UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුවරු වදාළ සමඟි බලය

 බුදුවරු වදාළ සමඟි බලය

සමඟිව වාසය කිරීම නිසා මෙලොව බොහෝ අනුසස් ලැබේ. සංසාර ගමනේ දී අපමණ අනුසස් ලැබීම ගැන අමුතුවෙන් කිවයුතු නොවේ. බුද්ධ ශාසනය පවතින කාලයේ නිතර නිතර ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට හැකියාව තිබෙන බැවින් ජීවත්වීමේ ක්‍රමය හොඳින් තේරුම් ගත හැකි ය

විවාදං භයතො දිස්වා
අවිවාදංච ඛේමතො
සමග්ගා සඛිලා හෝථ
එස බුද්ධානු සාසනං

වාද භේද දුරු කොට සමඟි සම්පන්නව ජීවත් වීම ලෝකයේ ප්‍රධානතම කාරණයි. ගෙදර තුළ ජීවත් වෙන මව, පියා, දූ දරුවන් වාද භේද නැතිව ඔවු නොවුන් අතර හිතවත් බව, ආදරණීයත්වය තිබෙනවා නම් සමඟිය ආරක්‍ෂා වේ. මත් වතුරට ගිජු නොවී එයින් සම්පූර්ණයෙන් ඉවත් වී සිටිනවා නම් එයිනුත් සමඟිය ආරක්‍ෂා වේ.

ජාතක දේශනා කීපයක් සමඟිය පිළිබඳව දේශනා කොට ඇත. තම තමන්ගේ කරුණා, මෛත්‍රිය, ඉවසීම, දයාව, අනුකම්පාව තිබෙන තරමට සමඟිය ආරක්‍ෂා වේ.

වාද භේද ඇති කර ගැනීම භයක් සේ දැක වාද, භේද රහිතව නිර්භයව වාසය කළ යුතු යි. සියල්ලෝම සමඟි සම්පන්නව වාසය කිරීම සියලුම බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාවයි.

සමඟිය ආරක්‍ෂා කර ගැනීමට නම්, - සිල්වන්තව සිටීම, නුවණින් වැඩ කිරීම, සිහි කල්පනාවෙන් සිටීම, මාන්නය දුරු කිරීම, කපටිකම දුරු කිරිම, වෛරය දුරු කිරීම, ඊර්ෂ්‍යාව දුරු කිරීම, ඕපාදූප කතා නොකිරීම, අධික තණ්හාව අඩු කිරීම, ඉවසීමෙන් කටයුතු කිරීම ආදියයි. ඉහත කාරණා අප ජීවිතයට සම්බන්ධ කර ගැනීමෙන් දෛනික ජීවිතය සරුසාර කර ගත හැකි ය. අපිරිසුදු සිත පිරිසුදු කර ගැනීමට ඉවහල් වේ. සිත පිරිසුදු වීම නිසා තම ශරීරය පිරිසුදු වේ.

බුදුරජාණන් වහන්සේ ලංකාවේ නාගදීපයට වැඩම කළේ අසමඟි වූවන් සමඟි කරවීම උදෙසා ය. කපිලවස්තු පුර දෙපිරිසක් වතුර නිසා ඇති කරගත් මහා කෝලාහලය සංසිඳුවීම සඳහා බුදුරජාණන් වහන්සේ සමඟියේ අගය පහදා වදාළහ. අසමඟියේ තිබෙන ආදීනව පෙන්වූ සේක.

බුද්ධත්වයෙන් දසවැනි වර්ෂයේ මහා සංඝයා භේද භින්න වූ අවස්ථාවේ ද බුදුරජාණන් හුදකලා විය. පසුව සමඟි සම්පන්නව සිටීමේ වැදගත්කම දේශනා කළහ. භික්‍ෂූන් වහන්සේලා සමඟි සම්පන්න වීම උතුම් ධර්මයක් හැටියටද පෙන්වා දී ඇත.

සමඟිව වාසය කිරීම නිසා මෙලොව බොහෝ අනුසස් ලැබේ. සංසාර ගමනේ දී අපමණ අනුසස් ලැබීම ගැන අමුතුවෙන් කිවයුතු නොවේ. බුද්ධ ශාසනය පවතින කාලයේ නිතර නිතර ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට හැකියාව තිබෙන බැවින් ජීවත්වීමේ ක්‍රමය හොඳින් තේරුම් ගත හැකි ය. සති, සමාධි, ඥාන, දියුණූ කරගෙන තමන්ගේ ජීවිතය උසස් බවට පත්කර ගැනීමට පුළුවන්.

විසාලා මහනුවර ලිච්ඡවී රාජධානියේ වාසය කළ රජවරු බොහෝමයක් සමඟි සම්පන්නව වාසය කළ නිසා පර සතුරන්ට එම රට යටත් කර ගැනීමට නොහැකි විය. එම රාජ්‍ය දියුණු කරගෙන රටවැසියන් සමඟ ඉතා සුහදව ගත කළ බව ධර්මයේ සඳහන් වේ. සමඟිය තිබෙනතාක් කිසිම කෙනෙකුට පැමිණ කරදරයක් කිරීමට පුළුවන් කමක් නැත. ලිච්ජවී රජ දරුවන් සතු අපරිහානි ධර්ම වලින් කීපයක් මෙසේ ය.

* නිතර නිතර රැස්වීම.
* සමඟිව රැස්ව, සමඟිව කටයුතු කර විසිරීයාම
* නොපැනවූ නීති නොපැනවීම, පැන වූ නීති කඩ නොකොට ආරක්‍ෂා කිරීම.
* වැඩිහිටියන්ට ඇහුන්කන්දීම.
* කාන්තාවන්ට හිරිහැර නොකිරීම.
* පූජනීය ස්ථානවලට ගරු කිරීම.
* තම රටට නොපැමිණි රහතුන් පැමිණෙන ලෙස කටයුතු කිරීම, පැමිණි රහතුන් සුවසේ වෙසෙන පරිදි, උන්වහන්සේලාට පහසුකම් හා රැකවරණය සැපයීම.

අපි සියලුම දෙනා වාද භේද දුරැලා සමඟි සම්පන්නව වාසය කර මෙලොව ජීවිත සකසා, පරලොව ජීවිත වාසනාවන්ත කරගෙන සියලුම සංසාර දුකින් අත්මිදී නිවන් සුව ලබා ගැනීමට අධිෂ්ඨාන කර ගනිමු.

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 15 වන දා සෙනසුරාදා අපරභාග 9.19 ට ලබයි.
16 වන දා ඉරිදා අපරභාග 10.37 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 16 වනදා ඉරිදාය.

මීළඟ පෝය
මාර්තු 24 වන දා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 16

Second Quarterඅව අටවක

මාර්තු 24

New Moonඅමාවක

මාර්තු 30

First Quarterපුර අටවක

අප්‍රේල් 07


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]