UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුදහම වර්තමාන ලෝකයට අදාළ වන්නේ කෙසේද?

බුදුදහම වර්තමාන ලෝකයට අදාළ වන්නේ කෙසේද?

වර්තමාන, අතීත, අනාගත කියල බුදුදහමට කාලයක් නෑ. බුදුදහම කොයි කාලයටත් ගැළපෙනවා. එය සර්වකාලීනයි. බුදුදහමට අනුව දහම පිළිබඳව සිතා මිනිසුන් ක්‍රියා කළ යුතුයි. සපත්තුවේ හැටියට කකුල කපන්න හොඳ නෑ. කකුලෙ හැඩයට සපත්තුව හදන්න ඕනෑ.ජීවිතය ධාර්මික වූ තරමට බුදුදහමට එකඟයි. දහමෙන් අපේක්‍ෂා කරන්නෙත් ධාර්මික දිවි පැවැත්මක්. ප්‍රධාන වශයෙන් මිනිසා පන්සිල් රකින්න ඕනෑ. ධාර්මික ජීවිකාව ගත කරන්න ඕනෑ

(මැයි 18 වන දා පත්‍රය හා සම්බන්ධයි)

ප්‍රශ්නය – බුදුදහමේ ඉගැන්වෙන අනිත්‍යතාව අසුභවාදී දහමක් ද?

පිළිතුර – බුදුහාමුදුරුවො දුක පමණක්ම නොව දුකට හේතුවත්, සැපයත්, සැපයට මඟත් ඉගැන්නුවා. බුදුදහම අසුබවාදී හෝ සුබවාදී දහමක් නොව එහි ඇත්තේ මධ්‍යම ප්‍රතිපදාවයි. අසුබවාදය එක් අන්තයකට යාමයි. සුබවාදය තවත් අන්තයකට යාමකි. ලෝකයෙහි දුක් ඇති බවත්, ලෝකයෙහි සියල්ල අනිත්‍ය බවත් දේශනා කළා. දුකක් ඇත්තනම් ඒ දුක ඇතිවීමට හේතුවත් තියෙන්න ඕනෑ. දුක පමණක් නොව සැපයත් තියෙනවා. ඒ වගේම සැපය ළඟා කරගත හැකි මාර්ගයකුත් තියෙනවා. සම්පූර්ණ අසුබවාදී හෝ සුබවාදී නොවී ඒ දෙකින් පිට ඇති නියම සත්‍ය තත්ත්වය බුදුදහම තුළින් පෙන්වා දුන්නා. බුදුදහම මගින් අසුබය අසුබ ලෙසත්, සුබ දේ සුබ ලෙසත් උගන්වනවා. සියල්ල අසුබය කියා හෝ සුබය කියා හෝ උගන්වන්නෙ නෑ. සුබදේට සුබ කියාත් අසුබ දේට අසුබ කියාත් කියනවා හැර අන්තයකට යන්නේ නෑ.

ප්‍රශ්නය - සංසාරයට මුලක්, මැදක්, අගක් නැතැයි කීම බුදුදහමට එකඟද?

පිළිතුර - සංසාරයෙහි මුලක් නෑ. විශ්වයේ අගක් මුලක් නෑ. කාල වශයෙන්, දිසා වශයෙන් අනන්තයි. කෙළවරක් නෑ. එක් අතකින් ඒවා ගැන කතා කිරීම බුදු හමට අයිති නෑ. දැන් විඳින්නා වූ දුකින් නිදහස් වන ආකාරය වටහාදීමයි බුදුදහමෙන් බලාපොරොත්තු වන්නේ. සසරේ අග, මුල, මැද සෙවීම කාලය ගත කරන කල්පනාවක් පමණයි. ලෝක විෂය අචින්ත්‍ය බව බුදුදහමේ පවා පෙන්වා දී තිබෙනවා. ඒ කියන්නේ ඒවා ගැන සිතන්න එපා කියන එක නොව, ඒවා ගැන සිතා අවසානයක් කරන්න බෑ කියන එකයි. ඒ ගැන සිතන්න සිතන්න තව තවත් ප්‍රශ්න මතුවෙනවා.

ප්‍රශ්නය - සෘද්ධි ප්‍රතිහාර්ය පෑ හැකි භාවනාව කුමක්ද?

