිවෙල නන්දවිමල හිමිවරුන් සහ ගාල්ලේ සුධම්මාචාරි දසසිල් මාතාවද වැඩම කරනු ලැබේ.


දම් දෙසුම 22 දා

වළස්මුල්ලේ ගුණරතන හිමියන් මෙහෙයවනු ලබන ධර්මදේශනාවක්, මාර්තු 22 වන සෙනසුරාදා පෙරවරු 8.00 සිට කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේ දී පැවැත්වේ.


බත්තරමුල්ල සිරි සුදස්සනාරාමය

මැදින් පෝදා සීල සමාදාන පින්කම් මෙසේය.

පෙරවරු :- 06.00 – 7.00 සිල් සමාදන් කරවීම සහ අනුශාසනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 7.00 – 7.30 තෙරුවන් වන්දනාව, 8.15 – 9.30 භාවනාව , ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 9.30 – 11.00 ධර්ම දේශනාව ආචාර්ය මිරිස්සේ ධම්මික නාහිමි, 11.00 – 11.30 තෙරුවන් වන්දනාව, පස්වරු - 12.30 – 1.00 සූත්‍ර සජ්ඣායනාව අළුත්වෙල ධම්මසති හිමි ධම්මසුමන හිමි, 1.00 – 2.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති ගොම්බද්දල දමිත නාහිමි, 2.00 – 3.30 ධර්ම සාකච්ඡාව , ශාස්ත්‍රපති තල්පත්වැව සද්ධාතිස්ස මාහිමි, 4.00 – 5.00 ධර්ම දේශනාව වැලිහෙල්තැන්නේ කල්‍යාණසිරි මාහිමි, ප.ව.5.00 –6.00 ධර්ම දේශනාව පූජ්‍ය නිග්ගහ ඤාණින්ද හිමි, රාත්‍රි 7.00 අටවිසි බුද්ධ වන්දනාව, ආචාර්ය මිරිස්සේ ධම්මික හිමියන් විසින් රචිත මාසික ධර්ම ග්‍රන්ථය මෙදින ධර්ම දානයක් ලෙස උපාසක උපාසිකාවන්ට පිළිගැන්වේ.


තලවතුගොඩ සංඝමිත්තාරාමය

තලවතුගොඩ වැලි පාර සංඝමිත්තාරාමයේ දී මැදින් පුර පොහොය දින අලුයම 5.30ට විශේෂයෙන් සැකසු ක්ෂිරපායාස අටවිසි බුද්්ධ පූජාවක් සහ අසූමහ ශ්‍රාවිකා පූජාවක් පවත්වනු ලබන අතර පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා සීල, භාවනා, ධර්ම දේශනා වැඩසටහන් පැවැත්වේ. 8.00 – 9.00 දහම් දෙසුම ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්යය මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 9.00 – 10.00 දහම් දෙසුම ඇල්ලහේන වතුරසාර මහා විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත තිහගොඩ භද්දිය හිමි, 10.00 – 11.00 දහම් දෙසුම පන්නිපිටිය රත්මල්දෙණියේ ශ්‍රී විජයනන්දාරාමවාසි රත්තනපිටියේ පඤ්ඤාසීහ හිමි, 11.00 දවල් බුද්ධ පූජාව පස්වරු 12.30 – 1.00 ධම්මචක්ක පවත්වන සූත්‍ර සජ්ඣායනය, 1.00 – 5.00 පිළියන්දල සංඛපාලි ප්‍රධාන දසසිල් මෑණියන් වහන්සේ විසින් මෙහෙය වන භාවනා වැඩසටහන. තුන් සූත්‍ර දේශනය අවසානයේ සිල් පවාරණය සිදු කෙරේ. සවස 6.00 ට මල් පහන් ගිලන්පස අටවිසි බුද්ධ පූජාවක් සහ අසූමහා ශ්‍රාවිකා පූජාවක් පිළියන්දල සංඛපාලි ප්‍රධාන දසසිල් මෑණියන් වහන්සේ විසින් පවත්වනු ලබයි. සුපුරුදු පරිදි මෙම පුරපසළොස්වක පොහොය දිනයේ දී සිල්වත් පිරිස අතර ධර්මදානය වශයෙන් බුදුසරණ පත්‍රය බෙදාදෙනු ලබන්නේ ලොකුමැණිකේ ඉඩම්පිටිය මැතිනියගේ දායකත්වයෙනි.


