UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අධිසිල් ලබති

අධිසිල් ලබති

නාවලපිටිය ශ්‍රී කවිශ්වර වෙළුවනාරාම විහාරස්ථානයේ ශ්‍රී සුගත ධමෝදය දහම් පාසලේ ආචාර්යවරුන් ලෙස සේවය කරන සෙනෙවිගම රේවත, මාලිගතැන්නේ සුවිනීත, වලපනේ ගෝතම යන සාමණේරයන් වහන්සේලා ජුනි 15 කඳුබොඩ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථාන බද්ධ සීමා මාලකයේදී උතුම් උපසම්පදා ශීලයෙහි පිහිටුවනු ලබයි.

සෙනවිගම රේවත හිමියන් ගම්පල බුවනෙකබා පිරිවෙනේ අධ්‍යාපනය හදාරන අතර මාලිගාතැන්නේ සුවිනීත හිමියන් පේරාදෙණිය සාරානන්ද පිරිවෙනේ අධ්‍යාපනය ලබයි. වලපනේ ගෝතම හිමියන් ගම්පල බුවනෙකබා පිරිවනේ අධ්‍යාපනය ලබති. ශ්‍රී කවීශ්වර වේළුවනාරාමාධිපති ත්‍රිපිටකවේදී ශාස්ත්‍රපති හකිරිල්ලේ ධම්මාලංකාර නා හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ මෙම කටයුතු සිදු කරන බව බලංගොඩ සමිත හිමි දන්වා සිටියි.

 


තෙල්වත්ත පුරාණ තොටගමු රාජමහා රත්පත් විහාරාධිපති හා කිරිඳිඇල කුඩාරාජකන්ද විජය ශ්‍රී පියරතනාරාමාධිපති රාජකීය පණ්ඩිත ගම්මැද්දේගොඩ පුඤ්ඤසාර මාහිමි හා ගෝනාපීනුවල ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ සභාපති අම්බලන්ගොඩ ශ්‍රී සද්ධර්මාලංකාර පිරිවෙණේ නියෝජ්‍ය පරිවේණාධිපති ශාස්ත්‍රපති රෑකඩහේනේ ඉන්දසාර හිමිගේ ශිෂ්‍ය දැනට බද්දේගම කිරිබතාවිල ශ්‍රී අමරවංස විද්‍යායතන පිරිවෙණේ උසස් අධ්‍යාපනය හදාරන රෑකඩහේනේ නන්ද සාමණේර හිමියන්ගේ උපසම්පදා පුණ්‍ය මහෝත්සවය ජුනි මස 10 දින මහනුවර මල්වතු මහා විහාරයීය උපෝෂථ ශ්‍රී පුෂ්පාරාම විහාරයීය රාජකීය මංගල උපෝෂථාගාරයේ දී සිදු කරනු ලැබීය.

 

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජුනි මස 16 වැනි ඉරිදා පූර්වභාග 10. 44ට ලබයි. 17 වැනිදා සඳුදා පූර්ව භාග 10. 47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි මස 16 වැනිදා ඉරිදා ය.

මීළඟ පෝය
ජුනි මස 23 වැනිදා ඉරිදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 16

Full Moonපසෙලාස්වක

ජූනි 23

Second Quarterඅව අටවක

ජූනි 30

New Moonඅමාවක

ජූලි 07


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]