පිළිතුර – පංචම ධ්‍යානය පුරුදු කර එතැනින් එහාට සෘද්ධි වැඩිය යුතුයි. එය වෙනම පුරුදු කරන්න ඕනෑ. පංචම ධ්‍යානය පුරුදු වී සෘද්ධි වඩන ක්‍රම තිබෙනවා. ඒ සෘද්ධි වඩන ක්‍රමවල නොයෙදී ඒ ශක්තිය ලබන්න බෑ. සෘද්ධි ලබන කර්මස්ථානය ක්‍රමය පුරුදු කරන්න ඕනෑ. දිවැස ලබන්න නම් ඒවාගේම ශරීරය අහසට ගන්න අවශ්‍ය නම් ඒ එක් එක් කරුණ සඳහා අවශ්‍ය කර්මස්ථාන තිබෙනවා. ඒ සියල්ල පිළිබඳ දීර්ඝ විස්තර අවශ්‍ය අයට විසුද්ධි මාර්ගය කියවා දැනුම වර්ධනය කර ගන්න පුළුවන්.

ප්‍රශ්නය – පන්සිල් නැවත නැවත ගැනීමේ අවශ්‍යතාවයක් තිබෙනවාද?

පිළිතුර – පන්සිල් දිනපතා සමාදන්වීමෙන් සිදුවන්නේ ඒ ගැන මතක් කර ගැනීමක්. ඒ නිසා තම තමන්ට ඒ ගැන නිතර සිහිවෙන ගමන් ආරක්‍ෂා කරන සීලය පිළිබඳ මතක් කර ගැනීමත්, නැවත සිතා බැලීමත් වරදක් වන්න හේතුවක් නෑ. ඒ පිළිබඳ නැවත තමාටම මතක් කර ගැනීමකි.

ප්‍රශ්නය – බුදුදහමට අනුව වත්මන් ලෝකයේ පැවැත්ම කෙසේ සිදුවේද?

පිළිතුර – ඒ ඒ කාලවලදී මිනිසුන් කරගෙන යන ක්‍රියා පිළිවෙත්වළට අනුව ලෝකය පවතිනවා. සමාජයේ පුද්ගලයන් වැඩි දෙනා බහුතරය යහපත් ක්‍රියාවල යෙදුණොත් සමාජය හොඳයි. එසේ නොවූ ලෝකයේ අපරාධ වැඩිවුණොත් දුක් වැඩිවේවි. ලොව ජීවත්වන මිනිසුන්ට හොඳ, යහපත තියාගන්න අවශ්‍ය නම් එය ආරක්‍ෂා කරගත හැකියි. එය මිනිසුන් සතු දෙයක්. ඔවුන් අත පවතින කටයුත්තක්. එය ඉබේ ඇතිවන දෙයක් නොවේ. හොඳ , නරක දෙක ලෝකයේ හැමදාමත් පවතිනවා. මිනිසුන්ගේ ක්‍රියා අනුව එය පවතිනවා. හොඳ, යහපත් අය වැඩිවුවොත් ප්‍රතිඵල හොඳ වේවි.

කකුලෙ හැඩයට සපත්තුව

ප්‍රශ්නය – බුදුදහම වර්තමාන ලෝකයට අදාළ වන්නේ කෙසේද?

පිළිතුර – වර්තමාන, අතීත, අනාගත කියල බුදුදහමට කාලයක් නෑ. බුදුදහම කොයි කාලයටත් ගැළපෙනවා. එය සර්වකාලීනයි. බුදුදහමට අනුව දහම පිළිබඳව සිතා මිනිසුන් ක්‍රියා කළ යුතුයි. සපත්තුවේ හැටියට කකුල කපන්න හොඳ නෑ. කකුලෙ හැඩයට සපත්තුව හදන්න ඕනෑ.

ජීවිතය ධාර්මික වූ තරමට බුදුදහමට එකඟයි. දහමෙන් අපේක්‍ෂා කරන්නෙත් ධාර්මික දිවි පැවැත්මක්. ප්‍රධාන වශයෙන් මිනිසා පන්සිල් රකින්න ඕනෑ. ධාර්මික ජීවිකාව ගත කරන්න ඕනෑ. මසට සතුන් ඇති කිරීමත් සමහර අය ජීවනෝපාය කරගෙන.

ඒවා අධාර්මික ක්‍රියා. එවැනි දෑ දහමට එකඟ නෑ. මත්පැනට හුරුවීමත් එසේමයි. දහමට අනුකූල නෑ. එවැනි දේ නරක ආදර්ශ එවැනි නරක ආදර්ශ හොඳ නෑ. ඒ නිසා පන්සිල් රකිමින් ධාර්මික ජීවිතයක් ගත කිරීම හොඳයි.