හොරේතුඩුව ගංගාරාමය

මොරටුව හොරේතුඩුව පුරාණ ශ්‍රී ගංගාරාම මහා විහාරස්ථානයේ දී වැලිගම අනුරුද්ධ හිමියන්ගේ අනුශාසනා පරිදි පින්කම් මාලාවක් පෝදා පැවැත්වේ.

පෙරවරු 6.00 සිල් සමාදන් කරවීම හා තෙරුවන් නැමදීම, බුද්ධ පූජාව වැලිගම අනුරුද්ධ හිමි, 8.00 සිල් ආවර්ජනා කිරීම, 8.30 අරලියගහ මැදුරේ සිට විකාශනය වන රූපවාහිනී ධර්මදේශනාව, 9.30 භාවනා වැඩසටහන මෙහෙයවීම හිරණ ප්‍රජාපති සීල මාතා ශ්‍රමයේ අධිපතිනි මහියංගනයේ විශාඛා ධම්ම ශීලා මෙහෙණින් වහන්සේ, 11.00 දවල් සම්බුද්ධ පූජාව, පස්වරු 1.00 සාමුහික පිරිත් දේශනාව (ධම්ම චක්කන සූත්‍රය) ඇතුළුව, 2.00 දම් සභා මණ්ඩපය අත්තිඩියේ නිහාල් පෙරේරා මහතා කෝලිත හෙට්ටිගේ මහතා, 4.00 ධර්ම දේශනාව කළුබෝවිල පදුම හිමි, 5.00 බෝධි පූජාව මෙහෙයවීම වලල්ලාවිට රතනවංශ හිමි.


මාතර වල්පල සිරිමංගල පිරිවෙන් විහාරය

වලස්ගල පුණ්‍යජි මයුරවංශ හිමියන්ගේ අනුශාසනා පරිදි වලස්ගල පඤ්ඤාසිරි, කැලණියේ අජිත, බලංගොඩ ශාන්ත, කුඩාගොඩ ඤාණවංශ, තණමල්විල මුදිත, සෙවණගල ධම්මික, හිනිදුම අස්සජි, හොරපාවිට ධම්මිස්සර යන හිමිවරු පින්කම මෙහෙයවති.


මාතර උයන්වත්ත වාලුකාරාම මහා විහාරය

බඹරැන්දේ රාහුල හිමියන්ගේ අනුශාසනා පරිදි පෝදා දවස පුරා පැවැත්වේ. රොටුඹ සෝමරතන, කඳිරගොඩ පඤ්ඤානන්ද, ඇඹිලිපිටිය රතනසාර තවලම සුමනරතන, තල්කොට යායේ ප්‍රේමරතන, බටුවිට නන්දවංශ, බුත්තල බෝධිසීහ, එප්පාවල තිලෝකනාථ යන හිමිවරු වැඩසටහන මෙහෙයවති.


කැලණි තරුණ බෞද්ධ සමිතිය

පෝදා පෙරවරු 6.00 සිල් සමාදන් කරවීම ගාල්ලේ කුමාර කාශ්‍යප හිමි, 7.00 බුද්ධ පූජාව 8.15 භාවනා වැඩසටහන, 9.15 ධර්ම දේශනය 10.30 බුද්ධ පූජාව ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි, පස්වරු 12.30 ධර්ම සාකච්ඡාව, ගුණදාස හල්ගමුගේ මහතා, 1.15 ධර්මදේශනය, 2.15 ධර්ම දේශනය, 4.00 ධර්ම දේශනය, 5.00 බෝධි පූජාව ඇටම්පිටියේ සිරි සාරානන්ද හිමි, 6.00 සිල් පවාරණය.


