UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දඹදිව බුද්ධ භූමියේ පැවැත්වෙන අසිරිමත් කඨින පුණ්‍ය මහෝත්සව මාලාව

දඹදිව බුද්ධ භූමියේ පැවැත්වෙන අසිරිමත් කඨින පුණ්‍ය මහෝත්සව මාලාව

මෙම සෑම පින්කමක් පාහේ චාරිත්‍රානුකූල වත් පිළිවෙත් සිදු කර පෙරහර පවත්වා ලාංකීය සංස්කෘතිකාංගයන් ගෙන් සුසැදිව සිදු කිරීමට

එම පින්වතුන් බලාපොරොත්තු වේ. එම සියලු කටයුතු වල පෙර සූදානම සහ පවතින ආරක්‍ෂක තත්ත්වයන් මැනවින් දැක බලා ගැනීමට පසුගියදා එහි වැඩම කළ අපගුරුදේවෝත්තම අස්ගිරි මහානාහිමිපාණන් වහන්සේටත් හැකියාව ලැබුණු බව සතුටින් සඳහන් කරන අතර මෙම කඨින පින්කම් සියල්ල ඉතා හොඳින්ම සාර්ථකව සිදු කිරීමට එම පින්වතුන්හට

හැකිවේවායි අපි ප්‍රාර්ථනා කර සිටිමු

ලොව්තුරු බුදුපියාණන් වහන්සේ අනුදැන වදාළ පරිදි වසරේ එක්තරා කාල සීමාවක් තුළ භික්‍ෂු සංඝයා වහන්සේලා ධර්ම ප්‍රචාරය පිණිස ගම් නියම්ගම් පුරා නොවැඩ ආරාමයට හෝ විහාරස්ථානයට වී දායකයන්ට බණ දහම් කියා දෙමින් බවුන් වඩමින් කටයුතු කරනු ලබයි. මෙය අපි වස් කාලය නමින් හඳුන්වමු. ශ්‍රී ලංකාවේ මෙන්ම සෙසු බෞද්ධ රටවල් බොහෝමයකම දායකයන් විසින් ආරාධනා කොට භික්‍ෂූන් වහන්සේලා වස් වසවා තෙමසක් අවසන කඨින චීවර පූජාවක් පවත්වනු ලබයි. ඈත අතීතයේ පටන්ම බෞද්ධ පොදු මහ ජනතාවට වඩා වැඩියෙන් පින්කම් කළ හැකි කාලයක් ලෙස වටහා ගෙන මහානීය උතුම් පින්කමක් ලෙස කඨින පින්කම් සිදු කරනු ලබන කාලයකි මෙම වස් කාලය.

මෙවර දඹදිව බුද්ධභූමියේ ද විවිධ ලාංකීය පින්වතුන් විසින් එලෙස කඨින පින්කම් සිදුකිරීමට සැලසුම් කර තිබීම ශාසන චිරස්ථිතිය පිළිබඳ මාහැඟි සුබ පෙර නිමිත්තක් බව කිව මනා ය. ඒ අනුව මෙවර සිද්ධාර්ථ අපමහා බෝසතාණන් වහන්සේ දස මරසෙන් පරදවා ලොව්තුරා බුදු බවට පත්වුණු බුද්ධගයා ශුද්ධ භූමියේ පිහිටි 1891 වසරේ දී බෝධිසත්ව ගුණෝපේත අනගාරික ධර්මපාලතුමන් විසින් ස්ථාපනය කරන ලද ශ්‍රී මහා බෝධි විහාරස්ථානයේ මෙවර කඨින පුණ්‍ය මහෝත්සවය සිදු කරනු ලබන්නේ කොළඹ සෙන්ට්‍රල් බෙයාරින් සහ සන්ධ්‍යා තෙන්නකෝන් මැතිණිය ඇතුළු දූ දරුවන්ගේ සැදැහැති දායකත්වය ඇතිවයි. භාරතයේ ප්‍රධාන සංඝනායක ඉන්දීය මහා බෝධි සමාගමේ මහ ලේකම් දොඩන්ගොඩ රේවත නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ශ්‍රී ලංකාවෙන් වැඩම කරවන ලද ස්වාමීන් වහන්සේලා ද ඇතුළුව ස්වාමීන් වහන්සේ දස නමකට වස් ආරාධනා කොට එම කඨින චීවර පූජා පින්කම 2013 නොවැම්බර් මස 10 වන දින සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ගෙන ඇති අතර මෙම උතුම් පින්කමට සමගාමීව බුද්ධගයා ශ්‍රී මහා බෝධි විහාර පරිශ්‍රය තුළ රුපියල් කෝටි සංඛ්‍යාත ධනස්කන්ධයක් විය පැහැදම් කොට ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ ශ්‍රී නාමය අනුස්මරණය කරනු වස් සුවිශාල ධර්මශාලාවක් සුදත් තෙන්නකෝන් මැතිතුමන් විසින් සාදා නිමකරමින් පවතින අතර එම ධර්මශාලාව ද 09 වන දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පවත්වා පසු දින විවෘත කර සසුනට පූජා කිරීම සියම් මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ ශ්‍රීමත් මහානාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් සිදුවේ.

