UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගම්පළ රතනගල විහාරස්ථානය

ගම්පළ රතනගල විහාරස්ථානය

මහනුවර දිස්ත්‍රික්කයේ උඩ පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මනරම් කඳු මුදුනක පිහිටා ඇති ගම්පළ රතනගල විහාරස්ථානය ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩකි.

ගම්පළ කඩුගන්නාව මාර්ගයේ පිහිටා ඇති මෙම විහාරස්ථානය දෙස් විදෙස් සැදැහැවතුනට හා සංචාරකයන්ට වඩාත් පහසුවෙන් ළඟා විය හැකි පූජා භූමියකි.

උඩුනුවර උඩපළාත උප ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත අටබාගේ රතනජෝති නායක හිමියන් විසින් 1968 වර්ෂයේ දී මෙම විහාරස්ථානය අරඹන්නට යෙදුණි.


විහාරාධිපති බෝවල විමලධර්ම නා හිමි

උන්වහන්සේ 1998 වර්ෂය දක්වා විහාරාධිපති ලෙස කටයුතු කළහ. ඉන් අනතුරුව සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ උඩ පළාත ප්‍රධාන සංඝනායක බෝවල විමලධර්ම හිමියන් විහාරාධිපති ලෙස කටයුතු කරති. අද වන විට මේ විහාරස්ථානය විහාරයක තිබිය යුතු සියලුම විහාරාංගයන්ගෙන් සමලංකෘතව ඇත.

වසර 45 ක පමණ ඉතිහාසයක් ඇති රතනගල විහාරස්ථානය ඇසුරෙන් සිදුවන ආගමික, සාමාජීය මෙහෙවර අතිමහත්ය. ප්‍රදේශයේ ආගමික ප්‍රබෝධයක් ඇතිකරමින් මාසික ශීල භාවනා වැඩසටහන් පැවැත්වෙන අතර වාර්ෂික සදහම් චාරිකා ද සංවිධානය කෙරේ.

බොහෝ ජන සහභාගීත්වයක් සහිතව සිදු කෙරෙන ධර්ම දේශනාද සුවිශේෂි වෙයි. සෑම සෙනසුරාදාවකම බෝධි පූජා වැඩසටහන් පැවැත්වෙන අතර ජනතාව සදහම් මග ගමන් කරවීම උදෙසා විහාරවාසී භික්‍ෂූන් වහන්සේ කැප වී කටයුතු කරති.

රතනගල විහාරස්ථානයෙහි අනුශාසනා ලබමින් ක්‍රියාත්මක වන සුබසාධක සංගමය, බෞද්ධ සංගමය, ගම්පළ සිංහල වෙළෙඳ සංගමය මඟින් ඉටුවනුයේ ද ඉමහත් සේවාවකි. එම සංගම්වල සහභාගීත්වයෙන් ගම්පළ නගරය පුරා පසළොස්වක පොහොය දිනවල බෞද්ධාගමික වැඩසටහන් දියත් කෙරේ. මේ සියලු පුණ්‍ය කටයුතු සඳහා විහාරාධිපති බෝවල විමලධර්ම නාහිමියන් වෙතින් ලැබෙන අනුශාසනාවන් අතිශයින් අගය කළ යුතු වේ.

 

වෙසක් අමාවක පෝය

වෙසක් අමාවක පෝය ජූනි මස 07 වැනි දා සිකුරාදා අපරභාග 07.04 ලබයි.
08 වැනි දා සෙනසුරාදා අපර භාග 09.28 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 08 වැනි දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
ජූනි 16 වැනි දා
ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූනි 08

First Quarterපුර අටවක

ජූනි 16

Full Moonපසෙලාස්වක

ජූනි 23

Second Quarterඅව අටවක

ජූනි 30


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]