කොළඹ සම්බෝධි විහාරය

ශ්‍රී සම්බෝධි විහාරය මැදින් පොහෝ දින වැඩසටහන් මෙසේය.

අලුයම 5.30 ට කිරි ආහාර පූජාව සමගින් බෞද්ධයා විකාශය ආරම්භ වීම. පෙරවරු 5.30 – 6.00 – කිරි ආහාර පූජාව, මෙහෙයවීම දරණාගම කුසලධම්ම නාහිමි, 6.00 – 7.15 - සීල සමාදානය, බුද්ධ වන්දනාව, භාවනාව හා අනුශාසනාව, මෙහෙයවීම – දරණාගම කුසලධම්ම නාහිමි, 8.00 – 9.00 – ධර්ම දේශනාව, ගලිගමුවේ ඥාණදීප හිමි, 9.30 – 10.30 – ධර්ම දේශනාව, දොඩන්දූවේ සිරිකර නාහිමි, 11.00 – 11.30 – ව්‍යංජන තිස්දෙකක් සහිත සම්බුදු පූජාව, මෙහෙයවීම - ශ්‍රී සම්බෝධි විහාරවාසී අනුරාධපුරයේ ධම්මසිරි හිමි, පස්වරු 12.30 – 2.00 – ධම්ම සභා මණ්ඩපය, . රදාවඩුන්නේ ඥානවිමල හිමි සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සේනාරත්න කාරියවසම් මහතා. මෙහෙයවීම – නීතිඥ ශෂික ජයතිලක මහතා, 02.00 – 3.00 – භාවනා වැඩසටහන, කහගොල්ලේ සෝමවංශ හිමි, 3.30 – 4.30 – ධර්ම දේශනාව, මීගොඩ සුඛිත හිමි, 4.30 – 5.30 – ධර්ම දේශනාව, කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමි, 5.30 – 6.00 - කෙටි අනුශාසනාව සත්බුදු වන්දනාව සහ සිල් පවාරණය, මෙහෙයවීම – මහරගම පදුම හිමි.


කුප්පියාවත්තේ ජයශේඛරාරාමය

කොළඹ 10, කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාම මහාවිහාරස්ථානයේ මැදින්පුර පසළොස්වක පොහෝදා, ශීල, භාවනා, ධර්මදේශනා මාලාවක් බස්නාහිර පළාතේ උපප්‍රධාන සංඝනායක, ත්‍රිපිටකාචාර්ය තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන් හා විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ පූර්ණ සංවිධායකත්වයෙන් දවස පුරා පැවැත්වේ.

එදින පෙරවරු 6.00 – 6.30 දක්වා උපෝසථ ශීලය හා කෙටි අනුශාසනාව කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ ආචාර්ය ශ්‍රී ජයශේඛරාරාමාධිකාරී රජවත්තේ වප්ප හිමි, 7.00 – 7.30 ට සම්බුද්ධ පූජාව මෙහෙයවීම තලල්ලේ සිරිමහින්ද නාහිමි, 8.00 – 9.00 භාවනා වැඩසටහන ශාස්ත්‍රපති රජවත්තේ වප්ප හිමි, 9.15 – 10.15 ධර්ම දේශනය, ජයශේඛාරාරාමවාසී කෙසෙල්පොත සුමනවංශ හිමි, 10.30 – 11.00 දවල් සම්බුද්ධ පූජාව, තලල්ලේ සිරිමහින්ද නාහිමි, 12.15 – 12.30 ට බුද්ධානුස්සති භාවනාව, විහාරස්ථ උපාසක උපාසිකා සමිතිය 1.00 – 2.00 විහාරස්ථ උපාසක උපාසිකා සමිතියේ මාසික රැස්වීම තලල්ලේ සිරිමහින්ද නාහිමියන්ගේ ප්‍රධාන අනුශාසකත්වයෙන්, 2.15 – 3.15 ට ධර්ම දේශනය, 3.30 – 4.30 දක්වා දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව තලල්ලේ සිරිමහින්ද නාහිමි, 4.30 – 5.30 ට ධර්ම දේශනය කෙසෙල්පොත සුමනවංශ හිමි, 6.00 ට සිල් පවාරණය තලල්ලේ සිරිමහින්ද නාහිමි, 6.45 – 7.45 දක්වා, සම්බුද්ධ පූජාව හා අටවිසි බුද්ධ පූජාව 8.00 – 9.00 ට රාත්‍රි ධර්ම දේශනය (පටිගත කරන ලදී)


තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය

පෝදා අලුයම 5.30 - කිරි ආහාර පූජාව, 6.00-7.00 - සීල සමාදානය අනුශාසනාව ත්‍රිපිටකාචාර්ය මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 8.00 - 9.00 - ධර්ම දේශනාව වල්පොල ගෝතම හිමි, 9.00-9.30 - භාවනාව ත්‍රිපිටකාචාර්ය මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 9.30 - 10.30 - ධර්ම දේශනාව ගම්පහ පාසාදික හිමි, 10.30 - 11.00 - ව්‍යාංජන තිස්දෙකක් සහිත සම්බුදු පූජාව, පස්වරු 12.15 - 1.00 - පුණ්‍යානුමෝදනාව සහ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව ත්‍රිපිටකාචාර්ය මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 1.00 - 2.00 - ධර්ම සාකච්ඡාව මකුලෑවේ සුදස්සන හිමි, 2.30 - 4.30 - පැය 2 ක ධර්ම දේශනාව නාවල ධම්මානන්ද හිමි, 4.30 - 5.15 - ධර්මානුශාසනාව සම්බුදු වන්දනාව සිල් පවාරණය කිරීම ත්‍රිපිටකාචාර්ය මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි.


කිරිඇල්ල ශ්‍රී කුසල වර්ධනාරාමය

බුදුවිරු දියසෙන් බෞද්ධ මධ්‍යස්ථානයේ අනුග්‍රහය යටතේ කිරිඇල්ල ශ්‍රී කුසල වර්ධනාරාම විහාරය කේන්ද්‍රකර සිදුකරන පෝදා ශීල භාවනා වැඩසටහන මෙසේය.

පෙරවරු 5.00 - සිව් බුදුරජාණන් වහන්සේලා උදෙසා පැන් පූජාව හා ගිලන්පස බුද්ධ පූජාව 6.30 – අනුශාසකතුමා ගේ කෙටි දෙසුම 7.15 - සම්බුද්ධ පූජාව හා බුද්ධ වන්දනාව 10.00 – 11.00 – අනුශාසනාව සහ භාවනාව පිළිබඳ ගැටලු සාකච්ඡාව 11.00 – 11.30 – දවල් බුද්ධ පූජාවල පස්වරු – 1.00 – 2.00 – පිරිත් සජ්ක්‍ධායනය , 2.00 – 3.00 – අනුශාසනාව සහ භාවනාව පිළිබඳ ගැටලු සාකච්ඡාව 4.00 – 5.00 – ධර්ම දේශනාව 5.30- 6.30 – බුද්ධ වන්දනාව සහ අටවිසි පූජාවල රාත්‍රි 8.00 – 9.00 – ධර්ම දේශනාව රාත්‍රි 10.00- 11.00 – පිරිත් සජ්ඣායනය පසුදින උදෑසන 3.30 – 4.30 දක්වා වත පිළිවෙත උදෑසන- 5.00 – ගිලන්පස සම්බුද්ධ පූජාව උදෑසන – 6.30 - සිල්පවාරණය.