එමෙන්ම ලොව්තුරු බුදුපියාණන් වහන්සේ තම පළමු ධර්ම දේශනාව වූ දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කොට වදාළ දඹදිව බරණැස්නුවර ඉසිපතනාරාමයේ පිහිටි නව මූලගන්ධිකුටි විහාරය කේන්ද්‍රකොට ගෙන පැවැත්වෙන කඨින පුණ්‍යමහෝත්සවය මෙවර සිදු කරනු ලබන්නේ අප ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ ප්‍රධානතම දායක පින්වතුන් යුවලක් වන විශේෂඥ වෛද්‍ය කමානි මායාදුන්න මැතිණිය සහ රුක්ලන්ත මායාදුන්න මැතිතුමන් විසිනි. අති විශාල ධනස්කන්ධයක් වියදම් කොට දශක ගණනාවකට පසුව නව මූලගන්ධිකුටි විහාරස්ථානය පිළිසකර කිරීම් කටයුතු මේ වන විටත් සිදුවන අතර ඒ පිරිසෙන් සැදැහැති දායකත්වයෙන්ම සාරණාත් බුදු පිළිම වහන්සේගේ සිරසට ඉහළින් දඹරන් වියනක් ද සාදා පරිත්‍යාග කිරීම මෙහිදී සිදු වෙයි. වසරකට වරක් පැවැත්වෙන නව මූලගන්ධිකුටි විහාරයේ තැන්පත් කර ඇති නිර්මල ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය සිදුවන අතර රෝසමල් ලක්‍ෂයකින් මූලගන්ධිකුටි විහාරය වසා අනූහාරදහසක් පහන් දල්වා ස්වාමීන් වහන්සේ 300 නමක් විෂයෙහි සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් පිරි නැමීමට ද විහාරස්ථානවලට ධර්ම පුස්තක බෙදා දීමට මෙහිදී කටයුතු සම්පාදනය කොට ඇත.

බරණැස ඉසිපතනාරාමාධිපති ඉන්දීය මහා බෝධි සමාගමේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පැලවත්තේ සීවලී නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සිදුවන මෙම මහඟු පින්කමට ද අති විශාල සැදැහැති පිරිසක් බෞද්ධයා රූපවාහිනී නාලිකාවේ අප සමඟ සහභාගී වීමට නියමිතයි.

තවද බුද්ධගයාවේ පිහිටි බංගලාදේශ විහාරස්ථානයේ මෙවර කඨින පින්කමක් ද සිදු කරනු ලබන්නේ ඇතුල් කෝට්ටේ පදිංචි සමන්ති විමලසේන මැතිණිය සහ ප්‍රසන්න විමලසේන මැතිතුමන්ගේ සැදැහැති දායකත්වයෙනි.

මෙම සෑම පින්කමක් පාහේ චාරිත්‍රානුකූල වත් පිළිවෙත් සිදු කර පෙරහර පවත්වා ලාංකීය සංස්කෘතිකාංගයන් ගෙන් සුසැදිව සිදු කිරීමට එම පින්වතුන් බලාපොරොත්තු වේ. එම සියලු කටයුතු වල පෙර සූදානම සහ පවතින ආරක්‍ෂක තත්ත්වයන් මැනවින් දැක බලා ගැනීමට පසුගියදා එහි වැඩම කළ අපගුරුදේවෝත්තම අස්ගිරි මහානාහිමිපාණන් වහන්සේටත් හැකියාව ලැබුණු බව සතුටින් සඳහන් කරන අතර මෙම කඨින පින්කම් සියල්ල ඉතා හොඳින්ම සාර්ථකව සිදු කිරීමට එම පින්වතුන්හට හැකිවේවායි අපි ප්‍රාර්ථනා කර සිටිමු.

 

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් මස 18 වැනිදා සිකුරාදා පූර්වභාග 05.35 ට ලබයි.
19 වැනිදා සෙනසුරාදා පූර්වභාග 05.09 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම 18 වැනිදා සිකුරාදා ය.

 මීළඟ පෝය ඔක්තෝබර් 26 වැනිදා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 18

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 26

New Moonඅමාවක

නොවැම්බර් 03

First Quarterපුර අටවක

නොවැම්බර් 10


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]