ප්‍රශ්නය – මහානායක හාමුදුරුවනේ වසර එකසිය දෙකක් පමණ දැනට වයසැති ඔබ වහන්සේගේ ජීවිතයේ දිගාසිරි ලැබීමේ හේතුව මහානායක හාමුදුරුවෝ දකින්නේ කෙසේද?

පිළිතුර – 1980 ගණන්වල මා එංගලන්තයේ ඉන්න වෙලාවෙදි ඉදිරියට එන්නෙ ශීත කාලය. ඒ නිසා මගේ වයසෙ හැටියට ශීත කාලය හොඳ නෑ කියල මගේ හිතවතුන් කීප දෙනෙක් මතක් කළා. ඒ කියන්නෙ ඒ කාලයෙදි ලංකාවේ ඉන්න එක හොඳයි කියල. කොහොම වුණත් දවසක් එහි දොස්තර මහත්මයා මගේ ශරීරය පරීක්‍ෂා කර බලා මගෙන් වයස කීයද කියල ඇහුවා. මම ඉතින් වයස කීවා. මගේ නියම වයස කීවත් ඒ දොස්තර මහත්මයා පුදුමයට පත් වුණා. මම ඇසුවා ඇයි කියල. ඒ වෙලාවෙදි ඒ දොස්තර මහත්මයා කියනවා තරුණයකුගෙ හදවතකටත් වඩා හෘදය වස්තුව හොඳයි ශක්තිමත් කියල. ඉතින් එය, ඇහුවා ඇයි මෙහෙම හෘදය වස්තුව පිරිසුදු වෙන්න ශක්තිමත් වෙන්න මොනවද කරන්නෙ කියල. මා කිව්ව කවදාවත් දුම්බීල නෑ. කේන්ති ගැනීමක් නෑ. ඉවසීම තියෙනවා. සිත සැහැල්ලුවෙන් තියෙනවා. ඊට අමතරව තවත් කරුණු තියෙනවා කියල. ඒ කරුණු ටික මතක් කළාම ඒ දොස්තර මහත්මයා පුදුමයට පත්වුණා.

මම ඉගැන්වීම් කටයුතු කරපු කාලයේදීවත්, කවදාවත් කේන්ති අරගෙන නෑ. වරදක් දුටුවිට ඒ කාලයේ දී ගිහි පැවිදි කාටවුණත් කාරුණිකව කියල දෙනවා. සමහර විට සැර කළත් සිතේ කේන්තියක් තිබුණෙ නෑ.

ඉතින් පැවිද්ද කියන්නෙත් දීර්ඝායුෂ ලබන දෙයක් නේ. සිත සතුටින් සිටිනවා නම් හොඳයි නෙ. තරහ ගන්නවා කියන්නෙ ප්‍රෙෂර් එක වැඩි කර ගැනීමක්.

ප්‍රශ්නය – මහනායක හාමුදුරුවෝ මස් මාංශ හෙම වළඳනවාද?

පිළිතුර – කුඩා කල නම් අනුභව කරල තිබෙනවා දැන් නම් කාලාන්තරයක් තිස්සේ මස් කෑමක් නෑ. දීර්ඝායුෂයට ඒකත් එක හේතුවක් වෙන්න පුළුවන්.

ප්‍රශ්නය – දීර්ඝායු ලබන්න තවත් හේතු ඇති කියල සිතනවාද?

පිළිතුර - මොන සම්පත් තිබුණත් සිතේ සතුට ඇති කර ගෙන ආගමානුකූලව ජීවත් වෙනවා නම් දීර්ඝායු ලැබීමට එය හේතුවක් වෙනවා. සිත සැහැල්ලුවෙන් තියෙන්න භාවනා කරනවානම් හොඳයි. සිතේ සතුට ප්‍රධානයි.


සියල්ලට හේතුව පූර්ව කර්මය ද?

 

වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය ජූනි මස 07 වැනි දා සිකුරාදා අපරභාග 07.04 ලබයි.
08 වැනි දා සෙනසුරාදා අපර භාග 09.28 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 08 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
ජූනි 16 වැනි දා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූනි 08

First Quarterපුර අටවක

ජූනි 16

Full Moonපසෙලාස්වක

ජූනි 23

Second Quarterඅව අටවක

ජූනි 30


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]