ශ්‍රී සංඝරාජ දහම් පාසල

මහනුවර මල්වතු මහා විහාරස්ථ තුම්පනේ පන්සලේ ශ්‍රී සංඝරාජ දහම් පාසලේ මැදින් පුර පෝය දින ආගමික වැඩ සටහන පහත සඳහන් පරිදි අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍ය අලුත්ගම ධම්මානන්ද මා හිමි අනුශාසකත්වයෙන් පැවැත්වේ. වැඩසටහන මෙසේ ය.

පෙරවරු 7.00 - 8.15 සිල් සමාදන් කරවීම, බුද්ධ පූජාව සහ පුණ්‍යානුමෝදනාව, 8.30 - 9.30 ධර්ම දේශනාව මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය බෙල්ලන්විල සංඝරතන හිමි, 10.00-11.00 විශේෂ දේශනය හා සාකච්ඡාව මෙහෙයවීම - බෙල්ලන්විල සංඝරතන හිමි, 11.00 බුද්ධ පූජාව, පස්වරු 12.30 - 1.00 ශ්‍රී සංඝරාජ දහම් පාසලේ දරුවන්ගේ දහම් වැඩසටහන, 1.00 - 2.15 කාව්‍යමය ධර්ම දේශනය මෙහෙයවීම- පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක දෙයියන්දර සුගුණසිරි හිමි, 3.00 - 4.00 ධර්ම දේශනය පල්ලේකොටුව සදහම් වෙහෙර විහාරාධිපති අඹතලාවේ සරණංකර හිමි, ප.ව.3.45 - 4.30 බෝධි පූජාව - සිල් පවාරණය - අත්තිඩියේ පුඤ්ඤරතන හිමි පවත්වන ධර්ම දේශනාව.


මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් විහාරය

මහනුවර ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවතේ කීර්ති ශ්‍රී රාජසිංහ පොත්ගුල් විහාරයේ මැදින් පෝදා සීලමය වැඩසටහන මෙදින (16) උදේ 7.00 විහාරාධිපති අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති යටිනුවර සුමන නාහිමි විසින් සැදැවතුන් අටසීල්හි පිහිටුවීමෙන් ආරම්භ කරනු ඇත.

සවස 6.00 දක්වා පැවැත්වෙන වැඩසටහනට දිවුලන් කඩවර සීලානන්ද හිමියන්ගේ දහම් දෙසුමක් භාවනා වැඩසටහනක්ද අධ්‍යාපනවේදී දුල්වල රතනසාර හිමි මෙහෙයවන ධර්ම සාකච්ඡා වැඩසටහක්ද ඇතුළත් වේ.


ශ්‍රී පුෂ්පදාන සමිතියේ මල් බෙදා දීම මහමලුවේදී

මහනුවර ශ්‍රී පුෂ්පදාන සමිතිය වාර්ෂිකව ශ්‍රී මහනුවර දළදා මාලිගාවේ වන්දනාව සඳහා පැමිණෙන සැදැහැවතුන් සඳහා පුරපසළොස්වක පෝය දින මෙවරද මල් බෙදා දීම මහනුවර ශ්‍රී පුෂ්පදාන සමිතිය මගින් මහමලුවේදී සිදු කෙරේ. වසර 105 සම්පූර්ණ කර ඇති පුෂ්පදාන සමිතිය මල් බෙදාදීමේ පුණ්‍යකර්මය අඛණ්ඩව පවත්වා ගෙන යනු ලැබේ.

- කේ. බණ්ඩාරනායක


මාසික ඉංගී‍්‍රසි ධර්ම සාකච්ඡාවක්

ආචාර්ය මිරිස්සේ ධම්මික හිමියන් විසින් මෙහෙයවන ඉංගී‍්‍රසි මාධ්‍ය ධර්ම සාකච්ඡාවක් සෑම මසකම අවසන් ඉරිදා සවස 4.00 සිට 6.00 දක්වා බත්තරමුල්ල, පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ දී පැවැත්වේ. මීළඟ ධර්ම සාකච්ඡාව මාර්තු මස 30 වෙනි දින පැවැත්වේ.


