UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බොදු පුවත් (ඡායාරූප)
 

සාදු සිරි ජින වන්දනා සංයුක්ත තැටිය එලි දැක්වීම

මහා සංඝරත්නයේ පද සංකල්පනා ඇතුළත් නිර්මාණශීලී, අරුත්බර දහම් සිතිවිලි, සංගීතය සමඟ සුසංයෝගී වූ ගීත 17ක් ඇතුළත් මුල් සංයුක්ත තැටිය මල්වතු මහා විහාරවාසී නියංගොඩ ශ්‍රී විජිතසිරි අනු නා හිමියන් වෙත සරත් ඕවිටිගල මහතා පිරිනැමූ අයුරු ගිරාඹේ මංගල හිමියන් ද මෙහි වෙති.

 ජාතික යොවුන් සේනාංකයේ සැදැහැ ගී සරණිය

ශ්‍රී සම්බුදු තෙමඟුල සිහිගන්වනු වස් ජාතික යොවුන් සේනාංකය සහ වෘත්තීය පුහුණු අධිකාරිය එක්ව සංවිධානය කළ ‘ වෙසක් බැති ගී සරණිය’ වෙසක් මස 24, සිට 27 දින දක්වා ජාතික යොවුන් සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. තිලකරත්න මහතා ඇතුළු අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් ‘ වෙසක් සැදැහැ ගී සරණිය’ යොවුන් සේනාංක සෞන්දර්ය නිකේතනයේ තරුණ තරුණියන් විසින් ඉදිරිපත් කළ අයුරු.

කඳාන පොල්පිටිමූකලාන සිරිවර්ධන කනිෂ්ඨ ද්විතීයික විදුහලේ ශිෂ්‍ය නායක නායිකාවන්ට පදක්කම් පැළඳීමේ උත්සවයේදී ශිෂ්‍ය නායක ප්‍රමෝද් මධුෂාන් එම විදුහලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමියන් අතින් ත්‍යාගයක් ලබා ගත් අයුරු.

ශ්‍රී සීලවිමල දහම් පාසල් සිසුන්ට නිල ලාංඡන පළඳවන උත්සවයේ ප්‍රධාන ආරාධිතයාවූ ඌරාපොල ශ්‍රී අභයරාජ පිරිවෙනේ ආචාර්ය සුළුගුණේ පේමරතන මාහිමියන් විහාරාධිපති හිමියන්ගේ ද සහාය ඇතිව දහම් පාසලේ ශිෂ්‍යයෙකුට නිල ලාංඡනය පැළැඳ වූ අවස්ථාව සේයාරුව - මහනුවර දකුණ විශේෂ: ආර්. එම්. රත්නායක


ශ්‍රී දළදා මාලිගාව මඟින් පාලනය වන පල්ලෙකැලේ ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිබා දහම් පාසලේ 2012 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගිය 12 වෙනි දින පැවැත් විය. මේ අවස්ථාවට සහභාගි වූ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මැතිතුමා, දහම් අධ්‍යාපනය ලබන ඉන්දියන් ජාතික ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ ‘ බෝධි සොප්ටෝ චක්මා’ හිමියන් වෙත තිළිණ සහ සහතික පත් ප්‍රදානය කළ අයුරු පළමු ඡායාරූපයෙන් ද දහම් පාසලේ ශිෂ්‍යාවකට ත්‍යාග ප්‍රදානය කළ අයුරු දෙ‍ෙවනි ඡායාරූපයෙන් ද දැක්වේ. - කුණ්ඩසාලේ සමූහ: සුනිල් ගුණවර්ධන

සම්බුදු තෙමඟුල නිමිත්තෙන් මහජන බැංකු කලා කවය සංවිධානය කළ “ බුදු පුද වන්දනා බැති ගී සරණිය” වෙසක් පොහෝ දින කඩවත වෙසක් කලාපයේත්, පසුදින බෞද්ධාලෝක වෙසක් කලාපයේත් ඉදිරිපත් කෙරිණි. මහජන බැංකුව කලා කවයේ ස්වර්ණ ජයන්ති සැමරුමට සමගාමීව පවත්වනු ලැබූ මෙම බැති ගී සරණියේ ගී පද මාලා හා ගායනය සේවක මණ්ඩල විසින් ඉදිරිපත් කළ අතර, තනු නිර්මාණය හා සංගීතය මහාචාර්ය කෝලිත භානු දිසානායක මහතා විසින් සිදුකර ඇත.

 
 

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජුනි මස 16 වැනි ඉරිදා පූර්වභාග 10. 44ට ලබයි. 17 වැනිදා සඳුදා පූර්ව භාග 10. 47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි මස 16 වැනිදා ඉරිදා ය.

මීළඟ පෝය
ජුනි මස 23 වැනිදා ඉරිදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 16

Full Moonපසෙලාස්වක

ජූනි 23

Second Quarterඅව අටවක

ජූනි 30

New Moonඅමාවක

ජූලි 07


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]