මාතර තරුණ බෞද්ධ සමිතිය

මාතර තරුණ බෞද්ධ සමිති ශාලාවේ දී පැවැත්වෙන මෙම වැඩසටහන මෙසේ ය. පල්ලාවෙල සාසනරතන දෙහිගස්පේ සිරි විමල ගම්මැදගම චන්ද්‍රජෝති, ජුලම්පිටියේ සොමින්ද, ජුලම්පිටියේ සුසිත, හඳුගල සමිත, කිරිඉබ්බන්ආර සුසීල, යටිගල සෝමතිලක දිගාමඩුල්ලේ බෝධිසීල කුරුණෑගල සාරානන්ද යන හිමිවරු පින්කම් මෙහෙයවති. ධර්මාචාර්ය මාකාවිට ධම්මාචාරී සීලමාතාව, නීතිඥ නිලන්ත හෙට්ටිගේ ශූරීන් දෙසුම් පවත්වති.


කල්‍යාණි රාජමහා විහාරය

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේදී මැදින් පෝදා දවස පුරා ආගමික වැඩ සටහන් පැවැත්වේ.

පෙරවරු 6.00 - 6.30 සීල සමාදානය හා බුද්ධ වන්දනාව රන්දිලිගම මහින්ද හිමි, 8.00 - 9.00 භාවනා වැඩ සටහන මෙහෙයවීම ශ්‍රී කල්‍යාණී රාජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 9.00 - 10.00 දහම් දෙසුම වැලිවේරියේ අනෝමදස්සි නාහිමි, 10.00 - 11.00 ධම්මපදයෙන් බිඳක් දර්ශනපති ලුණුගම්වෙහෙරේ නාරද හිමි , 11.00 - 11.30 බුද්ධ පූජාව ගොඩපොල නන්ද හිමි, පස්වරු 2.00 සීල භාවනා සමිතිය, 2.00 - 3.00 වෛද්‍ය විද්‍යා දේශනය විශේෂඥ දෛ්‍ය චින්තක ද සිල්වා මහතා , 3.00 - 4.00 දහම් දෙසුම ඕමල්පේ ධම්මා ලෝක හිමි , 4.00 - 5.00 ධර්ම සාකච්ඡාව ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධ රක්ඛිත හිමි, මාවුස්සාගොල්ලේ මුදිත හිමි, දෙමටපිටියේ මධුරවංස හිමි, 5.00 - 6.00 භාවනා වැඩසටහන මෙහෙයවීම මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 6.00 - 7.00 ගිලන්පස බුද්ධ පූජාව දෙමටපිටියේ මධුරවංස හිමි, 7.00 - 8.00 දම් දෙසුම දර්ශනපති ලුණුගම් වෙහෙරේ නාරද හිමි

ශීල භාවනා සමිතියෙ මෙහෙයවීමෙන් එම පින්කම් පැවැත්වේ.


සම්බුදුමග සංසදයෙන් පින්කම්

සම්බුදුමග සංසදය තුළින් අනුරාධපුර ජයසිරි මහ බෝ සමිඳු අභියස අෂ්ඨ පරිෂ්කාර, කප්රුක් පූජාව සහ ශීල සමාදානය මෙම 15 වන දා පෙරවරු 10.00 ට අනුරාධපුරයේ දී ආරම්භ වේ. එදින පස්වරු 2.00 ට මැදවච්චිය, ඉසින්බැස්සගල, රුවන්ගිරි රජමහ විහාරය කේන්ද්‍ර කර ගනිමින් අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහනක් සහ පෝ දින විශේෂ ධර්ම දේශනයක්, අර්ධශතාධික සඟසතු දානමය පින්කමක් ප්‍රදේශයේ විහාරස්ථානයන්ට ගිරිභණ්ඩ ප්‍රදානයක් සහ ප්‍රදේශවාසී පවුල් සඳහා වියළි සලාක ආහාර ද්‍රව්‍ය ප්‍රදානයක් ද සිදු කිරීමට නියමිතය.


මීමල්වැව පුරාණ ගිරිලෙන් රජමහා විහාරය

කල්ලන්චිය, මීමල්වැව, පුරාණ ගිරිලෙන් රජමහා විහාරස්ථානයේ මෙම මැදින් පුර පසළොස්වක පෝදා අරුක්ගොඩ විමලරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් දායක සභාවේ සහ සුමංගල දහම් පාසලේ මූලිකත්වයෙන් පින්කම් රැසක් පැවැත්වේ.


දහම් දෙසුමක්

කොලොන්නාව බෞද්ධ මධ්‍යස්ථානයේ පොත්තේවෙල විනීත නාහිමියන් විසින් මැදින් පොහෝදා රාත්‍රි 7.00 සිට 8.00 දක්වා කොලොන්නාව තරුණ බෞද්ධ සමිති කාර්යාලයේදී ධර්මදේශනය පවත්වනු ලබති. සංවිධානය , කොලොන්නාව තරුණ බෞද්ධ සමිතියේ විධායක සභික චන්ද්‍රා රත්නායක .


මාතර ආරෝග්‍ය සේවා සංගමය

මාසිකව පැවැත්වෙන ගිලන් සංග්‍රහය මෙවර මාතර මහ රෝහලේ නේවාසික රෝගීන්ට කිරි, බිස්කට් සහ සබන් පරිත්‍යාග කිරීම “සිත්සුව“ දහම් පත්‍රිකාව බෙදා දීම රෝහල් කමිටුවේ සාමාජික වලස්ගල පඤ්ඤාසිරි හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ.


එක්සත් වන්දනෝපකාර සමිතියේ දාන සංග්‍රහය

ශ්‍රී පාදස්ථානය වැඳ පුදා ගැනීම සඳහා කුරුවිට එරත්න මාර්ගයෙන් පැමිණෙන සැදැහැවතුන් උදෙසා දැඩිගමුව, වැලිපිල්ලෑව එක්සත් වන්දනෝපාකාර සමිතිය මඟින් 1945 වර්ෂයේ සිට අඛණ්ඩව පවත්වාගෙන එනු ලබන බත්, තේ, කෝපි සහ සිසිල් බීම ආදියෙන් සමන්විත දාන සංග්‍රහය 70 වෙනි වරටත් මෙවරද මාර්තු 13, 14, 15, 16 සහ 17 වෙනි දින වල කුරුවිට එරත්න මාර්ගයේ වර්ණගල පිහිටි ඩයිමන්ගල අම්බලමේ දී (සරුවත් අම්බලමේදී) පැවැත්වේ.


නිලන්නෝරුව විහාරයේ දී පෝදින සදහම් ධර්ම යාත්‍රාව

ලෝක තරුණ බෞද්ධ භික්‍ෂු සංවිධානයේ මෙහෙයවීම යටතේ මැදින් පොහෝ දින සදහම් ධර්ම යාත්‍රාව නමින් හඳුන්වනු ලබන ආගමික වැඩසටහන් මාලාව නිලන්නෝරුව පුරාණ විහාරස්ථානයේ දී දවස පුරා පැවැත්වේ. භාවනා, ධර්ම දේශනා, බුද්ධ වන්දනා, බෝධි පූජා සමඟ මහ පිරිත් දේශනාවක් ද එම වැඩසටහනට ඇතුළත් වේ. පෙරවරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා එය ක්‍රියාත්මක වන්නේ නිලන්නෝරුව පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති විශ්‍රාමලත් සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක ලෙනදොර සෝරත නා හිමියන්ගේ අනුශාසකත්වයෙනි.

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 15 වන දා සෙනසුරාදා අපරභාග 9.19 ට ලබයි.
16 වන දා ඉරිදා අපරභාග 10.37 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 16 වනදා ඉරිදාය.

මීළඟ පෝය
මාර්තු 24 වන දා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 16

Second Quarterඅව අටවක

මාර්තු 24

New Moonඅමාවක

මාර්තු 30

First Quarterපුර අටවක

අප්‍රේල් 07


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]